සුදර්ශන ගුණවර්ධන

පණ්ඩිතයා නොවී “සමබිම” කරගෙන යන්න!

Jul 4th, 2017 | By
dreamstime_s_44098030

ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියෙකුගෙන් මගේ දුරකථනයට ඇමැතුමක් ලැබිණි. “මොකද ඔයා “සමබිම” නවත්වන්න යන්නෙ?” ඔහු මගෙන් විමසුවේය. මම පසුගිය කලාපයේ කතුවැකියෙහි අඩංගු වූ කරුණු ඔහුට පැහැදිලි කරන්නට උත්සාහ කළෙමි. “සමබිම” ආරම්භයේ සිටම කියවන සහ ඒ ගැන ප්‍රතිචාර දක්වන එකී රාජ්‍ය නිලධාරියා මට මෙසේ කීවේය: “මල්ලි, ඔයා පණ්ඩිතයා වෙන්නෙ නැතුව පත්තරේ දිගටම කරගෙන යන්න. අපි උදව් කරන්නම්!”.

[continue reading…]



පැරණි රෙජීමයේ දෘෂ්ටිවාදය තවමත් පරාජය වී නැහැ 

Jul 4th, 2017 | By
dd

”සිවිල් සමාජය දැන් ගතකරන්නේ පහුගිය රජයේ පාලන කාලයටත් වඩා අසීරු කාලයක් බව අපේ සමහරු කියනවා. එක ආකාරයකට බැලුවොත් එහි ඇත්තක් ද තියෙනවා. එළැඹී තිබෙන නව වාතාවරණය තුළ කටයුතු කළ යුතු ආකාරය සූත්‍රගත කිරීම අපහසු විය හැකියි. පසුගියදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මට භාර දුන්නා. ඒ අවස්ථාවේදී

[continue reading…]



මානව හිමිකම් රැකීමේ ප්‍රතිලාභ යුරෝපීයන්ට නොව අපටමය!

Jul 3rd, 2017 | By
colsudarshana-1144540140_5729028_23062017_RTW

ශ්‍රී ලංකාවේ වත්මන් රජය යටතේ ජීඑස්පී ප්ලස් බදු සහනය දෙන්නේ කිසියම් කොන්දේසි ප්‍රමාණයකට යටත්වය, යන්න අවස්ථාවාදි දේශපාලනය ජනිත කළ එක්තරා අන්දම මිථ්‍යාවකි. මෙහි සරල අදහස වන්නේ යුරෝපා සංගමය අපට ලබාදෙන කොන්දේසිවලට යටත්ව ක්‍රියා කළොත් පමණක් මේ බදු සහනය ලැබේය යන්නය. ඇතැමුන් එලෙස පැනවූ කොන්දේසි පිළිබඳ අදහස් දැක්වීමේදී සමලිංගික විවාහ පිළිගැනීම, ගණිකා වෘත්තිය නීතිගත කිරීම, ත්‍රස්තවාදය

[continue reading…]



ජී එස් පී ප්ලස් කුහක කතා සහ ඇත්ත කතා

Jul 3rd, 2017 | By
featxx

උද­ාහරණය වන්නේ ඉන්දියානු සමාගමක් වන හීරෝ සමාගමය. අපේ රටේ වැඩිදෙනා දන්නේ හීරෝ හොණ්ඩා යැයි කියු විටය. අප රටට බොහෝ සෙයින් පැමිණෙන්නේ හිරෝ හොණ්ඩා යතුරු පැදිය. නමුත් මෙහි මුල් සමාගම යතුරු පැදි නිපදවන සමාගමක් නොව, පාපැදි සමාගමකි. මේ අය ලංකාවට පැමිණ වී.එච්.එස්. නමින් බියගම ප්‍රදේශයේ පවතින පාපැදි සමාගමකට ආයෝජනය කළේය. ඒ සඳහා ඔවුන් පැමිණියේ 2016 මුල්

[continue reading…]



සුදර්ශන ගුවන්විදුලියට ගියේ ඇයි ? (වීඩියෝ)

Jun 21st, 2017 | By
dd

සුදර්ශන ගුණවර්ධන ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වරයා වශයෙන් ඊයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ආයතනයේ සේවක සේවිකාවන් හමුවේ තමන් මේ නව තනතුර භාරගැනීමේ හේතුව පැහැදිලි කළේය. මේ එම අවස්තාවයි.



සුදර්ශන,ගුවන්විදුලියේ මුල් පුටුවට

Jun 19th, 2017 | By
ිිිි

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නිතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතා පත්කර තිබේ. වෘත්තියෙන් නිතිඥයෙකු වන ඔහු රයිට්ස් නව් නමැති ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රචලිත කිරිම සදහා වන සිවිල් සමාජ සිංවිධානය පිහිටුවිමේ පුරෝගාමියෙකු සහ ඒහි විධායක අධ්‍යක්ෂවරයා ද වේ. ඊට පෙර ඔහු ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් අාරක්ෂා කිරිමේ ව්‍යාපාරයේ ප්‍රධානත්වය දැරිය  නිදහසේ

[continue reading…]



අලු‍ත් ව්‍යවස්ථාවට මූලික යුතුකම් පරිච්ඡේදයක් ?

Jun 9th, 2017 | By
Capture

අලු‍ත් ව්‍යවස්ථාවට මූලික යුතුකම් පරිච්ඡේදයක් එකතු කරමු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම   අත පය වකුටු කරගෙන නිදා සිටි ගැමුණු කුමාරයා තම මවට ඒ ගැන හේතු පැහැදිලි කළේ “තමන්ට දෑත දෙපය දිග හැරීමට නොහැක්කේ උතුරෙන් හැඩි දෙමළු සහ දකුණෙන් ගොළු මුහුද නිසා”‍ ය කියමින් බව වංශ කතාකරු කියයි. වර්තමාන ශ්‍රී

[continue reading…]



සමාජ ආර්ථික අයිතිවාසිකම් විවාදය_අපි සිංහලෙන් ලියන්නේ ඇයි?

Jun 5th, 2017 | By
130981

“සමබිම”‍ සහ එය පළ කරන රයිට්ස් නව් කලෙක්ටිව් ෆො ඩිමොක්‍රසි සංවිධානය මානව අයිතිවාසිකම් සාර්වත්‍රික බවද, ඒවා එකිනෙකින් වෙන් කළ නොහැකි බවද, එකිනෙක මත රඳා පවතින බවද පිළිගනී. ඒ අනුව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම්ද මනුෂ්‍යයාගේ අනුල්ලංඝනීය අයිතිවාසිකම් බව පිළිගනී.  විවාදය පවතින්නේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම්  පිළිගැනීම පිළිබඳව නොවේ.

[continue reading…]



මංගල සහ රවී

May 25th, 2017 | By
Screenshot 2017-05-25 13.37.11 (905 x 637)

සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් සංශෝධනය සිදුවී අවසන්ය. කිසිදු ඇමැතිවරයෙකු ඉවත් කිරීමක් සිදුනොවූ අතර සිදුවූයේ ඇමැතිවරුන්ගේ විෂය පථය එකිනෙකා අතර මාරුවීම පමණකි. මේ අතරින් වඩාම කථාබහට ලක්වූයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන දෙදෙනාට අදාළ අමාත්‍ය පදවි වෙනස්වීම පිළිබඳවය. රවීගේ මුදල් ඇමැතිකම මංගල වෙත පිරිනැමුණු අතර එයට ජනමාධ්‍ය විෂයද එකතු

[continue reading…]



අන්තිමේදී GSP + ලංකාවට ලැබේ: යුරෝපා සංගමය ඇත්තටම කිව්වේ මොනවාද?

May 16th, 2017 | By
garments1

”සමබිම” වෙබ් අඩවිය වෙනුවෙන් විශේෂයෙනි ජී එස් පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලැබෙන බව යුරෝපා සංගමය නිවේදනය කළාය. ඒ අනුව යුරෝපා සංගමය වෙත ඇතුළු වන ශ්‍රී ලාංකික නිෂ්පාදිත භාණ්ඩ සඳහා දැනට අයකෙරෙන ආනයන බදු හෙවත් තීරු බදු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කෙරෙනු ඇත්තේය. ඒ වෙනුවෙන් යුරෝපා සංගමය පෙරළා කිසිදු ලාභයක් බලාපොරොත්තු වන්නේ නැත. මෙම

[continue reading…]