මධ්‍යම ආණ්‌ඩුවේ බලතල පොලිසිය ගිල ගන්නේද?

Jun 17th, 2014 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS

මේ කෙසේ වුවද 13 ව්‍යවස්‌ථාවේ 154 ඒ වගන්තිය යටතේ කැරලි පාලනය, අත්‍යවශ්‍ය සැපයුම් කළමනාකරණය, යුද්ධ තත්ත්වයක්‌ එළැඹීම, විදේශ ආක්‍රමණ සිදුවීම, ශ්‍රී ලංකාවට වන තර්ජන මැඬලීම ආදිය සඳහා ජනාධිපතිවරයාට ඇතිබලතල ගැන බොහෝ දෙනා නොදන්නා ලෙස හැසිරීම පොලිස්‌ බලතල බෙදා ගැනීමට එරෙහි මතයක්‌ ගොඩනැංවීම පහසුකර ඇත. බරපතළම තත්ත්වයක්‌ උද්ගත වුවහොත් හමුදාව සාමාන්‍ය ව්‍යවස්‌ථා නියෝග මත කැඳවීමට එතුමාට ඇති අවසරය විවේචකයෝ අමතක කරති. 154 එ(2) අනුව මේ විධාන අධිකරණයකදී විනිශ්චයට ලක්‌ නොකළ හැකි බවද අමතක කරති. 

“දීමට නොහැක්‌කේ ද්‍රවිඩ සන්ධානය ඉල්ලා සිටින පරිදි පොලිස්‌ බලතලය මාර්ග නීති හා පරිපාලනයට අවශ්‍ය අනිත් බලතල බෙදා දිය හැකිය”

– ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල

(දි අයිලන්ඩ් – ජුනි 6)

ද්‍රවිඩ සන්ධානයට ඉල්ලා සිටිය හැක්‌කේ ව්‍යවස්‌ථාපිත බලය පමණි. ඒ බලතල අඩු වැඩි කිරීමට ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට ඇති. 2/3 බලය රජය සතුය. රජය එම බලය යොදා නොගැනීම හා මෙවැනි ප්‍රකාශ කිරීම යථා කාලයේදී පොලිස්‌ බලතල යම් මට්‌ටමකට පළාත් සභාවලට බෙදා දීමට රජයේ වක්‍ර අභිලාෂය හැංගි හොරා හෝ උලුප්පා දක්‌වයිද?

13 ව්‍යවස්‌ථාව අනුව පොලිස්‌ බලතල බෙදාදුන් විටද සිදුවනුයේ රඹුක්‌වැල්ල ඇමැතිතුමන් අපේක්‍ෂා කරන පරිපාලන බලතල බව 13 ව්‍යවස්‌ථාවේ පරිශිෂ්ට 1 හි අංක 4(1 හි ප්‍රතිපාදනය පැහැදිලි කරයි. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමන් අවුරුදු විස්‌සකට පෙර සිටි තැනට රඹුක්‌වැල්ල ඇමැතිතුමන් ප්‍රමාදව අද පැමිණ ඇත.

පළාත් පොලිස්‌ සේවයේ නිලධාරී සංඛ්‍යා සෑම පළාතකටම පොදු උපමාන මත නියම කළ යුතු බව පරිශිෂ්ට 1 ඡේද 7 දක්‌වයි. දේශපාලන බලධාරීන් හා පුවත්පත් සමාජයේ ගොඩනඟා ඇත්තේ පළාත් සභාවන් හිතුමනාපයට පොලිස්‌ නිලධාරීන් බඳවා ගැනෙනු ඇතිය යන්නයි. මීට අලගු දමමින් බිය හා සන්ත්‍රාසය මුසුකරන්නේ එසේ බඳවා ගන්නා නිලධාරීන් “කොටින් වීමට” ඇති සැකය මෝදුකරමිනි. මෙහි හාස්‍ය ජනනය වන්නේ පුනරුත්ථාපිත එල්ටීටීඊ කාඩරයන් යුද හමුදාවට බඳවා ගන්නා රජයකට පැහැදිලි උපමාන යටතේ පොලිසියට බඳවා ගැනීම මගින් ඇතිකරන මනෝ සලිතයය.

උක්‌ත ඡේද 7(අ) හා (ආ) යටතේ පළාතේ වර්ග ප්‍රමාණය, ජනගහනය මත මේ උපමාන සකස්‌ කෙරේ. 7(ඇ) අනුව, උපමාන කෙරෙහි සැලකිලිමත්ව, පළාත් බද පරිපාලනය විසින් “ජනාධිපතිවරයාගේ අනුමතය ඇතිව” පළාත් පොලිස්‌ සේවක සංඛ්‍යාව නියම කළ යුතුය. සර්ව බලධාරී වූ විධායක ජනාධිපතිවරයා පළාත් සභාවලට අවශ්‍ය පරිදි හැසිරෙන්නට ඉඩදෙතැයි නොසිතමි. එහෙයින් එතුමා කෙරෙහි විශ්වාසය නොතබා කරුණු විකෘති කිරීම අවාසනාවකි.

උතුරු පළාත් සභා බලධාරීන් මේ බව පැහැදිලිකර සැක දුරු කරලීමට ක්‍රියා නොකිරීමද තවත් විස්‌මයකි. ඔවුන් විමසා සැක දුරුකරගතහොත් නිශ්චිත උපමාන බිඳීමට නොහැකිවන හෙයින් නිශ්ශබ්දතාවය හොඳම පියවර ලෙස ඔවුන් සලකන්නේ යයි යමෙකුට සැක කළ හැකිය.

මෙහිදී පොලිස්‌ නිලධාරීන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට අදාළ 13 සංශෝධනයේ හා පළාත් සභා පනතේ ඇති නීතිමය තත්ත්වයන් (විශේෂයෙන්ම ප්‍රඥප්ති සෑදීම, මුදල් කටයුතු පාලනය පිළිබඳව ජනාධිපති නියෝජිතයෙකු සේ පත්වන ආණ්‌ඩුකාරවරයාට හා මුදල් කොමිසමට ඇති මහ ඇමැතිවරයෙකුට යටපත් කළ නොහැකි බලතල) නොසලකා උතුරේ හෝ නැගෙනහිර මහ ඇමැතිවරයා විශ්වකර්මයෙකු ලෙස හුවා දැක්‌වීම තාත්විකත්වයෙන් බැහැර අනුචිතයකි.

“සියලුම පළාත් බද අංශ සඳහා වූ ගිනි අවි හා වෙඩි ද්‍රව්‍ය සහ අනිකුත් උපකරණවල ස්‌වභාවය, වර්ගය හා ප්‍රමාණය පළාත් බද පොලිස්‌ කොමිෂන් සභාව විමසා ජාතික පොලිස්‌ කොමිෂන් සභාව විසින් නිශ්චය කරනු ලැබිය යුතු අතර සියලුම පළාත් බද අංශ සඳහා එකාකාර ප්‍රමිති හා ප්‍රතිපත්ති ආදාළ විය යුතුය”යි පරිශිෂ්ට 1 ඡේද 8 පැහැදිලිවම ප්‍රකාශ කරයි. එහෙත්, දේශපාලන බලධාරීන් හා පුවත්පත් ගොඩනඟා ඇත්තේ හිතුමනාපයට ආයු සම්පන්නවී ආරක්‍ෂක අංශවලට අභියෝගයක්‌ වී පළාත් පොලිස්‌ සේවය රජය පෙරළා දමනු ඇතිය යන විකාරයයි.

මෙසේ බඳවා ගත් පොලිස්‌ නිලධාරීන් පෙර කල ත්‍රස්‌තවාදීන් විසින් කාඩරයන්ට දුන් ආයුධ පුහුණුවට යොදාගනු ඇති යයි මතයක්‌ද තවත් ගොඩනඟා ඇති සිතුවිල්ලකි. පළාත් පොලිසිවලට නියමිත නිලධාරීන් බඳවා ගැනීමට මාධ්‍යයෙන් නිශ්චිත උපමාන මත හැකියාව ඇති නමුදු පොලිස්‌ පුහුණුව ජාතික පොලිස්‌ අංශයෙන් ඉටුකරයි. වෙනකක්‌ තබා පොලිස්‌ නිල ඇඳුම තීරණය වනුයේ ද මාධ්‍යයෙනි. මේ සංසිද්ධීන් ගැන දේශපාලන බලධාරීහු හා පුවත් මවන්නෝ මුනිවත රකිති.

බොහෝ දෙනෙකු තුළ දැඩි සැකයක්‌ පහළවී ඇත්තේ වේද 11(1 යටතේ පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මහ ඇමැතිවරයාට මහජන සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටීමය. මේ ක්‍රියාදාමයට අදාළ පිළිවෙත් සකස්‌ කර ගැනීමේදී ජාතික, පළාත් පොලිස්‌ කොමිසමේ කාර්ය භාරය කල්තියා හඳුනා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම හදිසි අවස්‌ථාවකදී පරිශිෂ්ට 1 ඡේද 11(2 යටතේ බලතල ජනාධිපතිවරයාට පවරාගත හැකි බව අමතකද නොකළ යුතුය.

බරපතල තත්ත්වයක්‌ පැන නැඟුනහොත් මහජන ආරක්‍ෂක ආඥ පනතේ විධිවිධාන යටතේ ක්‍රියා කළද හැකිවේ. එමෙන්ම හදිසි අවස්‌ථා පාලනයට හමුදාවලට බලතල ඇත. අනික්‌ අතට පොලිස්‌ අංශය ඇතුළුව පළාත් සභා පරිපාලනයට අවශ්‍ය අරමුදල් සැපයෙන්නේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ප්‍රධාන ලේකම්වරයා මගින් වීම පොලිස්‌ පරිපාලනය නිසි මගට විධානගත කිරීමට මගක්‌ ද වනු ඇත. පරිශිෂ්ට 1 හි 12(1 සිට 12(4 දක්‌වා වේද වැඩිදුරටත් ද්වීපාක්‍ෂික ධනාත්මක පොලිස්‌ ක්‍රියා මාර්ග පැහැදිලි කරයි.

මේ කෙසේ වුවද 13 ව්‍යවස්‌ථාවේ 154 ඒ වගන්තිය යටතේ කැරලි පාලනය, අත්‍යවශ්‍ය සැපයුම් කළමනාකරණය, යුද්ධ තත්ත්වයක්‌ එළැඹීම, විදේශ ආක්‍රමණ සිදුවීම, ශ්‍රී ලංකාවට වන තර්ජන මැඬලීම ආදිය සඳහා ජනාධිපතිවරයාට ඇතිබලතල ගැන බොහෝ දෙනා නොදන්නා ලෙස හැසිරීම පොලිස්‌ බලතල බෙදා ගැනීමට එරෙහි මතයක්‌ ගොඩනැංවීම පහසුකර ඇත. බරපතළම තත්ත්වයක්‌ උද්ගත වුවහොත් හමුදාව සාමාන්‍ය ව්‍යවස්‌ථා නියෝග මත කැඳවීමට එතුමාට ඇති අවසරය විවේචකයෝ අමතක කරති. 154 එ(2) අනුව මේ විධාන අධිකරණයකදී විනිශ්චයට ලක්‌ නොකළ හැකි බවද අමතක කරති. රටේ ඕනෑම ප්‍රදේශයක හමුදා පවත්වා තබා ගැනීමට එරෙහිව ද්‍රවිඩ සන්ධානය හෝ අන් පිරිසක්‌ හෝ ඉල්ලා සිටියහොත් එයට එකඟ නොවී සිටීමට රජයේ දැත් සවිමත් කළ හැකි වන්නේද මෙවන් පසුබිමක බව බොහෝ දෙනා නොසිතති. අද වන තුරු එම තර්කය ආරක්‍ෂක බලධාරීන්ගෙන්වත් ඇසෙන්නේද නැත.

මේ තත්ත්වයන් යටතේ මාධ්‍ය සතු ජාතික හා පළාත් පිළිබඳ පොලිස්‌ ආරක්‍ෂාව පළාත් සභාව විසින් ගිල ගනු ඇති යයි බියක්‌ පහළ කරගත යුතුද? කෙසේ වුවද, මෙවැනි බිය සංකා තිබීම නිසාම, මධ්‍යයේ හා පළාත්හි බලධාරීන්ද සුගම කාර්ය පරිපාටි නිමැයීමට ක්‍රියා කිරීම අවශ්‍යවේ. පළාත් සභා රාජ්‍ය යාන්ත්‍රණයේ එක අතක්‌ බව දෙපාර්ශ්වයම අමතක නොකිරීම මෙහිදී වැදගත් වන අතර බලය උදුරා ගැනීම නොව බෙදා ගැනීම මේ අභ්‍යාසයේ ක්‍රියා පද්ධතිය බව දෙපාර්ශ්වයම තේරුම් ගැනීමට අවශ්‍යය.

අන්තවාදී දේශපාලනයෙන් ද්‍රවිඩ සන්ධානයද, රජයද, බැහැර වීමට ඇති සූදානම මෙහිදී වැදගත් වේ. පළාත් සභා පොලිස්‌ බලතල සාවද්‍ය ලෙස පරිහරණය කළහොත් පළාත් සභාවලට මැදිහත් විය නොහැකි හමුදා හා විධායක බලතල එරෙහිව යොදා ගැනීමේ තර්ජනයක්‌ ඇති බව පළාත් බලධාරීන් සිත් තබා ගත යුතු වන්නේ මෙහෙයිනි. එහි උච්චතමය 13 ව්‍යවස්‌ථා සංශෝධනයේ 154ඔ යටතේ පරිපාලනය ඇනහිටීමට එරෙහිව ගන්නා පියවරවලින් අවසන් වීමට වුවද ඉඩ ඇති බව රතුඉර පනින පළාත් සභා සිත් තබා ගැනීම මැනවි.

ජාතික පොලිසිය විසින් විමර්ශනය කළ යුතු වරදවල් පිළිබඳව ලැයිස්‌තුව 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයේ 29-30 පිටුවල උපලේඛනගත උක්‌ත ලැයිස්‌තුව යටිමඩි ගැසීමක්‌ ප්‍රවෘත්ති මැවීමේදී දක්‌නට ඇත. මේ ලැයිස්‌තුවට අන්තර්ගතවන රජය, ත්‍රිවිධ හමුදා, මැතිවරණ, මුදල්, මුද්දර ආදිය පිළිබඳ, නම්කර ඇති අගමැති වැනි ප්‍රභූ බලධාරීන්, රාජ්‍ය ප්‍රාග්ධන හා දේපළ, ජාතික ආරක්‍ෂාව, සංවෘත ලැයිස්‌තුවේ සඳහන් ජනාධිපතිවරයා විසින් බැහැර නොකරන ලද වරද, බහු පළාත් අධිකාරයන්ට අදාළ වරද, ජාත්‍යන්තර වරද ආදී එකොළොස්‌ වැදැරුම් වරද පිළිබඳව ක්‍රියා කිරීමට පළාත් පොලිස්‌ සේවයට කිසි ඉඩක්‌ නොමැති බවත්, උපලේඛනයේ 11(2(අ), (ආ), 12(1, 12(2, 12(3 ආදී මහජන සාමය සඳහා ජාතික පොලිසිය සතු බලතල විශාල බවත් ප්‍රාඥයන්ගේ හා පුවත් කලාවේදීන්ගේ දැනුමෙන් මැකී ගොස්‌ය.

ඉහතින් දැක්‌වුණු සංසිද්ධීන් සාමාන්‍යයෙන් සාකච්ඡාවට බඳුන් වන විට පවා සඳහන් වන්නේ පළාත් පොලිසි පවත්වාගෙන යන විට නීතිය එසේම ක්‍රියාත්මක නොකෙරෙනු ඇති බවය. එසේ නම්, බලගතු ඒකීය රාජ්‍යය හා රජය ගරා වැටී ඇත්ද විමසනු විනා අන් කළ හැකි දෙයක්‌ නොමැතිය·

| ඔස්‌ටින් ප්‍රනාන්දු |

උපුටා ගැනීම දිවයින වෙබ් අඩවියෙනි

www.divaina.com/2014/06/17/feature01.html

nntrr
 

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment