Archive for October 2017

පළාත් සභා ක්‍රමයට වසර 30 ක් !

Oct 26th, 2017 | By
indo-lanka-accord

පළාත් සභාවල පාලනයට තිස් වසරක් පිරී ඇත. පළාත් සභා ඇතිකරනු ලැබුවේ 1987 ජුලි මස අත්සන් කරනු ලැබූ ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රකාර ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවට කරනු ලැබූ 13 වන සංශෝධනය සහ පළාත් සභා පනතට අනුවයි. ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් 1978 සැප්තැම්බර් මස සම්මත කරනු ලැබූ නව ව්‍යවස්ථාව සහ ජනාධිපති පාලන ක්‍රමය ඇතිකිරීමට හේතු වශයෙන් ජේ.ආර්

[continue reading…]



අපේ රට දැනටත් ඒකීය රටක් නෙවෙයි

Oct 20th, 2017 | By
bg-1

ඔක්තෝබර් 13 වැනි සිකුරාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරති’ වැඩසටහන සඳහා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා සහභාගී වූ අතර නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන විසින් වැඩසටහන මෙහෙය වන ලදී. මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී. අපේ ඉතිහාසයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදා හැරීම, නව මැතිවරණ ක්‍රමයකට යෑම සම්බන්ධයෙන්

[continue reading…]



ජනතා පරමාධිපත්‍ය භික්ෂූන්වහන්සේලාට පූජා කර නැත

Oct 19th, 2017 | By
Wiwastha (1)

මල්වත්ත සහ අස්ගිරිය කාරක සභා මගින් වර්තමාන ව්‍යවස්ථාව වෙනස් කිරීම අනවශ්‍ය බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කල බව වාර්තාවී තිබේ. ව්‍යවස්ථාව වෙනස් කිරීම අනවශ්‍ය බවට මෙතෙක් ප්‍රකාශ නිකුත් කර තිබෙන්නේ මෙරට සංඝයා වහන්සේ පමණි. මෙම ආණ්ඩුව බලයට පත්වීමට බලපෑ එක ප්‍රධාන කාරණයක් වුයේ නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ පොරොන්දුවයි. ඒ අනුව පාර්ලිමේන්තුව මගින් ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කර

[continue reading…]



පළාත් සභා සහ පරමාධිපත්‍යය

Oct 18th, 2017 | By
image_44aa342074 (1)

ලංකාවට පළාත් සභා ක්‍රමය හදුන්වාදී මේ වන විට වසර 30ක් බලය බෙදා ගැනීමේ අත්දැකීම අප අත්විද ඇතත් බලය බෙදීමට අදාළ සමහර මූලික සංකල්ප පිළිබදව රටේ පොදු ජනතාව අතර කෙසේ වෙතත් මත සම්පාදකයන් අතරවත් එකඟතාවක් නැත. සිය මුහුණු පොතේ අාචාර්ය සුමනසිරි ලියනගේ තබන සටහනකින් මෙසේ කියයි. ‘පසුගිය දිනෙක දෙරණ 360 වැඩසටහනට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ

[continue reading…]



හොර සිල් බිදපු – සිල් රෙදි නඩු තීන්දුව

Oct 16th, 2017 | By
b858dc03bb496ce9776eefb318ee70e6_XL

රෝහණ හෙට්ටිආරච්චි විධායක අධ්‍යක්ෂක – පැෆ්රල් සංවිධානය   ජනාධිපතිවරණය 2015 ශී‍්‍ර ලංකාවේ මැතිවරණ ඉතිහාසය දෙස බැලීමේදී රාජ්‍ය බලය හා දේපළ මැතිවරණවලදී අවභාවිතාව එක්සත් ජාතික පක්ෂ පාලනය තුළත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාලනය තුළත් ඉතා සුලභව දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එහෙත් 2015 ජනාධිපතිවරණය යනු රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ අවභාවිතය ඉතා බරපතල ලෙස භාවිත වූ මැතිවරණයකි. කැලැන්ඩරයේ

[continue reading…]



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සංවාදයට මේ හොඳම වෙලාවයි

Oct 13th, 2017 | By
the-new-const

සැප්තැම්බර් 06 වැනි සිකුරාදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ස්වදේශිය සේවය ඔස්සේ විකාශය වූ සුභාරතී වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහභාගී වූ අතර වර්තමාන සමාජ දේශපාලනික කාරණා පිළිබඳව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය, මැතිවරණ ක්‍රමය සහ පළාත් සභා ක්‍රමය පිළිබඳවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඔහුගෙන් ඉදිරිපත් විය.

[continue reading…]



නීතිඥ සුදර්ශන ගුණවර්ධන නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට

Oct 12th, 2017 | By
Sudarshana-New-DG

ආචාර්ය රංග කලංසූරිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයේ වැඩ බැලීම සඳහා  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පත්කරනු ලැබ තිබේ. මෙම පත්වීම ඊයේ (ඔක්තෝබර් 11)  සිදුකර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ

[continue reading…]



ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවිද?

Oct 4th, 2017 | By
editorial-cartoon(4)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ජනාධිපතිතුමාගේ ස්ථාවරය පිළිබඳ සැකයක් තියාගන්න කිසිම හේතුවක් නැහැ‍ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලෙස රැස්වූ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. සැප්තැම්බර් 22 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ මෙගා හර්ට්ස් 91.7 සහ 91.9 ඔස්සේ

[continue reading…]



අපි දෙවියන් ඇති තැනකට යං

Oct 4th, 2017 | By
premam-hd-wallpapers-images-14

සංහිඳියාව උදෙසා ප‍්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් සමගින් සමබිම ඇවිද යන ගීතමය චාරිකාවේ තවත් එක් නැවතුමකි මේ. ලෙයින් වැකි බිමකට සිහින් දිය බිඳක්ව මෙය වැගිරෙන්නේ ද, එය අපගේ අපේක්ෂාව ද වන්නේය. ලංකා ඉතිහාසයේ කළු පැහැයෙන් දුර්වර්ණ වූ පරිච්ඡේදයක ඛේදනීය මතක මකා දැමිය නොහැකි පරිද්දෙන් ශේෂව ඇත්තේය. දමිළ බසින් කතා කළ අපේම රටේ මිනිසුන් කොටසකගේ හිස්

[continue reading…]



මොණරාගල බස් නැවතුම්පළ වෙනස් කළේ කවුද?

Oct 3rd, 2017 | By
Equality-act

සංවර්ධනයේ නිම් වළලූ පුළුල් වන්නට වන්නට, ඉදිවන ගොඩනැගිලිවල නවීනත්වය, අලංකරණය සහ පහසුකම් පිළිබඳව උදම් අනනවා විනා ‘සමානාත්මතාවයට’ ගරු කරමින් සමාජයේ සියලූ මිනිසුන්ට එහි පහසුකම් සමසේ ලබා ගත හැකි ද යන්න සොයා බැලීමට රටේ මහජනතාවට, රාජ්‍ය ආයතනවලට මෙන්ම, ඉදිකිරීම් කටයුතුවල නිරත වන වගකීම් සහගත බලධාරීන්ට ද අමතකය. ඒ සියල්ලටමත් වඩා තමාට හිමි අයිතිවාසිකම් අමු අමුවේ කඩ

[continue reading…]