රෝම ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය

Mar 10th, 2014 | By | Category: LEAD NEWS, පුවත්

pdff

නීතීඥ යසස් ද සිල්වා

මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා (war crime) ඉදිරියේ සාමාන්‍ය ජනතාව පවා යුද අපරාධ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ විමසිලිමත් වෙති. එම නිසා ඒ පිළිබඳව සරලව සලකා බැලීම මේ ලිපියේ අරමුණයි.

ජාත්‍යන්තර අපරාධ අධිකාර (ICC) 1998 ජූලි මස 17වන දින ඉතාලියේ රෝම නුවරදී ඇතිකරගත් රෝම ප්‍රඥප්තිය යටතේ ස්ථාපනය කොට ඇති අතර එහි මූලස්ථානය ස්විට්සර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇත.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ප්‍රධාන අපරාධ වර්ග 04ක් සම්බන්ධව නඩු විභාග කොට දඬුවම් නියම කිරීමේ බලය රෝම ප්‍රඥප්තියේ දෙවන කොටසේ 5වන ව්‍යවස්ථාව මඟින් අපරාධ වර්ග 4ක් සම්බන්ධව බලය දී තිබේ.

(1) වර්ග සංහාරය
(2) මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ
(3) යුද අපරාධ
(4) ආක්‍රමණ

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අධිකරණ බලය ලැබෙනුයේ, අදාළ අපරාධ සිදු වූ රටවල් ඒ පිළිබඳව විමර්ශනය කිරීම නොකරන්නේ නම් පමණි. එසේම ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අධිකරණ බලය යම් අපරාධයක් සිදුව ඇති විට එම අපරාධය සිදු කළ රටේ ජාතිකයෙකු වන යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමකට එරෙහිව නඩු විභාග සිදුකිරීමේ අධිකරණ බලය ඇත. කෙසේ වෙතත් එසේ යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එරෙහිව නඩු විභාගය කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලය ලැබෙන ආකාර වන්නේ,

(1) එම රට රෝම ප්‍රඥාප්තියට අත්සන් කර ඇත්නම් හෝ
(2) එසේ අත්සන් කොට නැතිවුවද එම අදාළ අපරාධය පිළිබඳ විමර්ශනය කිරීමට එම අපරාධය සිදු වූ රට එකඟතාව පළකොට ඇත්නම් හෝ
(3) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මතයක් අනුව පමණකි.

වාර්ගික සමූලඝාතන ලෙස සැලකෙනුයේ, චේතාන්විතව යම් වාර්ගික කණ්ඩායමක් ආගමික කණ්ඩායමක් සමූලඝාතනය කිරීමට කටයුතු කිරීමය.මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ප්‍රඥප්තියේ ලැයිස්තුගත කොට ඇත. එය අර්ථ දක්වා ඇත්තේ, සිවිල් ජන කණ්ඩායමකට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර සිදු කිරීමයි. යුද අපරාධ ලෙස සැලකෙනුයේ යුද නීතියේ චාරිත්‍ර චේතාන්විතව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන සිවිල් වැසියන් පලවා හැරීම, ඝාතනය කිරීම, අත්අඩංගුවේ සිටින්නන්ට හිංසා කිරීම, ඝාතනය කිරීම, කෘරත්වය, ස්ත්‍රී දූෂණ වැනි අපරාධයන්ය.

රෝම ප්‍රඥප්තියට එරෙහි විවේචන –
කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හෝ සමූලඝාතක අවි භාවිතය යුද අපරාධ ලෙස දක්වා නොමැතිවීම විශේෂයෙන්ම දැඩි විවේචනයට ලක් වූවකි. රෝම ප්‍රඥප්තියේ ඇති ආක්‍රමණකාරිත්වය යන වරද තවමත් අර්ථ නිරූපණය කොට නොමැති අතර අනෙකුත් වරදවල් ඉතා පුළුල්ව හා අවිනිශ්චිත ලෙස අර්ථ දක්වා තිබීම ද විවේචනයට ලක්වූවක් වේ.

බොහෝ රටවල් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකරණ බලය කොන්දේසි විරහිතව විශ්ව ව්‍යාප්ත විය යුතු බවට ඉල්ලීමක් කළ ද විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය එයට එරෙහි වීම මත අධිකරණයේ අධිකරණ බලය ඉහත දක්වා ඇති සීමාවන්ට යටත්ව ක්‍රියාත්මක වේ.
රෝම ප්‍රඥප්තියට රටවල් 129ක් අත්සන් තබා ඇති අතර රටවල් 122ක් අපරානුමත කර ඇත. කෙසේ වෙතත් ඉන්දියාව, පාකිස්ථානය මෙන්ම ශ්‍රී ලංකාව ද මෙම රෝම ප්‍රඥප්තියට අත්සන් තබා නැති බව සඳහන් කළ යුතුය.

මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ වර්තමාන ඉල්ලීම් වී ඇත්තේ අද වන විට බොහෝ රජයන් පාලනය කරන දේශපාලන පක්ෂ, ආගම්වාදී හෝ ජාතිවාදී වීමේ පදනම මත එම රටවල් තුළ සුළුතර ජන කණ්ඩායම්වලට සිදුවන අපරාධ පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකරණ බලය පුළුල් කළ යුතු බවත් යම් රටකට සම්බාධක පනවා රටම පීඩාවට පත්කරනවා වෙනුවට එම අපරාධ සඳහා වැරදිකරුවන් වන පුද්ගලයන්ට, පුද්ගලානුබද්ධව දඬුවම් නියම කිරීම මඟින් ලෝකයට යහපත් පූර්වාදර්ශයක් සැපයිය හැකි බවයි∎

w1

Recent Posts

Tags: , , , , , , , , , ,

One Comment to “රෝම ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය”


  1. මේ යුද අපරාද ඔප්පු උනත් කාටවත් අපට මුකුත් කරන්න බෑ. වැඩිම උනොත් සම්බාධක දායි.

Leave a Comment