අනේ කුඩම්මේ…!

Apr 21st, 2014 | By | Category: LEAD NEWS, යාන් හෑලි

pdff

රොබට්ගේ වියපත් පියා කලක සිට පසුවන්නේ රෝගී තත්ත්වයෙනි. වැඩි කාලයක් ගතවීමට මත්තෙන් පියා මියයන බව රොබට්ට නිසැකය. රොබට්ගේ මවද මිය ගොස්ය. පියා දෙවන වරට විවාහයක් කර නොගත් හෙයින් පියාගේ බූදලය සම්පූර්ණයෙන්ම තමාට උරුම වන බව දන්නා රොබට්ට ඇත්තේ කනගාටුවකට වඩා අනාගතය පිළිබඳ සුන්දර සිහිනයන්ය.

දේපළ පිළිබඳ නීතිය අනුව අන්තිම කැමැති පත්‍රයක් නොලියා මියයන පුද්ගලයෙකුගේ දේපළ තම උරුමක්කාරයන්ට උරුම වේ. භාර්යාවට දෙකෙන් පංගුවකි. ඉතිරි දෙකෙන් පංගුව දරුවන් අතර සමසේ බෙදී යයි. භාර්යාව මියගොස් ඇති විට සම්පූර්ණ දේපළ දරුවන් අතරේ බෙදී යයි.

රොබට් පවුලේ එකම දරුවා නිසාත්, පියා වැන්දඹු පුරුෂයෙකුව සිට මිය යන නිසාත් සියලුම දේපළ උරුම වීමට නියමිත රොබට්ටය.

නුදුරු අනාගතයේ තමාට හිමිවීමට නියමිත “මගේ නොවන මගේම වස්තුව දේපළ” ගැන සිතමින් කල් ගත කරන රොබට් කල්පනා කළේ තම සතුට බෙදා ගැනීමට කාන්තාවක්ද සිටියේ නම් කදිම බවය.

තනිකඩයන් යන එන අවන්හලට ගිය රොබට් එහි සිටින කාන්තාවන් දෙස ඕනෑකමින් බැලුවේ තම ඉරණම්කාරිය සොයා ගන්නා අටියෙනි. එක වරම ඔහුගේ නෙත ගැටුණේ අතිශය රූමත් සුන්දර කාන්තාවකි. “ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන.” රොබට් ඒ හා ම ඇය හා ප්‍රේමයෙන් බැඳුණි.

සුන්දරිය වෙත ගිය රොබට් ඇය දෙස එක එල්ලේ බලා මෙසේ කීවේය. “මම නිකංම නිකං සාමාන්‍ය මිනිහෙක්,” “ඔව්, ඕක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඒක ඉතිං තමුසෙව දැක්ක ගමන්ම පේනවනෙ” ඇය කීවේ රොබට් සත පහකටවත් ගණන් නොගනිමිනි. “නමුත් වැඩිම වුණොත් තව මාසෙකින් නැත්නම් දෙකකින් මගේ තාත්ත මැරෙනවා. එතකොට එයාගෙ කෝටි ගණනක මුළු බූදලයම මට අයිති වෙනව.” රොබට් හිතට ධෛර්යය ගෙන කීවේය.

ඔහුගේ කතාවෙන් පැහැදුණු සුන්දර ස්ත්‍රිය රොබට් සමඟ ඔහුගේ ගෙදර යාමට කැමති වී ඔහු හා ගියාය.
….

දින හතරකට පසුව ඇය රොබට්ගේ කුඩම්මා බවට පත්වූවාය.

සමහර මිනිස්සු කිසිවිටක පාඩම් ඉගෙන ගන්නේ නැත∎

————————————————————————————————————

ඔබද ලක්ෂපති මමද ලක්ෂපති

භාර්යාව සහ ස්වාමි පුරුෂයා නිදන කාමරයේ සයනයේ වැතිරී ටෙලිවිෂනය නරඹමින් සිටිති.
ඔවුන් නරඹන්නේ ‛ඔබද ලක්ෂපති – මම ද ලක්ෂපති’ වැඩසටහනයි.
එක් ප්‍රශ්නයකට පිළිතුර හරියටම නිශ්චිත නොවූ තරගකරුවා ‛කෝල් අ ෆ්රෙන්ඩ්’ උපකාරක අවස්ථාවක් ලබා ගෙන යහළුවෙකුට කතා කර උදව් ලබා ගනී.
භාර්යාව වෙත නැඹුරු වූ ස්වාමිපුරුෂයා මෙසේ අසයි.
“Do you want to have sex?”
භාර්යාව එක හෙළා ප්‍රකාශ කරයි. “No” “Is that your final answer?”

ස්වාමිපුරුෂයා අසයි.

“That’s my final answer”

භාර්යාව ස්ථීර වශයෙන්ම කියා සිටී.
අන්තිමේදී ස්වාමි පුරුෂයා මෙසේ කියයි.
“Then I’d like to call a friend…∎

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment