Archive for September 2017

ආණ්ඩුවට විස්සෙන් කරන්න බැරිවුණ දේ පනතෙන් කරගත්තා

Sep 25th, 2017 | By
Rohana-Hettiarachchi-PAFFREL-415x260

20 වැනි සංශෝධනයේ මතු පිට සහ එහි හරය දෙකක් හැටියට අපි හඳුනාගෙන තිබෙන්නෙ. අපේ අදහස වෙන්නෙ 20 වැනි සංශෝධනයෙන් උත්සාහ කළේ පළාත් සභාවල නිල කාලය දිර්ඝ කිරීම නැතිනම් පළාත් සභාවල මැතිවරණ කල් දැමීම කියන එක. එය එක්තරා ආකාරයකට සාධනීය දෙයක්. මොකද කොටස් වශයෙන් මැතිවරණ පැවැත්වීම නිසා මුදල් නාස්තියක් වෙනව වගේම මිනිස්සුන්ට නියම ලෙස තමන්ගේ ජනමතය

[continue reading…]



බලය බෙදීම සහ ඡන්ද අයිතියත් ආරක්ෂා කරමින් ලබාදුන් තීන්දුවක් 

Sep 22nd, 2017 | By
21199636_1979407915670895_1713903847115112881_o

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ, ව්‍යවස්ථානුකූලභාවය පෙත්සම්කරුවන් අටදෙනෙකු පමණ ප්‍රශ්නකර සිටියා. ඉදිරිපත් කරන ලද පෙත්සම්වල ප්‍රතිඵලයක් ලෙස ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 19 වැනිදා යම් කිසි තීන්දුවක් ලබා දෙනු ලැබුවා. මෙය ඉතාම කෙටි වගන්ති පහකින් යුතු සංශෝධනයක්. පළමුවැනි වගන්තිය මෙම කෙටුම්පත හඳුන්වාදීමේ වගන්තිය. පස්වැනි වගන්තිය අනුකූලතාවය සම්බන්ධ එනම් සිංහල දෙමළ ඉංග්‍රිසී භාෂා අතර ගැටලුවක් පරස්පරතාවයක් ඇති

[continue reading…]



මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රාජ්‍ය නොවන සංවිධානවල වැඩක්ද?

Sep 21st, 2017 | By
lankan-war-crimes-protest_650x415_71424141742

“අපි රයිට්ස් නව් ආයතනයට සම්බන්ධ වුණේම රයිට්ස් නව් ආයතනය ප්‍රශ්න කරමිනුයි. ඒකට එක හේතුවක් වුණේ ඒ අවධිය වන විට රටේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ඒ අවධියේ පොදු විවේචන රාශියක් තිබීමයි. ඒ විවේචන සහිතව සහ ඒ විවේචන ප්‍රශ්න කරමිනුයි අපි සීමාවාසික පුහුණුවට සම්බන්ධ වන්නේ.” නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ රයිට්ස් නව් සීමාවාසික පුහුණුව සම්බන්ධයෙන් සිය මතකය අවදි කළේ

[continue reading…]



නීති පොතේ අැති භාවිතයේ නැති අපේ අයිතිවාසිකම්

Sep 18th, 2017 | By
80612688

ආබාධ සහිත පුද්ගලයන් යනු රටේ සුළුතර ජන කොට්ඨාශයක් වන අතර ඔවුන් පිළිබඳව ඉතිහාසයේ පටන් පැවත එන සමාජ මතය වන්නේ ඔවුන් කාගේ හෝ සරණක් අවැසි ජන කොට්ඨාශයක් වන බව හා ඔවුන්ව රැකබලා ගැනීම පවා පුණ්‍යවන්ත කටයුත්තක් වන බවයි. නමුත් තවදුරටත් ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොවේ. ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට භුක්ති විඳීමට අයිතියක් ඇති අතර ඒ සඳහා ඉඩ

[continue reading…]



අතුරුදන්වූවන්ගේ කාර්යාලයට බාධා කරන්න කිසිවෙකුට ඉඩ නොදෙමු

Sep 18th, 2017 | By
DSC_0083

සැප්: 15 සිට ක්‍රියාත්මක වන අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත පිළිබඳ අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ නිවේදනය යහපාලන රජයේ පොරොන්දුවක් වූ “අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය” සැප්තැම්බර් 15 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපති විසින් අනුමත කර ඇත. මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී නඩයෙන් මෙහෙයවුන බොහෝ පිරිසකගේ විරෝධතාවයන් මැද කල් දැමුණු මෙම කාර්යාලය පනත සම්මත වී වසරක් ගත වූ පසුව

[continue reading…]



පුරවැසියෙකු වීමේ දුෂ්කර භූමිකාවට ජනතාව පුහුණු කළ යුතුයි

Sep 15th, 2017 | By
Liyanage_Amarakeerthi_PNB_Interview_BND_2

  සංකීර්ණ සංසිද්ධි බහුල යුගයක බුද්ධිමතුන් විසින් කළ යුත්තේ පවතින තත්ත්වය තවත් සංකීර්ණ කර සමාජයට ඉදිරිපත් කිරීම නොව තේරෙන භාෂාවෙන් තේරෙන විදිහට පැහැදිලි කර දීමයි. පසුගිය දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ වැඩසටහනට මහනුවර සිට කඳුරට සේවය ඔස්සේ සජීවීව සම්බන්ධ වූ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් ජනවාරි 08 දේශපාලන වෙනස, අදට අදාළව සරලව පැහැදිලි කරන

[continue reading…]



නිමා නොවූ යුද්ධයක, සිවිල් සමාජ කාර්යභාරය

Sep 14th, 2017 | By
DSC_0423

යුද්ධය අවසන්ය. එහෙත් දැන් ඇති යුද්ධයක් නැතැයි කියා අත් පිසදා අහක බලා ගන්නට අපට නොහැකිය. මන්ද දැන් ඇත්තේද එක්තරා ආකාරයක යුද්ධයකි. තිස් අවුරුද්දක් පුරාවට අවි ගෙන දෙපසකට වූ ජාතීන් දෙකක් ද, මරා දැමුණු, අතුරුදන් වූ, අවතැන් වූ, රෝගී වූ, ආබාධිත වූ මෙන්ම දේපළ හානි වූ දහස් ගණනක් මිනිසුන්ට ද සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් කරන්නට බොහෝ

[continue reading…]



An Apple from Paradise

Sep 13th, 2017 | By
maxresdefault

පසුගිය වසරේ සාර්ක් අන්තර්ජාතික සිනමා උලෙළේ තිරගත වූ ඇෆ්ගනිස්ථාන සිනමාකරු හොමායුන් මොරොවත්ගේ a (Homayun Morowat), An Apple From Paradise වචනයේ පරිසමාප්ත අරුතින් ඉතා අපූරු සිනමා කෘතියක් විය. කඩාවැටී තිබුණු ඇෆ්ගනිස්ථානු සිනමාවට නව ආලෝකයක් වූ එය ඔහුගේ කුළුදුල් සිනමා කෘතියයි. වයෝවෘද්ධ මුස්ලිම් ආගමික බැතිමතෙකු වූ පස්දරු පියා (Rajab Gussainov) , කාබුල් නගරයට පැමිණෙන්නේ තමුන්ගේ ජීවත්ව සිටින

[continue reading…]



ෆෙඩරල් මිත්‍යාව නිරාවරණය කල ඓතිහාසික නඩු තීන්දුව

Sep 11th, 2017 | By
SRI_LANKA_POLITICS

ශ්‍රී ලංකාවේ භූමි භාගය තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපනය කිරීමක් වන ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ඉල්ලා සිටීම තමන්ගේ එක් අරමුණක් සහ අභිලාෂයක් කර ගැනීම හරහා, (ඉස්සර ෆෙඩරල් පක්ෂය වශයෙන් හැඳින්වුණු) ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’ පක්ෂය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් අගෝස්තු 4 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්

[continue reading…]



20 වන සංශෝධනයෙන්  පිළිතුරු සොයන ප්‍රශ්නය කුමක් ද?

Sep 11th, 2017 | By
20th-amendment-1

නිදහසෙන් පසුව මේ වනවිට ලංකාවට ව්‍යවස්ථා තුනක අත්දැකීම් තිබේ. ඉන් සෝල්බරි ව්‍යවස්ථාව අප වෙනුවෙන් නිර්මාණය කරදීමට ඉංග්‍රීසි ව්‍යවස්ථා නිර්මාපකයන්ට සිදුවිය. 72 ව්‍යවස්ථාව මුළු‍මනින්ම දේශීය ව්‍යවස්ථා නිර්මාණ ශිල්පීන්ගේ උත්සාහයකි. ඊට වෙනස්ව, 78 ව්‍යවස්ථාව යනු මුළු‍මනින්ම ජනතාව වෙතටවත් පාර්ලිමේන්තුව වෙතටවත් නොනැමුණු එක් පුද්ගලයෙකුගේ අභිමතාර්ථ සාධනය කිරීමට ඔහු විසින්ම කළ නිර්මාණයකි. ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව වසර 228 ක්

[continue reading…]