PRESS RELEASE

හම්බන්තොට වරායේ සිදුවීම දෙස පුළුල්ව බලන්න

Dec 15th, 2016 | By
dsc_0555

වෘත්තිය වෙබ් මාධවේදීන්ගේ සංගමය, නිදහසේ වේදිකාව, විදියේ විරෝධය, පුරවැසි බලය ක්‍රියාධරයන්ගේ සභාගීත්වයෙන් හම්බන්තොට වරාය දී සිදුවූ සිදුවීම පිළිබද මාධ්‍ය සාකච්ඡාවක් අද (දෙසැම්බර් 14 දින ) පැවැත්විය. ෆෙඩී ගමගේ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ගාමිණි වියන්ගොඩ, ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න, සමන් රත්නප්‍රිය, බ්‍රිටෝ ප්‍රනාන්දු මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළකරන ලදි. විශේෂයෙන්ම මෙහිදී මෙම සිදුවීමේ පුළුල් පිංතුරය දෙස බලා විග්‍රහ

[continue reading…]



මැතිවරණ අවභාවිතාවන් සහ වංචා සම්බන්ධයෙන් නීතිඥ එකමුතුව සිය බිය ප්‍රකාශ කරයි

Dec 12th, 2014 | By
LC

නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වී සිටින නීතිඥ එකමුතුව එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සිදු කරමින් සිටින මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වල මට්ටම නිසා කම්පනයට පත් වී සිටී. රාජ්‍ය දේපළ, පොලීසිය සහ ආරක්ෂක අංශ මැතිවරණ සදහා යොදා ගැනීම, අල්ලස් දීම සහ ඡන්ද දායකයින්ට (රාජ්‍ය සේවකයින්ද ඇතුළුව) විවිධ සැලකිලි දැක්වීම

[continue reading…]



මෙන්න ආණ්ඩුව හොරෙන්ම යුද අපරාධ ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් පටන් අරගෙන- එක්සත් ජාතික පක්ෂය කියයි

Jul 22nd, 2014 | By
UNPPP

ලංකාවේ ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර පැවති යුද්ධයේ අවසන්භාගයේදී යුද අපරාධ සිදුවූ බවට ජාත්‍යන්තර ප්‍රජාව වීතින් චෝදනා එල්ලවූ අවස්ථාවේදී ලංකාවේ හමුදාවන් අ තින් කිසිදු මානව හිමිකම් උල්ලංඝනයක් සිදු නොවූ බවත්, කිසිදු ආකාරයක ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයක දීම එම ප්‍රකාශ කළත්  දැන් තත්ත්වය කණපිට පෙරලී තිබේ යැයිද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ

[continue reading…]



රාජ්‍ය නොවන සංවිධාන වෙත එල්ල වන බලපෑම් හා තර්ජන ගැන සිවිල් සමාජ සාමුහිකය කතා කරයි

Jul 9th, 2014 | By
dd11

 ශ‍්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන වෙත පැවරී ඇති වගකීම් හා සමාජ කාර්යභාරය ඉටුකිරීම පසුගිය වසර කිහිපයක සිට විවිධ තාඩන පීඩන මධ්‍යයේ සිදු කළ යුතු දැඩි අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව තිබෙන බව සිවිල් සමාජ සාමූහිකය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. එම නිසාවෙන් සිවිල් සමාජ වගකීම හා කාර්යභාරය දුර්වල කිරීමට ගනු ලබන උත්සාහයන් හා බලපෑම්වලට

[continue reading…]



විපාක්ෂික කලාකරුවන්ට තහංචි පැනවීම හෙළා දකිමු

Feb 14th, 2014 | By
fmc

මෙවර මාර්තු මස 29 පැවැත්වෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සදහා විපක්ෂ දේශපාලන පක්ෂය වලින් ඉදිරිපත් වී ඇති කලාකරුවන්ට එල්ල වී ඇති බලපෑම් හා තහංචි පිළිබද නිදහස් මාධ්‍ය ව්‍යාපාර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තම බලවත් විරෝධය පළ කරයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනිල් ජයසේකර හා එහි ලේකම් කුමාර අලගියවන්න යන මහත්වරුන්ගේ අත්සනින් යුතු සම්පූර්ණ මාධ්‍ය නිවේදනය

[continue reading…]



ජිනීවා ගැන UNPය කතා කරයි

Feb 13th, 2014 | By
pr

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්, සැමට පිළිගත හැකි, අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාව වසර කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකා රජයට අවධාරණය කරමින් සිටී.   එළැඹෙන මාර්තු මාසයේදී ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදීද  දැඩිව අවධානයට ලක්වීමට නියමිතයි. මේ සමබන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් කියවන්න. “දේශපාලනඥයන්, සුළු පිරිසකගේ අත්තනෝමතික හැසිරීම් සම්බන්ධයෙන්

[continue reading…]



මෙය කලා ප‍්‍රදර්ශනයක් නොවේ – චන්ද්‍රගුප්ත තේනුවරගේ ‘සුන්දරකරණය’ ගැන.

Sep 20th, 2013 | By
ch1

සෞන්දර්ය අධිනිශ්චිත භාෂාවකින් කියන්නේ නම් චන්ද්‍රගුප්ත තේනුවරගේ ‘සුන්දරකරණය’ ප‍්‍රදර්ශනය අමුය. එහෙත්, ඒ අමු බවට වගකිවයුත්තේ කලාකරුවා නොව සමාජයයි. ‘කලා කෘතියක්’ නිර්මාණය කිරීම වෙනුවට තේනුවර කර ඇත්තේ ගෘහනිර්මාණ ශිල්පියකුට සමාන්තරව අවකාශ සංවිධානයක්ය. පශ්චාත් යුද ලංකාවේ නගර අලංකරණයේ උත්කර්ෂිත අංගයක් වූ Jogging Tracksඔර්ජනි මෙවර තේනුවරගේ තේමාවය. එක් අතකින් එය අල්පෝක්තිකවාදී (Minimalistic)ප‍්‍රකාශනයකි. තේනුවරට කියන්නට කිසිවක් නැත. ලයනල් වෙන්ඞ්ට්

[continue reading…]



රට මිලිටරිකරණයට – ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය අනතුරු අගවයි

Aug 5th, 2013 | By
e43

වැලිවේරිය මහජන උද්ඝෝෂණයට හා එය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂක හමුදාව විසින් සිදුකරනු ලැබූ ම්ලෙච්ඡ ප්‍රහාරය ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය තරයේ හෙළාදකී. පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයක් මුල්කරගෙන වැලිවේරිය ප්‍රදේශයේ පැවැති මහජන උද්ඝෝෂණයක් වාර්තා කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා ජනමාධ්‍යවේදීහු රැසක්ම එම ප්‍රදේශයට ගොස් තිබිණ. එම අවස්ථාවේදී අදාළ ප්‍රදේශයේ හමුදා සෙබළුන් ස්ථානගත කිරීමෙහි නියුතු වූ හමුදා නිළධාරියෙක්

[continue reading…]



රතුපස්වල අමානුෂික ක්‍රියාවට අණ දුන්නේ නව යුධ හමුදාපතිවරයාද? එසේත් නැතිනම් වෙනත් සුපිරි බලධාරියෙක්ද?

Aug 3rd, 2013 | By
tt

“මේ ආණ්ඩුව  ජාතියේ මුර දේවතාවන් වූ රණවිරුවන්ව  නාකි සුද්දියන්ට පොකිරිස්සන් තම්බන්නට යොදා ගැනීමෙන් නොනැවතී ඔවුන් තමන්ගේම නිරායුධ පුරවැසියන්ට වෙඩි තබන මිනීමරුවන් පිරිසක් බවට පත්කර තිබේ.  එබැවින් රණවිරුවන් අපකීර්තියට පත්කරන්නේ මේ රාජපක්ෂ රෙජීමයම මිස’ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටයට දායක වූ කලාකරුවන් නොවන බව දැඩි ලෙස අවධාරණය කරමි. ..” බොන්නට වතුර ටිකක් ඉල්ලූ අහිංසක ජනතාවට හිත් පිත් නැති උණ්ඩ වරුසාවකින් පිළිතුරු දුන් රාජපක්ෂ රෙජීමය, මේ ලෝකයේ මෙතෙක් පහළ වූ පහත් සහ

[continue reading…]



I T N ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි

Jul 17th, 2013 | By
gaminiv

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බලය බෙදීම සහ සුළුතර ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් අපවාදයට ලක්කිරීම කාලයක් තිස්සේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සිදු කරමින් යන අතර මෑත කාලීනව එහි ගොදුර බවට පත්කරගෙන ඇත්තේ විකල්ප අදහස් දරන්නෙකු සහ ප්‍රකට සාහිත්‍යධරයෙකු වන ගාමිණී වියන්ගොඩ මහතාය. මේ  ඊට එරෙහිව රටේ ප්‍රකට සමාජ ක්‍රියාධරයන් පිරිසක් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි.

[continue reading…]