නීතිය ඉදිරියේ ඇති සම තත්ත්වයද අපි අගය කොට සලකමු

Mar 13th, 2014 | By | Category: LEAD NEWS

pdff

ටොරින්ටන් චතුරශ්‍රයේ මංගල ශාලාවෙහිදී පැවැත්වූ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උලෙළෙන් පසුව, ග්ලොස්ටර් ආදිපාදතුමා, එම දේවිය සහ සම්භාවනීය අමුත්තන්ද ඉදිරියේදී සිංහ කොඩිය එසවූ ඩී.එස්. සේනානායක අගමැතිතුමා සිංහලෙන් කතා කරමින් 1948 පෙබරවාරි 4 වෙනිදා පැවැත්වූ ඓතිහාසික කතාව.

“මේ සිහිකටයුතු ඓතිහාසික දිනයේ ලංකාවාසීන්ට වචන ස්වල්පයක් කීම මගේ යුතුකම යැයි මට හැඟේ.”

“අපි නැවතත් නිදහස් ජනතාවක් වීමුයි” ප්‍රීති වන තරම් උද්‍යෝගයක් නැති කිසියම් කෙනෙක් අප අතර සිටිත් යැයි මම විශ්වාස නොකරමි. ශත වර්ෂ තුනක් මුළුල්ලේ අපි නිදහස ලබා ගැනීම සඳහා බටහිර ආණ්ඩුත් පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍යයන් සමඟ සටන් කෙළෙමු. 1815 මාර්තු 2 වෙනිදා උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරීටයට පවරමින් අපේ ස්වාධීනත්වය පිළිබඳ අන්තිම බලකොටුව අපි බාර දුනිමු. 1948 පෙබරවාරි 4 වෙනිදා බ්‍රිතාන්‍ය කිරීටය ඒ ස්වාධීනත්වය ලංකාවාසීන්ට බාර දුන්නේය.

“ලේ බිඳක්වත් නොවැගිරවීමෙන් ඒ නිදහස පවරා දීම ගැන අපි බොහෝ ප්‍රීති වම්හ. එය එසේම ඉතා සුදුසුය. ලංකාවාසී බොහෝ දෙනෙකු විසින් අදහන බුද්ධාගම ලේ වැගිරවීම නින්දිත කොට සලකයි. ලෝකය වෙනුවෙන් අප ඒ ආගම ආරක්ෂා කරගෙන සිටින බව අපට නොපැකිළිව කිව හැක. අන් රජවරුද එය ආරක්ෂා කරමින් එය පවත්වාගෙන යාමට ප්‍රතිඥා දුන්හ. බ්‍රිතාන්‍ය ආණ්ඩුවද එසේම එකඟ වූයේය. එහෙත් බෞද්ධ ධර්මයෙහි අංගයක් වූ ඉවසීමෙන් යුත් දීර්ඝ ඉතිහාසයක් ඇති ඒ ආණ්ඩුව සෙසු අයටද කැමති ආගමක් ඇදහීමට ඇති නිදහසට බාධාවක් නොකළේය. මෙය සෑම අයෙකුටම හිමි මූලික ඇදහීමට කෙනෙකුට ඇති නිදහස නැති කරන්නට පුළුවන්කමෙක් නැත. අපට ලැබුණු නිදහසෙහි ඒ නිදහස ගැබ්වී ඇත්තේය.

“මේ නිදහස අප ලැබුවේ යුද්ධයෙන් පීඩිත වූ ලෝකයට අප විසින් කරන ලද සේවයන් නිසායැයි අපි විශ්වාස කරම්හ. අප විසින් ඒ සේවයන් කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදයේ අභිවෘද්ධියත් කාරුණිකත්වයත් සාමයත් සඳහාය. අපට ස්වාධීනත්වය පැවරීමෙන් උච්චස්ථානයට පත් ව්‍යවස්ථානුකූල ආණ්ඩු ප්‍රතිසංස්කරණයෙන් ඒ අපේ සේවය කෙරේ දැක්වූ සැලකිල්ල ගෙනහැරපානු ලැබේ.”

“ඇත්ත වශයෙන්ම අපට පැවරූ මේ ස්වාධීනත්වය බ්‍රිතාන්‍ය දේශපාලන නෛපුණ්‍යයේ චිරාගත උසස් ප්‍රතිපත්තිවලට එකඟය. බ්‍රිතාන්‍ය බලය පැවති මේ ශතවර්ෂ එකහමාර තුළ කාලයේ සිවිල් කටයුතු සම්බන්ධයෙන් පැවති භේදයත් පොරයත් නිසා අනතුරු අඩියකට පත්වී තිබුණු සමගිය සම්බන්ධයෙන් හැඟීම යළිත් පිහිටුවනු ලැබීය. “මැග්නකාටා” ගිවිසුමෙහි ගැබ්වී ඇති නිදහස සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රියාවෙහි යොදනු ලැබීය. ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිවාසිකම් හා වරප්‍රසාදවල වටිනාකම අපි දැනගතිමු. කෙනෙකුට ඇති නිදහසත් වැසියාත් දේපළත් ආරක්ෂා කිරීමත් කතා කිරීමට ඇති නිදහසත් ආගමකට ඇති නිදහසත් අපි අගය කොට සලකමු. නීතිය ඉදිරියේ ඇති සම තත්ත්වයද අපි අගයකොට සලකමු.”

දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක විසින් සකස් කොට පෙබරවාරි 04 වන දින දිවයින පුවත්පතේ පළකරන ලද ඩී.එස්. සේනානායක මහතාගේ නිදහස් දින කතාවෙන් උපුටා ගන්නා ලදී.

ds

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment