ගම්මන්පිලයි ලාල්කාන්තයි අතර වෙනස ටීවී බලන අයට නොතේරෙන්‍ෙ ඇයි ? දීප්ති කුමාර ගුණරත්න

Apr 25th, 2014 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, දේශපාලන

DSC_6278

ලංකාවේ ධනවාදය හා ධනපතියො කවුද කියල ප‍්‍රශ්නයක් තියෙනවා. සාම්ප‍්‍රදායික වමේ භාෂාව අනුව මට මේ වෙලාවෙ උදවු කරන්නේ ධනපතියො කියන්න පුලුවන්. ධනපතියො පුද්ගලවාදී කියල අදහසක් තිබෙනවා. මගේ අත්දැකීම ඊට වෙනස්. 2006 2007 කාලයේ මට මූල්‍ය ධනපතියෙක් වන ටිරාන් අලස් එක්ක වැඩ කරන්න ලැබුණා. එයා සාමාන්‍ය විදිහට කාල බීල ඇදල ඉන්නවා. බීඑම්ඩබ්ලිවු කාර් එකක් එලියෙ නතර කරලා තියෙනවා. ඒත් එයාගෙ රියැදුරු ඒ කාර් එක ඇතුලට වෙලා ඒසී දාගෙන ආතල් එකේ ඉන්නවා. පැරණි වමේ භාෂාවෙන් කම්කරුවා තමයි ඒසී එක දාගෙන ආතල් එකේ ඉන්නෙ. ලංකාවේ ඇත්තටම තියෙන ධනවාදය මොකක්ද කියල හදුනාගන්න ඕනෙ. මේ ක‍්‍රමය ඇත්තටම පවත්වාගෙන යන්නේ පීඩිතයා.

 වම දකුණ ලංකාවේ කාටවත් තේරෙන් නැහැ. ඒ කාලයේ වාමාංශිකයො දක්ෂිණාංශිකයො වෙන් කරන්න පුලුවන්. අද ලාල් කාන්තයි උදය ගම්මන්පිලයි ටීවී එකේ දෙපැත්තේ ඉන්නවා. ටීවී බලන මැදි පංතිකයාට හිතෙන්නේ මේ අය ජාති ආලෙන් මත්වූ දේශපේ‍්‍රමීන් කියලා. ඉස්සර රේඩියෝ එකෙන් කථා කරන විදිහට වාමාංශිකයො දක්ෂිණාංශිකයා වෙන් කරලා හදුනගන්න පුලුවන්. ලංකාවේ ජවිපෙට මොකද උනේ? පහුගිය කාලේ දූෂණ වංචා වලට විරුද්ධව වසන්ත සමරසිංහ සහෝදරයා මූලික කරගෙන ව්‍යාපාරයක් හැදුවා. වාමාංශික සංවිධානයක් පීඩිතයාගේ අරගල වලින් ඈත්වෙලා දුෂණ වංචා හොයන්න යනව නම් ඒක ලිබරල්වාදයක්. ජවිපෙ උත්සාහ කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පන්නයේ වැදගත් පක්ෂයක් වෙන්න. මොකද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ පාදඩයින්ගේ පක්ෂයක්. පීඩිතයින් සංවිධානය කරන එකෙන් ජවිපෙ ඈත් වෙලා. ඒකට ශ‍්‍රී ලංකා ජනතා විමුක්ති පෙරමුණ වගේ නමක් දාගනියි….

උපුටා ගැනීම – පොලිටිකල් Political LK  වෙබ් අඩවිය

‘මැයි දිනයට කටුස්සොත් රතුපාටයි‘ ඊයේ පැවති සම්මන්ත්‍රණයේදී දීප්ති කුමාර ගුණරත්න දැක්වූ අදහසින් කොටසක් ඉහත දැක්වෙන අතර ඔහුගේ කතාවේ තවත් කොටසක් සහ අනෙක් කතිකයන් දැක්වූ අදහස් බැලීමට   පොලිටිකල් එල් කේ වේබ් අඩවියට පිවිසෙන්න. 

ජවිපෙ උත්සාහ කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පන්නයේ වැදගත් පක්ෂයක් වෙන්න – දීප්ති ~ Political LK 

Recent Posts

Tags: , , ,

Leave a Comment