Today Lead News

ලක්ෂාන් නැති කිරීම වෙනුවට ලක්ෂාන්ට නඩු නැති කිරීම

Jun 24th, 2017 | By
Capture

ආගම් සහ ජාතිවාදයට එරෙහිව සංකල්පීය තලයේදී දක්වන අදහස්වලට තරහ නොයන ගොඩක් දෙනෙකුට නීතිඥ ලක්ෂාන් ඩයස් අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් තරහ ගොස් සිටිනු දක්නට ලැබිණ. අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ යනු මෙහි ජනප්‍රිය ප්‍රකාශකයෙක් පමණි. ලක්ෂාන් කළේ බොරු ප්‍රකාශයක් බව පැවසීමට හදිසි කලබලයක් ඇති වූ අතර කාදිනල් මැල්කම් රංජිත් හිමිගේ ප්‍රකාශයක් ඇසුරින් එය

[continue reading…]



ප්ලාස්ටික් හාල් සහ Media බෝල

Jun 21st, 2017 | By
#75 SAMABIMA- 2017-June-1

“ඇමති මණ්ඩලය වෙනස් කළ ආකාරය විද්‍යාත්මක නැහැ කියලා ඇතැමුන් කියනවා. එයින් වැඩි දෙනකු ඒකාබද්ධ විපක්ෂයේ. ටික දෙනකු ආණ්ඩු පක්ෂයේ. ජනමාධ්‍යයේ පඬියනුත් එය විද්‍යාත්මක නැහැ කියලා කියනවා. මට නම් තේරෙන්නෙ නැහැ මේ විද්‍යාත්මක නොවීම කියන්නේ මොකක් ද කියලා. ඒ කියන අය අතර විද්‍යාඥයන් නැති බව මා දන්නවා. ඒ ලංකාවෙ විද්‍යාඥයන් නැති නිසයි. ඒ වුණත් ජනමාධ්‍ය පඬියන්

[continue reading…]



ලක්ෂාන්ට එරෙහි අධිකරණ ඇමතිගේ ප්‍රකාශය හෙළා දකිමු..!

Jun 20th, 2017 | By
Lakshan-Dias-300x295

සමබිම පලකරන රයිට්ස් නව් සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු  වන නීතිඥ ලක්ෂාන්  ඩයස් මහතා ඉලක්ක කොටගෙන අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් සිදු කල තර්ජනයට එරෙහිව ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය විසින් නිකුත් කළ නිවේදනයට ලංකාවේ සිවිල් සමාජ සංවිධාන සහ පුද්ගලයන් රැසක් එකගතාවය පළ කර තිබුණි. මේ එම නිවේදනයයි. 2017 ජුනි 19 මානව හිමිකම් ආරක්ෂක සහ නීතිඥ ලක්ෂාන්

[continue reading…]



අපි අනාගමිකයි..! එජාපයෙන් කොන්ද පණ ඇති නිවේදනයක්

Jun 20th, 2017 | By
Malik-Samarawickrama

ආගම , දේශපාලකයන් විසින් තක්කඩි ලෙස තම තමන්ගේ ඡන්ද ගොඩවල් ලොකු කර ගැනිම වෙනුවෙන් පාවිච්චි කෙරෙන සමයක එක්සත් ජාතික පක්ෂය අද දින  නිකුත් කළ නිවේදනයකින් තම පක්ෂය අනාගමික පක්ෂයක් බව නිවේදනය කර තිබේ. ආගම අබිං යැයි කියන සිය ශාස්තෲවරයාගේ ඉගැන්වීම පවා නොසලකා හැර මේ රටේ වර්තමාන වාමාංශික පක්ෂ පවා ආගම දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නා බව

[continue reading…]



ඒජන්ට් ස්මිත් සහ නියෝ අතර අරගලය හෙවත් සැකකරුවෙකුට නීතිඥ සහය ලබාගැනීමේ අයිතිය

Jun 19th, 2017 | By
LAWYER2-articleLarge

ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුණු හොලිවුඞ් චිත්‍රපටයක් වන “ද මැට්‍රික්ස්”‍ චිත්‍රපටියේ මිස්ටර් ඇන්ඩර්සන් යනු පරිගණක මෘදුකාංග සමාගමක සේවය කරන වැදගත් නීතිගරුක පුරවැසියෙකි. නමුත් රාත්‍රී කාලයේදී ඔහු නියෝ යන ආරූඪ නමින් පෙනී සිටින කොම්පියුටර් හැකර් කෙනෙකි. ලෝකය පාලනය කරන යන්ත්‍රවලට එරෙහිව කැරළි ගසන කණ්ඩායමක නායකයෙකු වන මෝෆියස් නියෝ සමග සම්බන්ධතාවයක් ඇති කර ගනියි. මේ බව

[continue reading…]



රට ගිනි තියන අයට එරෙහිව නීතිමය පියවර ගන්න

Jun 16th, 2017 | By
140616225250-sri-lanka-aluthgama-1-horizontal-large-gallery

  මානව හිමිකම් කොමිසම ජනපතිගෙන් ඉල්ලයි මුස්ලිම් ප්‍රජාව සහ අනෙකුත් සුළුතර ආගමිකයන් ඉලක්ක කොටගත් වෛරී සහ ප්‍රචණ්ඩකාරී කථන ප්‍රචාරයට පොළඹවන්නන්ට හා ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නන්ට විරුද්ධව අවශ්‍ය සියලු‍ම පියවර ගන්නා ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට සහ පොලිස්පතිවරයාට කඩිනම් නියෝග නිකුත් කරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය විසින් ජනාධිපති මෛත්‍රීපාල

[continue reading…]



මහින්දට එදා ඕන වුන GSP ප්ලස් අද එපා වුනේ අැයි ?

Jun 14th, 2017 | By
1466149506_773339_hirunews_GSP

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් GSP + සහනය ලංකාවට ලැබිම සම්බන්දයෙන් පසුගියදා නිකුත් කරන ලද නිවේදනයට   පිළිතුරු සැපයිමක්  අද (14) දින උදැසන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වේළද සේවයේ විකාශන වු සුභාරති වැඩසටහනට සහභාගි වු අමාත්‍ය දයා ගමගේ  නියෝජ්‍ය අමාත්‍ය  එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රි විජයපාල හෙට්ටිඅාරච්චි සහ නිතිඥ සුදර්ශණ ගුණවර්ධන යන අය විසින්

[continue reading…]



හරි විදියට තොරතුරු ලබා ගන්නෙ මෙහෙමයි

Jun 12th, 2017 | By
law

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ව්‍යවස්ථාවේ ප්‍රකාර තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය බලාත්මක කිරීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත 2016 අගෝස්තු 04 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී. තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති මහජන සම්බන්ධව විධිවිධාන සැලසීම හා පනතේ පූර්විකාවේම සඳහන් පරිදි මහජනතාවට යහපාලනය සඳහා වැඩි ඉඩහසර ලබා දෙන සක්‍රීය පුරවැසි සමාජයක ප්‍රවර්ධනය

[continue reading…]



බ්‍රිතාන්‍ය මැතිවරණය: චම්පිකලාට වැරදුණාවත්ද?

Jun 9th, 2017 | By
ee91779a388a9bcce658278c5b15b57930ea9401

තෙරේසා මේ අගමැතිවරිය බ්‍රිතාන්‍යයේ හදිසි මැතිවරණයක් පැවැත්වුයේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීම සම්බන්ධ සාකච්ඡා පැවැත්වීම සඳහා වැඩි බලයක් ලබාගැනීමටයි.එනමුත් දැනට නිකුත්වී ඇති ප්‍රතිඵල අනුව තවත් අසන තුනක ප්‍රතිඵල නිකුත්වීමට තිබියදී කොන්සවැටිව් පක්ෂයට ආසන 316 (2015-331) ක්ද කම්කරු පක්ෂයට ආසන 261 (2015-232)ක්ද ස්කොට්ලන්ත ජාතික පක්ෂයට ආසන 35  (2015-56)ක්ද වාර්තාවී ඇත. කොන්සවැටිව් පක්ෂයට 2015 මැතිවරණයට සාපේක්ෂව ආසන 15ක

[continue reading…]



අලු‍ත් ව්‍යවස්ථාවට මූලික යුතුකම් පරිච්ඡේදයක් ?

Jun 9th, 2017 | By
Capture

අලු‍ත් ව්‍යවස්ථාවට මූලික යුතුකම් පරිච්ඡේදයක් එකතු කරමු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම   අත පය වකුටු කරගෙන නිදා සිටි ගැමුණු කුමාරයා තම මවට ඒ ගැන හේතු පැහැදිලි කළේ “තමන්ට දෑත දෙපය දිග හැරීමට නොහැක්කේ උතුරෙන් හැඩි දෙමළු සහ දකුණෙන් ගොළු මුහුද නිසා”‍ ය කියමින් බව වංශ කතාකරු කියයි. වර්තමාන ශ්‍රී

[continue reading…]