කොමිෂන් ඇති කළේ බයකට නොවේ – ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

Mar 12th, 2014 | By | Category: OTHER NEWS, පුවත්

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ සහ උගත් පාඩම් ප්‍රතිසන්ධාන වැනි කොමිෂන් ඇති කළේ පිටරටින් එන බලපෑම්වලට නොවේ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. එමෙන් ම යුද්ධයෙන් අවතැන්වූ පිරිස්‌ නැවත පදිංචි කිරීම් සිදු කළේත් කිසිවකුගේ බලපෑම්වලට නොවන බවද ඔවුන්ට මතක්‌ කර දෙන බව ජනාධිපතිවරයා පැවසීය.

එදා 1989, 1990 අතුරුදන්වූවන් පිළිබඳව සොයා බැලීමට කොමිසමක්‌ අවශ්‍ය බව කියා සිටියා වගේ අදත් කරන්නේ එයෑයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්‌ඩුවක්‌ හැටියට සිදුවූ දේවල් සොයා බලා දැනගත යුතු බවත් මේවා සොයා බලන විට වසර 30 ක යුද්ධයක සිදුවීම් වසර හතර පහකට පමණක්‌ සීමා කරන්නැයි කීමේ රහස කුමක්‌දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

අනුර බාලසූරිය
http://www.divaina.com/2014/03/12/news02.html
උපුටා ගැනීම දිවයින වෙබ් අඩවියෙනි.

mm

Recent Posts

Tags: , ,

Leave a Comment