Archive for August 2017

මානව හිමිකම් කොමිෂන් සභාවේ දොරට තට්ටු කිරීම අපේ වැඩකි

Aug 31st, 2017 | By
Capture

මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් කතා කරන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යන වචනය නිරන්තරයෙන් අසන්නට ලැබෙන වචනයකි. මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම සහ ඒවා කඩවීමකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ කතා කිරීමේදී ඉතා වැදගත් ආයතනයක් වන මානව හිමිකම් කොමිෂන් සභාව යනු කුමක්ද යන්න හා මූලික අයිතිවාසිකම් කඩවීමකදී මානව හිමිකම් කොමිෂන් සභාවේ සහය පුරවැසියා

[continue reading…]



මම ගුවන්විදුලියෙදී කරන්නේත් සිවිල් සමාජ කාර්යමයි. -නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Aug 31st, 2017 | By
DSC_0775

වෘත්තියෙන් නිතිඥයෙකු වන සුදර්ශන ගුණවර්ධන රාජ්‍ය නොවන සංවිධානයක් වන රයිට්ස් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සාමුහිකයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබිය. ජාතික සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රචලිත කිරිම සදහා වන සිවිල් සමාජ සංවිධාන පිහිටුවිමේ පුරෝගාමියෙකු වන ඔහු නිදහසේ වේදිකාවේද සම කැඳවුම්කරැවකු විය. ගත්කතුවරයෙකු, මාධ්‍යවේදියෙකු ද, සිවිල් සමාජ ක්‍රියාකාරීකයකු වශයෙන්ද විවිධ භූමික හොබවු ඔහු ශ්‍රි ලංකා ගුවන් විදුලි

[continue reading…]



සිංහල ජාතිකවාදයේ අර්බුදය

Aug 28th, 2017 | By
buddh1

ඥානසාර භික්ෂුව ඇතුළු විවිධ සිංහල වර්ගවාදී භික්ෂු කොටස් විසින් නායකත්වය දෙන කල්ලි හා කණ්ඩායම් රාශියක් කාලයක් ලද ඉසුඹුවකින් පසුව යළි නැගී සිටින අන්දමක් පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ මූලික පදනම ගොනු වන්නේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මතවාදය වටා වන අතර දෙමළ හා මුස්ලිම් ජන කොටස් එම මතවාදය තුළ දෙවැනි පෙළ පුරවැසියන් ලෙස ජීවත්විය යුතු බවක් කියවේ. මීට ඉහත

[continue reading…]



එදා අපි අතුරුදන් කරපු ආණ්ඩු ඉවර කළා අද ආණ්ඩුව ලවා අතුරුදන් කරවීම් ඉවර කරනවා

Aug 25th, 2017 | By
0546

බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් සම්බන්ධ දිර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුයි. මේ ගැන ඔබේ පැහැදිලි කිරීම කෙබඳුද?  ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන්ම අතුරුදන් කරවීම් සලකුණු කරන සිද්ධීන් තුනක් තිබෙනවා.  1971 කැරැල්ලේ දී අතුරුදන් කරවීම් පිළිබඳ බරපතළ ලෙස කථාබහක් ඇති වුනේ නැති වුනත් ඇතමෙක් කියනවා එවැනි සිදුවීම් තිබුණා කියල. නමුත් 1989 දකුණේ කැරැල්ලේදී සිදුවුණ අතුරුදන්වීම දේශපාලන උපකරණයක් ලෙස භාවිතා

[continue reading…]



ක්‍රීඩාව ඉතුරු කොට වීරයා ගෙදර යෑම

Aug 21st, 2017 | By
screen-shot-2017-08-05-at-5-07-48-pm

උසෙන් බෝල්ට් ජනප්‍රියයි, දක්ෂයි, නිතරම සිනාසෙනවා, ඡායාරූපවලටත් නියමයි, මීඩියාත් කැමැතියි, වයසත් අඩුයි. ජැමෙයිකානු ජාතිකයෙක් නිසා එයාගේ රටටත් මිනිස්සු කැමැතියි. බෝල්ට් පිටියට එද්දි ක්‍රීඩා ලෝලීන් ෆුල් චියර් එක දෙනවා. ජස්ටින් ගැට්ලින් ඇමෙරිකානු ජාතිකයෙක් නිසා එයාගේ රටට මිනිස්සු කැමැතිත් නැහැ, ගැට්ලින්ට කැමතිත් නැහැ, තහනම් උත්තේජක ගත්තා කියලා වසර හතරක් ක්‍රීඩා තහනම් වුණා. මීඩියාවලින් නිතර බැනුම් අහනවා. ෆොටෝවලට

[continue reading…]



අස්ගිරිය අස්සෙන් නල්ලූර් මතු වීම

Aug 21st, 2017 | By
kl

මෑත සති කීපය තුළ දෙමළ ජනමාධ්‍යවල වැඩිපුර සඳහන් වූ වචනයක් බවට ‘අස්ගිරිය’ යන්න පත්විය. ඇත්තෙන්ම මෙම වචනය දෙමළ සමාජයට බොහෝ සෙයින් ආගන්තුක වචනයක්ය. බොහෝ විට අස්ගිරිය යන වචනය මෙයට පෙර දෙමළ අයගේ සවනට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාව සමඟය. ඒ අස්ගිරිය ක්‍රිඩාංගණය හේතුවෙන්ය. කෙසේවුවත් මෙවර අස්ගිරිය යන වචනය දෙමළ සමාජයට ඇතුළු වූවේ ‘අලුත් ව්‍යවස්ථාවක් එපා’ යන ඝෝෂාවත්

[continue reading…]



අන්තර්ජාල බදු අඩු කිරීම සතුටට කරුණක් – වෙබ් මාධ්‍යවේදීන්

Aug 21st, 2017 | By
DSC_0514

පසුගිය අයවැයෙන් වැඩි කරන ලද අන්තර්ජාල බදු මුදල් පහත දමන ලෙස නව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතාගෙන් වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය පසුගිය දා කරන ලද ඉල්ලිමක ප්‍රතිඵලයක් ලෙස ඊයේ 17 දින රජය විසින් අන්තර්ජාල පහසුකම් මත පනවන ලද බදු මුදල් සම්පුර්ණයෙන්ම ඉවත් කර ගැනිමට පියවර ගන්නා ලදි. රජය විසින් ගන්නා ලද ඒම ක්‍රියා මාර්ගය සහ අනෙකුත්

[continue reading…]



දුර්වල(ම) ආණ්ඩුවෙන් හොඳට(ම) වැඩ ගැනීම

Aug 15th, 2017 | By
1131797676TH11-SRI_LANKA-DEF_2239491f

යහපාලන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් බව පොදු ජනයා අතර ජනප්‍රිය මතයකි. දේශපාලන විචාරකයන් එම අදහසම ටිකක් බර කර කියන්නේ මෙය දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බවයි. අනුර දිසානායකගේ වචනයෙන් කියනවා මෙය ඉතිහාසයේ දුර්වලම ආණ්ඩුව නිසා ඕනෑම විටක වට්ටන්න හැකිය. මෙසේ ආණ්ඩුව දුර්වල යැයි කියන්නට හේතු පාදක වන කරුණු කිහිපයක් අපට පරීක්ෂා කළ හැකිය. 01. 2015 පෙර පැවතියේ ව්‍යවස්ථාදායකය,

[continue reading…]



“මේ රජය නිවැරදි පීල්ලට ගත යුතුයි”

Aug 10th, 2017 | By
hjjk

“මේ රජය මුලදී ඉතාම හොඳ ආරම්භයක් දුන්නත් අපිට පෙනී යනව රජය වැරදි පීල්ලක ගමන් කරනවා කියල. ඒ නිසා රජය නිවැරදි පීල්ලේ පිහිටුවීම සඳහා කටයුතු කිරීම අවශ්‍යයි” යැයි ප්‍රවීණ කලාකරු නිශ්ශංක දිද්දෙණිය මහතා පවසයි. අගෝස්තු 15 වැනිදා පැවැත්වීමට නියමිත සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ අදහස් පළකළේය. ඔහු දැක්වූ අදහස් පහත දැක්වේ…..