දැනුම

ජනතා පරමාධිපත්‍ය භික්ෂූන්වහන්සේලාට පූජා කර නැත

Oct 19th, 2017 | By
Wiwastha (1)

මල්වත්ත සහ අස්ගිරිය කාරක සභා මගින් වර්තමාන ව්‍යවස්ථාව වෙනස් කිරීම අනවශ්‍ය බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කල බව වාර්තාවී තිබේ. ව්‍යවස්ථාව වෙනස් කිරීම අනවශ්‍ය බවට මෙතෙක් ප්‍රකාශ නිකුත් කර තිබෙන්නේ මෙරට සංඝයා වහන්සේ පමණි. මෙම ආණ්ඩුව බලයට පත්වීමට බලපෑ එක ප්‍රධාන කාරණයක් වුයේ නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ පොරොන්දුවයි. ඒ අනුව පාර්ලිමේන්තුව මගින් ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කර

[continue reading…]



පළාත් සභා සහ පරමාධිපත්‍යය

Oct 18th, 2017 | By
image_44aa342074 (1)

ලංකාවට පළාත් සභා ක්‍රමය හදුන්වාදී මේ වන විට වසර 30ක් බලය බෙදා ගැනීමේ අත්දැකීම අප අත්විද ඇතත් බලය බෙදීමට අදාළ සමහර මූලික සංකල්ප පිළිබදව රටේ පොදු ජනතාව අතර කෙසේ වෙතත් මත සම්පාදකයන් අතරවත් එකඟතාවක් නැත. සිය මුහුණු පොතේ අාචාර්ය සුමනසිරි ලියනගේ තබන සටහනකින් මෙසේ කියයි. ‘පසුගිය දිනෙක දෙරණ 360 වැඩසටහනට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ

[continue reading…]



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සංවාදයට මේ හොඳම වෙලාවයි

Oct 13th, 2017 | By
the-new-const

සැප්තැම්බර් 06 වැනි සිකුරාදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ස්වදේශිය සේවය ඔස්සේ විකාශය වූ සුභාරතී වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහභාගී වූ අතර වර්තමාන සමාජ දේශපාලනික කාරණා පිළිබඳව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය, මැතිවරණ ක්‍රමය සහ පළාත් සභා ක්‍රමය පිළිබඳවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඔහුගෙන් ඉදිරිපත් විය.

[continue reading…]



ඒක පුංචි මැජික් එකක්

May 25th, 2017 | By
58076784

‘නන්නු’ කියන්නේ නැගෙනහිර දිල්ලියේ ජීවත් වූ දෛනික වැටුපක් ලබන මිනිසෙක්. ඔහුගේ සලාක කාඞ්පත නැතිවීම නිසා නැවත එය ලබා ගැනීමට 2004 වර්ෂයේදී අයදුම් කරනු ලැබුවා. ප්‍රාදේශීය ආහාර හා සිවිල් සැපයුම් කාර්යාලයට ඔහු මාස තුනක් තිස්සේ කිහිප වතාවක් ගියත් තමන්ගේ නැති වූ සලාක කාඞ්පත වෙනුවට අලුත් සලාක කාඞ්පතක් ලබා ගැනීමට ඔහු අපොහොසත් වුණා. නන්නුට තමන්ගේ සලාක කාඞ්පත

[continue reading…]



තොරතුරු දැන ගැනීමේ අයිතිය තවත් විහිලුවක් නොවීමට නම්;

Mar 23rd, 2017 | By
51508569

පවතින ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ජනතාවට ලබා දුන් “දින 100 – ප‍්‍රජාතන්ත‍්‍ර පැකේජය” තුල අන්තර්ගතවූද, සිවිල් සමාජ ක‍්‍රියාකරුවන්ගේ මහත් බලාපොරොත්තුවක් වූ ද තොරතුරු දැනගැනීමේ කොමිසම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය තුළ දැන් ස්ථාපිතව පවතී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය සංඝටකයක් වන පාරදෘශ්‍යභාවය ඇතිකරලීම සදහා තොරතුරු දැනගැනීමේ අයිතිය අතිශය වැදගත්කමක් දරයි. අනෙකුත් හිමිකම් හා අයිතීන් ලබාගැනීමේ පදනමද තොරතුරු

[continue reading…]



විෂම ලිංගික ජෝඩුවකටවත් පාරේ අතින් අල්ලන් යන්න බැරි මේ රටේ මොන සමලිංගික විවාහද?

Jan 24th, 2017 | By
Lankadeepa

අයාල ආඥා පනත යටතේ සිඟා කෑමත් අපරාධයක්! -මැණිකේ දේශප්‍රිය “සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්” යන හිසින් 2017 ජනවාරි 17 ‘මව්බිම’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියට පිළිතුරකි. සමලිංගිකත්වය නීති විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නීතියේ ඍජුවම සඳහන් වන්නේ නොමැත. මූලික වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ යන වගන්තිවල ඇතුළත් “අස්වාභාවික ලිංගික ක්‍රියා” සහ “තදබල අශෝභන

[continue reading…]



ඔබට මෙන් අපටත් ජීවිතය විදින්න අයිතියක් අැත…!

Jan 17th, 2017 | By
DSC_0177

“මගේ මහත්තයා එච්.අයි.වී. (HIV) ආසාදිතයෙක් කියල ගමේ පැතිරුණාම එයාට ගෙදර ඉන්න ගමේ මිනිස්සු ඉඩ දුන්නේ නැහැ. එයා ගෙදරින් පැනලා ගිහින් වස බීලා මැරුණා. මමත් දරුවෝ දෙන්නත් ගේ ඇතුළේ ඉන්නකොටම මහ රෑ අපේ ගෙදරට ගිනි තිබ්බා. මේ ලෙඬේ හැමෝටම බෝ වෙයි කියලා මුළු ගමක් කැළඹිලා හිටියේ. මගේ දරුවෝ දෙන්නව ඉස්කෝලෙ යැව්වම ඒ ගොල්ලන්ව ආපහු හරවලා එව්වා.

[continue reading…]



නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සුරක්ෂිත විය යුතු LGBTIQ ප්‍රජාවගේ අනාගතය

Jan 5th, 2017 | By
affair-telugu-movie-photos-29

බොහෝ යටත්විජිත රටවල්වල මෙන්ම ශ්‍රී ලංකාවේ ද වර්තමානයේ පවතින නීතිය බ්‍රිතාන්‍යය වික්ටෝරියානු සදාචාරය මත පදනම් වූවකි. මෙහිදී ලිංගික කැමැත්ත හා දිශානතිය මත පදනම්ව සුළුතර යැයි සැලකෙන ලිංගික අනන්‍යතා සහිත කොටස්වලට අදාළව හානි සහගත නීතියක් පැවතීම කනගාටුවට කරුණකි. මුල් කාලීනව කාන්තාව සම්බන්ධව පැවති නීති හා රෙගුලාසි වෙනස් වී කාන්තාවන් සම්බන්ධ ප්‍රගතිශීලී වෙනස්කම් සහිත අයිතිවාසිකම් හා ඔවුන්ගේ

[continue reading…]



කොමකයි ජපන්නු සහ ඕසප්පා ලාංකිකයන් ගැන ජපානයේ ශ්‍රී ලංකා තානාපති කතාකරයි

Jan 3rd, 2017 | By
kyoto-tea-ceremony-2-m

මම ඉපදුනේ කොළඹ, 1958 අවුරුද්දෙ. ඉගෙන ගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ, ඊට පස්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ. ඊට පස්සේ මම ඉක්මනින්ම මාරුවක් හදාගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවා. එහෙදි සිංහල ගෞරව උපාධිය හැදෑරුවා. මට පලවෙනි පන්තියේ සාමාර්ථයක් තිබුණා. මට හැම විෂයකටම ඒ සාමාර්ථ තිබුණා. මම පශ්චාත් උපාධියට ජපානයට ආවේ 1987දී. ජපානය තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණා. 1985 වර්ෂය ලෝක තරුණ වර්ෂය

[continue reading…]



දේශපාලකයන්ට පුරවැසියා වෙනුවට තොත්ත බබාලා අවශ්‍ය ඇයි ? දීප්ති කුමාර ගුණරත්න

Dec 30th, 2016 | By
sss

මහාමාර්ගයේ ගමන් කරන අවිනීත රියදුරන් ගැන අවධාරණය කරමින් ආණ්ඩුව රුපියල් 25,000 ක දඩය සුජාත කරයි. මහාමාර්ගයේ ගමන් කරන ඕනෑම පුද්ගලයෙකුට මුහුණ දෙන්නට සිදුවන ‘හිංසනය’ අප පුරුද්දකට මෙන් සූචිගත කරන්නේ රියදුරාගේ අවිනීත චර්යාව තුළය. මහාමාර්ගයේ ඇති වන හිංසාම අප ස්ථානගත කරන්නේ රියදුරාගේ ආත්මමූලිකත්වය (Subjectivity)  තුළය. ඉන් අදහස් වන්නේ රටේ රියදුරන් බහුතරයක් අවිනීතිකය. අසංවරය. නීතියට සැලකිල්ලක් දක්වන්නේ

[continue reading…]