All entries by this author

සනත් ජයසූරිය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: සෝ ක්ලෝස්; සෝ ෆාර්

Dec 9th, 2016 | By
new-constitution2

1997 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වූ රොෂාන් මහානාම සහ සනත් ජයසූරිය දෙවන කඩුල්ල සඳහා වාර්තාගත සම්බන්ධයක් ගොඩනැගූහ. කාගේත් නෙත් සිත් යොමුව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා විසින් එංගලන්තයට එරෙහිව ටෙස්ට් ලකුණු 375ක් ලබමින් තබා තිබූ ලෝක වාර්තාව සනත් ජයසූරිය

[continue reading…]



නූරි වත්තේ අතකොටා ඇතුළු 18 කට මරණ දඬුවම: අතකොටා නඩත්තු කළ අය නිදහස්ද?

Nov 25th, 2016 | By
murder2

දැරණියගල, නූරි වතුයායේ කළමනාකරුට වදහිංසා සහ කුරිරු අමානුෂික දඬුවම් පමුණුවා මරා දැමීම පිළිබඳව චෝදනා ලැබ සිටි දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති (එක්සත් ජනතා නිදහස් සන්ධානයා අනිල් චම්පික විජේසිංහ හෙවත් අත කොට චූටි ඇතුළු විත්තිකරුවන් 18 දෙනෙකුට මරණීය දණ්ඩනය පැණවීමට මහාධිකරණය අද (නොවැ. 25 ) තීරණය කළාය. දැරණියගල, පිහිටි නූරි වත්ත දැන් කහවත්ත මෙන්ම ලංකාවේ දනන්

[continue reading…]



මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම සමග සාකච්ඡාව

Nov 11th, 2016 | By
ddd

මානව අයිතිවාසිකම් යනු අප සෑම කෙනෙකුගේම ජීවිතයට ඉතාමත් වැදගත් කරුණු සමුදායකි. ඒ අතරින්ද ඉතාම විශේෂ කොටස මූලික මානව අයිතිවාසිකම් ලෙස හඳුනාගනු ලැබෙයි. එය මහජනතාව වශයෙන් අප සතු පරමාධිපත්‍ය බලය ප්‍රකාශයට පත්වන එක් ආකාරයක්ද වෙයි. පුරවැසියකුට උරුම වන මූලික මානව අයිතිවාසිකම් මොනවාද යන්නත්, එම අයිතිවාසිකම් රාජ්‍යයේ විධායක හෝ පරිපාලන තීරණයක් මගින් කඩවීමට ලක්වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය

[continue reading…]



වම සහ රනිල්+ ආර්ථිකය: කොන්දේසි සහගත සහයෝගය සහ සංක්‍රාන්තික වැඩසටහන- මහාචාර්ය කුමා ඩේවිඩ්

Aug 21st, 2016 | By
12916804_1125418317501630_2450101191959643563_o

The Left and Ranil – economics Conditional support and a Transitional Programme by Kumar David This column has consistently approached Ranil’s economic outlook and programme with the acceptance that it is a frankly capitalist strategy. At this stage most people are not interested in all sorts of left-right theoretical debates or even questions of class

[continue reading…]



බඩ එන නිසා රෑට බත් කන එක නවත්වා ඉඳියාප්ප හැටක් විතර කෑම- අජිත් පැරකුම් ජයසිංහ

Aug 21st, 2016 | By
Ajith Perakum Jayasinghe

නිර්මාල් යෝජනා කරන රැඩිකල් ලෙස මාක්ස්වාදයෙන් ගැලවීම පටන් ගන්න හොඳ තැනක් තමයි වාමාංශිකයන්ගේ සන්නිවේදන විධි ක්‍රමය. වාමාංශිකයන්ගේ අසාර්ථකභාවයට එක් ප්‍රධාන හේතුවක් තමයි සන්නිවේදනය. වාමාංශිකයන්ගේ සන්නිවේදනය විසින් සමාජයේ සාධනීය වෙනස්කම් ඇති කරලා තිබෙනවාද? මෙතනදී විශේෂයෙන් ම සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් සංවර්ධනය කරන ලද චර්යා වෙනස්කම් අරමුණු කර ගත් සන්නිවේදන විධි ක්‍රමය ගැන අපි මොහොතකට හිතමු. වාමාංශිකයන්ටත් තමන්ගේ

[continue reading…]



ජනාධිපති එරාජ්ට සමාව දෙන්නට පෙර අපි ඔහුට සමාව දුන්නා- ජයතිලක බණ්ඩාර කුරුණෑගලදී

Aug 20th, 2016 | By
13938451_650090961815025_2271961873313334669_n

“එරාජ් ප්‍රනාන්දු අධිකරණයේදී දෑත එක් කර අපෙන් සමාව ඉල්ලූ විට ඒ දෑතට පහර දෙන්නට අපට බැහැ. අපි එදා ඔහුට සමාව දුන්නා. අප සමාව දුන් ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනතුරක් ලබා දීම අපට ප්‍රශ්නයක් නොවෙයි. අප ඔහුට සමාව දුන්නේ ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට සමාව දෙන්නට පෙරයි. ” යැයි ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර

[continue reading…]



යාපනේ කැම්පස් ප්‍රශ්නයේදී අනුරුද්ධ ප්‍රදීප් සහ අජිත් පැරකුම් එකම කාසියක දෙපැත්තද?

Jul 20th, 2016 | By
ddd

“යාපනය සිදුවීම පැහැදිලි කිරීමේ දී සිංහල ජාතිවාදීන්ගේ මෙන්ම සිංහල මධ්‍යස්ථවාදීන්ගේ ද ප්‍රවේශයේ නෛසර්ගික ගැටලුවක් තිබේ. එනම් ලංකාව යනු තනි රටක් යන්න ඔවුන්ට අනුව දෙන ලද යථාර්ථයකි. ප්‍රශ්න කල නොහැකි සත්‍යයකි. ඔවුන් කවර හෝ ප්‍රශ්නයක් විග්‍රහ කිරීමට ප්‍රවේශ වන්නේම ඉහත කී ‘දෙන ලද දිව්‍යමය සත්‍යය’ පූර්ව නිගමනයක් ලෙස දැඩිව ගනිමිනි. රූපික අර්ථයෙන් ලංකාව තනි රටක් බව

[continue reading…]



රනිල්ගේ පෙරළෙන ඉරණම..

Jul 20th, 2016 | By
1489113509ranil-mahinada

මේ ශතවර්ෂය ආරම්භයේදී මම දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ව සිටියෙමි. මගේ පෞද්ගලික මිත්‍රයෙකුවූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයෙක් කිසියම් රාජකාරි කටයුත්තකට මාතරට පැමිණි ගමනේ මා බලන්නටද පැමිණි අතර මම ඔහුට දිවා භෝජනය සඳහා ආරාධනය කළෙමි. දිවා භෝජනය අතරතුර මගේ මිතුරා දිගින් දිගටම ඡන්ද පරදින තම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගැන මැසිවිලි නගන්නට විය. “ඉතින්

[continue reading…]



යාපනය සරසවි ගැටුමේ පසුබිම සාමිනාදන්ගෙන් නොව නිරාන් අන්කටෙල්ගෙන් විමසමු!

Jul 17th, 2016 | By
Student attack 1

සමහරුන් සිතන්නේ අතීතයේ පැවති ගැටුම් සහ වෙනත් ඒ ආශ්‍රිත සිදුවීම් දෙමළ ජනයා විසින් කියවන්නේ ඔවුන්ටම පොදු වූ විශේෂිත විදියකට බවය. එමෙන්ම මේ අය තවදුරටත් කියන්නේ අතීතය සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ පවතින අවබෝධය සිංහල ජනතාවට සහ මුස්ලිම් ජනතාවට අතීතය සම්බන්ධයෙන් තිබෙන අදහසට සම්පූර්ණයෙන්ම වෙනස් බවයි. සැබැවින්ම දෙමළ ජනතාව තුළ මේ කියන පරස්පරතාවය පවතින්නේ සංක්‍රාන්තික යුක්තිය වශයෙන් ඔවුන්ට හිමිවිය යුත්තේ කුමක්ද කියන කාරණය පිළිබඳවය. සංක්‍රාන්තික යුක්තිය නමින් සිදුවන වැඩපිළිවෙළක් තමන්ට අදාළ වෙන්නේ කෙසේද යන්නත් එවැනි වැඩපිළිවෙළක් විසින් තමන්ගේ ප්‍රජාව තුළ ඉටු කරනු ඇත්තේ කුමක්ද යන්නත් සම්බන්ධයෙන් දෙමළ ජනතාව අතරම විශාල වශයෙන් එකිනෙකට වෙනස් අදහස් තිබේ.
එවැනි තත්ත්වයක් මධ්‍යයේ වුවද සමාජය තුළ මේ සම්බන්ධයෙන් සංවාදයක් ක්‍රියාත්මක වෙයි. අපිට මේ සංවාදය වගේම ඒ සංවාදය ඇතුළේ පවතින වඩාත් ප්‍රමුඛ අදහස් මොනවාද යන්නත් වෙන් කර දැක්වීමට පුළුවන.

දෙමළ ජනතාව අතරේ සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධයෙන් මේ තිබෙන විවිධාකාර මතවාද සියල්ලටම පාහේ පොදුවන එක මූලික මතවාදයක් තිබේ. ඉතිහාසයේ පටන්ම ඔවුන්ගේ ජාතියට බරපතළ අසාධාරණයක් සිදුවුණු බව දෙමළ ජනතාව ඉතා දැඩිව විශ්වාස කරති. තමන්ට සිදුවුණු මේ ඓතිහාසික අසාධාරණයන් ගැන කතාකිරීම දෙමළ ජනතාවගේ දෛනික සාකච්ඡාවන්වල කොටසක් වන තරමටම අතීතයේදී දෙමළ ජනතාවට සිදුවූ වැරදි ඔවුන්ගේ වර්තමාන ජීවිතයට බලපෑම් සහගත වී ඇත. තම දෛනික ජීවිතයේ කුමන හෝ සංවාදයක් අතරතුර මේ ලෙස අතීතය ගැන, අතීතයේදී තමන් මත මුදාහැරුණු අසීමිත ප්‍රචණ්ඩත්වය ගැන කතා නොකරන එකම දෙමළ පවුලක්වත් මේ ශ්‍රී ලංකාව තුළ නැති බව මගේ හැඟීමයි. ඔවුන් තුළ තිබෙන තමන්ට අසාධාරණයක් සිදුවුණාය යන විශ්වාසයත් සමගම ඈඳුණු තවත් අදහසක් නම් ශ්‍රී ලංකා රජය මේ හැම වරදක් සම්බන්ධයෙන්ම ඇස් කන් පියාගෙන නිහඬව සිටිමින් ඒ වැරදි සිදුවන්නට ඉඩහළ බවයි. දෙමළ ජන සමූහයන්ට එරෙහිව කෲරත්වය මුදාහැරෙද්දි, ඔවුන්ට විරුද්ධව දාමරිකකම් කරද්දි, ඔවුන්ට වෙනස්කම් සිදුකරද්දි රජය ඒවා නවත්තන්න කිසිම අර්ථවත් ක්‍රියාමාර්ගයක් නොගත් අතර, ඒ වෙනුවට එවැනි වැරදි කළවුන්ට දඬුවම් ලබා නොදී සිටීමේ හෙවත් නිර්මුක්ති සංස්කෘතියක් ඇති කිරීමට කටයුතු කළාය යන අදහස දෙමළ ජනතාවගේ සිත් තුළ තදින්ම පවතී. ඊළඟට මේ ජනතාව තුළ තම ආරක්ෂාව පිළිබඳව බරපතළ සැක සංකාවන් ඉතිරි වී තිබෙන අතර, ඒ සැක සංකාවන් මේ ජනතාවගේ දෛනික ජීවිතයේ තවත් එක කොටසක් බවට පත්ව ඇත.

සංක්‍රාන්තික යුක්තිය යන සංකල්පය අප හඳුන්වන්නේ අතීතයේ සිදුවූ වැරදි හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් පිළියම් සපයන ක්‍රියාමාර්ගයන් සමූහයක් ලෙසටයි. නමුත් යථාර්ථය නම් දෙමළ ජනතාව තුළ මෙන්ම මුස්ලිම් ජනතාව තුළත් අතීතය සම්බන්ධයෙන් ගැටලු‍වක් තිබෙනවාට අමතරව තවත් එවැනිම ගැටලු‍වක් වර්තමානය සම්බන්ධයෙනුත් පැවතීමයි. ඊයේ දිනයේ එහෙමත් නැත්නම් මීට වසරකට හෝ දශකයකට පෙර සිදුවුණු ඒ දාමරිකකම්, සැහැසිකම්, අවමන් සහගත සැලකීම්, ඒ වියරුව, ඒ තර්ජනයන් මේ සියල්ල අද, හෙට හෝ තවත් වසර කිහිපයක අනාගතයේදී නැවතත් සිදුවේවිද යන බිය මේ ජනතාව තුළ හැමවිටම ඉතිරිව තිබේ. දෙමළ ජනතාවගේ දේශපාලන අවකාශය තුළ මේ මොහොතේ පවතින පොදු මතය මෙයයි. 2015 ජනවාරි මාසයේ සිදුවූ වෙනස තුළින් සැබෑ වෙනසක් මෙතෙක් සිදුව නොමැති බව ඇතැම් අය ප්‍රකාශ කරනවා ඔබට සමහර විට අසන්නට ලැබිලා ඇත. විශේෂයෙන් සිවිල් සමාජ ක්ෂේත්‍රයේ ඇතැමුන් වරින්වර “තවමත් මේ කිසිවක් වෙනස්ව නැහැ, ඒ සියල්ල එසේම තිබෙනවා”. යන මතය ඉදිරිපත් කර තිබේ.
කිසිවක් වෙනස්ව නැහැ යන මතවාදය සමග මම මුළුමනින්ම එකඟ නොවුණත් අප විසින් තේරුම් ගත යුතු වන්නේ කිසිවක් වෙනස්ව නැහැ කියන්නේ යම්කිසි පැහැදිලි හේතුවක් ඇතිව බවයි. අතීතයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා, දාමරිකකම් ඒ වගේම අවමන් සහගත සැලකීම් කියන මේ තත්ත්වයන්ට හේතු වුණේ මොනවද? ඒ හේතු අදටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවතී. කිසිවක් වෙනස්ව නැහැ කියලා කියන්න මේ ඇතැමුන් පොළඹවා තිබෙන්නේ අන්න ඒ නොවෙනස්වුණු හේතු පිළිබඳව තිබෙන බියයි. මෙය බොහොම විශේෂිත කාරණයකි.



මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට ප්‍රහාරයක්! (තෙවන සංස්කරණය) හඩ පටය සහිතයි

Jun 2nd, 2016 | By
774453_10151736765614704_663491304_o

මීපුර ප්‍රාදේශීය පුවත්පතේ කර්තෘ ෆ්‍රෙඩී ගමගේ මහතාට මීට ස්වල්ප වේලාවකට ඉහත දී මීගමුව මහ නගර සභාව අසලදී හෙල්මට් සහ ජැකට් පැළැඳ පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පොලු ප්‍රහාරයක් එල්ල කොට ඇති බව වාර්තාවේ. ෆ්‍රෙඩී ගමගේ මහතා මාධ්‍ය නිදහස පිළිබඳ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරුවෙකුද වේ. මේ සම්බන්ධයෙන් ෆ්‍රෙඩී ගමගේ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ‘සමබිම’ ට හැකිවූ අතර

[continue reading…]