දේශපාලනය තුල කාන්තාවන්ගේ බලගැන්වීම – ඇන්ටිගනී සම්මන්ත්‍රණය

Mar 11th, 2014 | By | Category: LEAD NEWS, ඇන්ටිගනී, පුවත්

දේශපාලනය තුල කාන්තා හඩ බලගැන්වීමේ අරමුණින් ඊයේ (10) කොළඹ පදනම් ආයතනයේදී ඇන්ටිගනී නම් සාකච්ඡාවක් පැවැත්වුන අතර ඒ සදහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව කාන්තා හිංසනය වෙනුවෙන් හඩ නැගීමට කාන්තා සංවිධාන නියෝජිතවරින් රැසක් සහභාගී විය.

ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් අශෝක ලංකාතිලක මහත්මිය,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඩයනා ගමගේ මහත්මයි,ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සමන්මලී ගුණසිංහ මහත්මිය,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් රන්මලී ගුණවර්ධන මහත්මිය, චූලනී කොඩිකාර මහත්මිය,කේ වයි යෝගේෂ්වරී මහත්මිය, සුලෝචනා සිගේරා මහත්මිය සහ සමබිම කණ්ඩායම නියෝජනය කරමින් චන්දිමා දුනුවිල සහ තුෂාරා සෙව්වන්දි සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පැමිණි අශෝක ලංකාතිලක මහත්මිය ප්‍රකාශ කර සිටියේ තමන් දේශපාලනයට අවතීරණය වූයේ පුද්ගලික වාසි බලාපොරොත්තුවෙන් නොවන බවයි. තමන් කොළොන්නාව ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සදහා සහභාගීවන බවත් කොලොන්නාවේද කුඩු, මත්ද්‍රව්‍ය සමග සම්බන්ධකම් පවත්වන දේශපාලඥයින් සිටින නමුත් තමා කිසි දිනක ඔවුන් සමග එක වේදිකාවකට ගොඩවී නැතිබව ප්‍රකාශ කරන ලදී. කාන්තාවක් මෙන්ම මවක් ලෙස සමාජයේ ගැටළු හදුනාගෙන දේශපාලනය තුලින් කාන්තාවන් වෙනුවෙන් සේවය කිරීමට කැපවන බව එතුමිය සදහන් කරන ලදී.

වෙනත් රටක වැඩි කාලයක් ගත කර උපාධිධාරිනියක් ලෙස පත්වීම ලබා සුපෝගබෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබියදී තම මව් රට වෙනුවෙන් යම් කාර්යක් කිරීමට තමන්ට ඇති ශක්තිය සහා කැමැත්ත මත තමන් දේශපාලනයට පිවිසි බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පැමිණි ඩයනා ගමගේ මහත්මිය සදහන් කරන ලදී. රටේ සියළුම අංශ දේශපාලනීකරණය වී අැති බවත් මහජනතාවගේ ගැටළු විසදා ගැනීමට දේශපාලන බලය අවශ්‍ය වී ඇති බවත් ඇය සදහන් කරන ලදී, එයින් කාන්තාවක් වීම මත එම ගැටළු විසදා ගැනීමට තවත් අපහසු තත්වයකට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඩ නැගීමට පෙර දේශපාලනික වශයෙන් කාන්තා බලයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වී ඇති බව පෙන්වා දීය. මේ අතර කාන්තා හිංසනය වැළැක්වීමට තමන් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ අතර, පුද්ගලික බස්රථ වල සීසීටීවී කැමරා සවි කිරීම, පොදු ස්ථාන වල කාන්තා විවේකාගාර ඉදිකිරීම, සෑම ආයතනයකම රහස් කාන්තා පැමිණිලි අංශයක් ස්ථාපිත කිරීම වැනි කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුකති පෙරමුණ නියෝජනය කරමින් පැමිණි සමන්මලී ගුණසිංහ මහත්මිය ප්‍රකාශ කරන ලද්දේ රටේ කුඩු,එතනෝල් සහ වංචාව මත සමාජය දූෂීත වී ඇති බවයි. ඒ තුලින් කාන්තාවකට මවකගේ කාර්ය ඉටු කිරීමට මග අහුරා ඇති බවත්, තම දරුවන් ආරක්ෂා කිරීමට විවිධ අතවරයන්ට පවා ලක්වීමට සිදු වී ඇති බවත් සදහන් කරන ලදී. එබැවින් ඒ වෙනුවෙන් කාන්තා හඩ අවධි කල යුතු බව පෙන්වා දෙන ලදී.

එමෙන්ම රටේ කාන්තා නියෝජනය සියයට පනස් හයක් බවත් රටේ වැඩි පිරිසක් සිටින්නේ කාන්තාවන් නම් කාන්තා හිංසනය සිදුවීම බරපතල ප්‍රශ්ණයක් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පැමිණි රන්මලී ගුණවර්ධන මහත්මිය සදහන් කරන ලදී. රටේ උසස් අධ්‍යාපනය ලැබූ වැඩි පිරිසක් සිටිනේනේ කාන්තාවන් වුවත් පුරුෂාධිපත්‍ය කාන්තාවන්ට එම අධ්‍යාපනයෙන් රටට වැඩදායි සේවයක් ඉටු කිරිමට ඇති අවස්ථාව නොමැතිව ගෘහනියන් ලෙස ජීවිත කාලයම ගත කිරීමට සිදුවී ඇති බවට සදහන් කල අතර, එබැවින් පුරුෂ පක්ෂය විසින් කාන්තාවන්ට රැකියාවන් කිරීමට සහ නිදහස් චින්තනයට ඉඩ දිය යුතු තත්වයක් ඇති කල යුතු බව ඇය සදහන් කරයි.

සමස්ථයක් ලෙස ගත් කල සාකච්ඡාවේ අරමුණ වශයෙන් පැහැදිලි වන්නේ පක්ෂ භේදයකින් තොරව කාන්තා හිංසනය පිටු දැකීමට සහ කාන්තා අයිතීන් ලබා ගැනීමට එකගවිය හැකි කරුණු ඇති බවයි. ඒ අනුව සිදු කල සාකච්ඡාවේදී කාන්තාවන් සවි බල ගැන්වීමට පෙර කාන්තාවන් දේශපාලනික වශයෙන් සවි බල ගැන්විය යුතු බවට මතයක් ගොඩ නැගිනි. ඒ අනුව තමන් නියෝජනය කරන පක්ෂ තුලින් දේශපාලනයට පැමිණි බවත් එම දේශපාලනික වශයෙන් ඉදිරියේදී ස්ථාවර වී ඒ තුලින් කාන්තාවන් වෙනුවෙන් හඩ නැගීමට තමන් බලාපොරොත්තු වන බවටත් ඔවුන්ගේ අදහස විය.

මෙහිදී අදහස් දැක්වූ සුදර්ශණ ගුණවර්ධන මහතා සදහන් කර සිටියේ අතීතයේ පටන් කාන්තාවන් එක්ව සිදු කල අරගල කිරීම තුලින් වර්ථමාන ධනවාදී දේශපාලනය තුල කාන්තාව ආරක්ෂා කල යුතුය යන මතය ගොඩ නැගීමට සමත් වී ඇති බවයි. එබැවින් පාට පක්ෂ කුමක් වුවද එකග විය හැකි කරුණු මත කාන්තාවන් එක් රැස්වී සිදු කරන අරගල තුලින් ඉදිරියේදී වඩා ඵලදායි ලෙස කාන්තාවන් සදහා සමාජයේ නිසි තැන ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.

උපුටා ගැනීම lankafocusnews.com වෙබ් අඩවියෙනි.

http://lankafocusnews.com/?p=21561#more-21561

ant

Recent Posts

Tags: , , ,

Leave a Comment