sunday1

ඊනියා විදුලි පුටුව තාවකාලිකව ක්‍රියා විරහිත කර ඇත

Mar 7th, 2014 | By
ech

සුදර්ශන ගුණවර්ධන ඇමරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් ලංකාව පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන තුන්වන යෝජනාවේ ප්‍රථම කෙටුම්පත මේ වන විට නිකුත්ව ඇත. එම කෙටුම්පත මගින් ලංකාවේ ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයම – එනම් ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය – විසින් සිදුකරන ලදැයි චෝදනා ලැබ ඇති උල්ලංඝනයන් පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා යෝජනා කරයි. කෙසේ

[continue reading…]



ජිනීවාවල එහෙම වෙන කොට ලංකාවේ මෙහෙම වෙන්නෙ ඇයි?

Feb 28th, 2014 | By
r23

සුදර්ශන ගුණවර්ධන තව දින කිහිපයකින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වීමට නියමිතය. මෙවර සැසිවාරයේදී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් මීට පෙර පිට පිට දෙවතාවක් ඇමරිකාවේ අනුග්‍රාහකත්වයෙන් (2012 සහ 2013 වසරවල) ගෙන එන ලද යෝජනා සම්මතයන් ක්‍රියාත්මක කිරීමෙහිලා ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය විසින් සමාලෝචනය කිරීමට නියමිතය. ඒ සඳහා පදනම්

[continue reading…]



ජාත්‍යන්තර කුමන්ත්‍රණ කථාව මිථ්‍යාවක්: ස්වෛරීභාවය රැකගත හැක්කේ ජාත්‍යන්තර සම්මුතීන්වලට ගරු කිරීමෙනි

Feb 21st, 2014 | By
lal

මහනුවරදී පැවති ‛සමබිම’ පාඨකයන්ගේ ජාතික සමුළුවේදී අධිනීතිඥ ලාල් විජේනායක කියයි ලංකාව වැනි කුඩා රටක ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීමට හැකිවන්නේ අප විසින් බැඳී සිටින ජාත්‍යන්තර සම්මුතීන්වලට ගරුකිරීමෙන් පමණක් බව ‛ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානයේ කැඳවුම්කරු අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කරයි. ලාල් විජේනායක මහතා එසේ ප්‍රකාශ කළේ පෙබරවාරි 14 සහ 15 දිනවල මහනුවරදී පැවැති ‛සමබිම’ මාසික පුවත්පතේ පාඨකයන්ගේ

[continue reading…]



ජාත්‍යන්තර බලපෑම වළක්වන්න බැරි ඇයි?

Jan 24th, 2014 | By
mahindaa

නිසි වගවීමේ රාමුවක් තුළට ශ්‍රී ලංකා රජය ගෙන ඒමේ ජාත්‍යන්තර ප්‍රජාවේ වෑයම ප්‍රති-අර්ථගැන්වී ඇත්තේ ජනාධිපතිවරයාත් සෙසු ආණ්ඩු ප්‍රධානීනුත් කොටි සංවිධානය පරාජය කිරීමේ වරදට දංගෙඩිය වෙත ගෙනයාමට ජාත්‍යන්තරය විසින් දරන වෑයමක් ලෙසය. දශක 03ක යුද්ධය නමැති ඵලයට ආරම්භය දුන්නේ ජනවාර්ගික අර්බුදය නම් ගැටළුව විසින්ය. ඒ ගැටළුවට දිය හැකි හොඳම විසඳුම නම් සුළුතර වාර්ගිකයන් සමඟ දේශපාලන බලතල

[continue reading…]



2014 – ආණ්ඩු වෙනසක්ද ? පාලන ක්‍රමයේ වෙනසක්ද ?

Jan 10th, 2014 | By
mm

[ආචාර්ය ජෙහාන් පෙරේරා] ලෝක අපරාධ යුක්තිය පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති (US Ambassador for Global Criminal Justice) අපරාධ යුක්තිය පිළිබඳ ගෝලීය ආයතනයේ එක්සත් ජනපද නිත්‍ය නියෝජිත ස්ටීවන් ජේ. රැප් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මීළඟ සතියේදී සිදුවනු ඇත. සිය සංචාරය අතරතුරදී මෙරට දේශපාලන නායකයන් මෙන්ම ප්‍රධාන පෙළේ සෙසු මතවාද නියාමකයන් ද හමුවී සාකච්ඡා කරන්නට තානාපතිවරයා කටයුතු කරනු

[continue reading…]



ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පෙරට ගැනීම සිවිල් සමාජයේ වගකීමයි

Jan 10th, 2014 | By
dr4

[සුදර්ශන ගුණවර්ධන] විපක්ෂයේ එක්තරා දේශපාලනඥයෙක් පසුගියදා පැවැති සුහද කථා බහකදී ප්‍රකාශ කළේ ‛අවුරුදු ගණනාවක් එක දිගට විපක්ෂයේ සිටීම නිසා එය තමන්ට නීරස වී හෙවත් එපා වී ඇති’ බවයි. දැන් විපක්ෂයේ ඉතිරිව ඇති බොහෝදෙනා වනාහි කිසියම් කාලයක් ආණ්ඩුව තුළ බලතල හොබවා, නැවත කෙටි කාලයකින් එම බලය අත්පත් කරගැනීමේ අරමුණෙන් බලය අත හරින ලද පිරිසකි. මෙය එක්සත්

[continue reading…]



වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්

Dec 6th, 2013 | By
2

[සුදර්ශන ගුණවර්ධන ප්‍රබෝධ චින්තක රත්නායක] නොවැම්බර් 25 වනදා සන්ධ්‍යාවේ කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ වී කනත්ත වටරවුම දක්වා පෙළපාළියෙන් ගමන් කළ සංවිධානගත වූ මෙන්ම සංවිධානගත නොවූ කාන්තාවෝ විශාල පිරිසක් කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට තම විරුද්ධත්වය පෑහ. පොලිස් අණ නොතකා පාරේ වැරැදි පැත්තෙන් මෝටර් බයිසිකල පැදවූ කාන්තාවෝ පොලීසිය සමඟ ගැටෙමින් සිවිල් නීති කඩ කරමින් කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක

[continue reading…]



වෙසක් බලන්න වගේ ඇවිද ගොස් වෙනසක් සඳහා ඡන්දය දීම-නේපාල මැතිවරණ නිරීක්ෂණ අත්දැකීම්

Nov 30th, 2013 | By
npe

[ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු] පීපල්ස් සාර්ක් එකතුවේ සහ දිළිඳුකම පිටු දැකීම සඳහා වන දකුණු ආසියානු ජනතා සන්ධානයේ සමාජිකාවක් වශයෙන් නේපාලයේ දේශපාලනය සමඟ සමීප ඇසුරක් නිරන්තරයෙන් පවත්වාගෙන යන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මෙවර නේපාල මැතිවරණය නිරීක්ෂණය සඳහා තෝරාගත් ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකාවක් විය. ඇගේ නේපාල මැතිවරණ නිරීක්ෂණ අත්දැකීම් ‛සමබිම’ වෙනුවෙන් මෙසේ සටහන් විය. නේපාලයේ ව්‍යවස්ථාදායක කවුන්සිලය සඳහා පවත්වන

[continue reading…]



ජාතිවාදය පැරදෙනවාට ඇත්තටම බය කවුද?

Nov 22nd, 2013 | By
GT

චෝගම් හෙවත් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වීම මගින් ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය යහපත් කරගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වූ බව පෙනෙන්නට තිබිණි. නමුත් සමුළුව අවසන් වූයේ තිබුණු තත්ත්වයටත් වඩා ජාත්‍යන්තර ප්‍රතිරූපය නරක් වීමෙනි. එසේ වූයේ කාපට් පාරවල් සහ අළුතෙන් රතු ගඩොල් ඇල්ලූ පේමන්ට් දෙස පමණක් නොව ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, යහ පාලනය වැනි

[continue reading…]



සමුළු දෙකක කථාව: නිල මහජන සමුළුව සහ විකල්ප මහජන සමුළුව

Nov 15th, 2013 | By
2222

වසර දෙකකට වරක් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව 2013 වසරේදී පැවැත්වෙන්නේ ලංකාවේදීය. බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයෙන් මිදී ස්වාධීනත්වය ලබාගත් රටවල එකතුවක් ලෙස බිහිවූ පොදුරාජ්‍ය මණ්ඩලය, එහි සාමාජික රාජ්‍යයන් විසින් අනුගමනය කළ යුතු පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියෙන් බැඳී සිටින්නේ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් එහි සාමාජික රටවල් බැඳී සිටින පරිද්දෙනි. රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ ඇමැතිවරුන්ගේ සමුළුව,

[continue reading…]