විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ භාෂණයට හඩක් – ජීවිතයට ඉඩක් වෙනුවෙන් සිවිල් සමාජය පෙළ ගැසේ

Jun 20th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

web1

මට හෙට ගෙදර යන්න පුළුවන්ද කියලා විශ්වාසයක් නැහැ

‘‘දැන් කතා කරන මට හෙට ගෙදර යන්න පුළුවන්ද කියලා විශ්වාසයක් නැහැ. මාව මරා දායිද කියලා අත්අඩංගුවට ගනියිද කියලා දන්නේ නැහැ. දැන් මම මෙතන වැරදි දෙයක්, නීති විරෝධී දෙයක් කළාද? මම වැරැද්දක් කළොත් මාව අත් අඩංගුවට ගන්න.’’

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අමිර්තලිංගම් රාසකුමාර් මහතා මෙසේ ප‍්‍රකාශ කළේ ජූනි 10 වන දින කොළඹ 07 ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි. රාජ්‍ය අධ්‍යාපනය රැුක ගැනීම ස`දහා විශාල අරගලයක යෙදුණු උතුරේ යාපනය විශ්වවිද්‍යාලයේ සහ දකුණේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ඇතුළුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ක‍්‍රියාකාරීන්ට එරෙහිව එල්ල වී ඇති තර්ජනයන්ට සහය පළ කිරීම ස`දහා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට සහයෝගය පළ කිරීම පිණිස නිදහසේ වේදිකාව ඇතුළුව නීතිඥ සංගම්,මාධ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන එක්ව මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

එම මාධ්‍ය හමුවේදී ආචාර්ය අමිර්තලිංගම් රාසකුමාර් මහතා දෙමළ සහ ඉංග‍්‍රීසි බසින් පමණක් නොව අපහසුවෙන් වුවද සිංහල බසින්ද අදහස් දැක්වීය. එම අදහස් දැක්වීම 2014 ජූනි 15 රාවය පුවත්පතේ පළවිය. මෙම අදහස් දැක්වීමෙන් අනතුරුව පැමිණි සිටි මාධ්‍යවේදීන් දිගින් දිගටම රාසකුමාර් මහතා වෙත ප‍්‍රශ්න වැලක් ඉදිරිපත් කළ අතර එම ප‍්‍රශ්න සහ රාසකුමාර් මහතා ලබා දුන් පිළිතුරු මෙවර සමබිම ඉරිදා සංග‍්‍රහයේ පළකරනුයේ එම`ගින් උතුරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එල්ල වෙන තර්ජනයන් ගැන පමණක් නොව දකුණේ මාධ්‍යවේදීන් උතුරේ ප‍්‍රශ්න පිළිබ`දව දක්වන ආකල්පය පිළිබ`දවද අපට තේරුම් ගැනීමට හැකි වන නිසාය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා නීතිඥයෝ කැදවුම්කරු නීතිඥ ලාල් විජේනායක, නීතීඥ එකමුතුව වෙනුවෙන් නීතීඥ ජේ.සී. වැලිඅමුණ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනිල් ජයසේකර සහ නිදහසේ වේදිකාව වෙනුවෙන් එහි කැදවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වෙනුවෙන් චන්ද්‍රගුප්ත තේනුවර අදහස් දක්වන ලදී.

රාසකුමාර් මහතා මේ මාධ්‍ය හමුවේදී තමන්ට සහ තම පාසැල් යන දියණියට එල්ලවී ඇති තර්ජනයන් පිළිබද හෙළිකර සතියක් ගත වන්නට පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපතිවරයා වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට සහ ඔහුගේ දියණියට නා`දුනන පුද්ගලයන්ගෙන් මරණ තර්ජන එල්ල වන තත්ත්වයක් උදා වී ඇති බව පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.


web2

කෑම දෙනවා. පාර දෙනවාඃ
අයිතිවාසිකම් ඉල්ලූවොත් එ්ක බෑ

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති
ආචාර්ය අමිර්තලිංගම් රාසකුමාර්

ඔබතුමාට මොනව කියලද තර්ජනය කරන්නේ?
‘‘මේ කරන්නේ අන්තිම warning එක. ආයේ මරණ දඬුවම තමයි. යන්න වෙන්නේ උඩින්’’ කියලා කියනවා. දෙමළෙන් උඩින් යනව කියන්නෙ මැරෙනවා කියන එක.

ඔබතුමාට විශ්වවිද්‍යාලයෙන් අයින් වෙන්න කියලද තර්ජනය කරන්නේ?
මම හිතන්නේ ඒගොල්ලො මගේ කට වහන්න තමයි උත්සාහ කරන්නේ. මම වැරදි වැඩ කතා කරන්නේ නෑ. සාමාන්‍යයෙන් අපි produce  කරන්නෙ උපාධි විතරයි. ඒත් අපි produce කරන්න ඕනි thinking එකත්. ඒක වැරදියි කියලයි මේගොල්ලො කියන්නේ. ඕගොල්ලො ඉල්ලන්න කෑම දෙනවා. පාර දෙනවා. අයිතිවාසිකම් ඉල්ලූවොත් ඒක බෑ. අයිතිවාසිකම් නම් ඉල්ලන්න එපා කියනවා. මම ඉල්ලන්නෙ අයිතිවාසිකම් එක්ක අධ්‍යාපනය. ඒක තමයි අපේ සමාජයට ඕනි.

ඔබතුමාට මේ සේරම බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තෙ ඔබතුමා මියගිය ඥාතීන් සමරන්න ඕනි කියල ප‍්‍රකාශයක් කළ නිසාද?
2012 මම කතා කළා ශිෂ්‍යයින්ට පහර දීම සම්බන්ධයෙන් ඒක වැරදියි කියල. අපේ ආචාර්ය සංගමය උද්ඝෝෂණයක් කරා. මම මාධ්‍යවේදීන්ට statement එකක් දුන්නා. කව්රු කළත් මේක නවත්වන්න. විශ්වවිද්‍යාලය සාමයෙන් පැවැත්වෙන්න ඉඩදෙන්න කියලා. කවුරු කළත් මේක ආයේ කරන්න එපා කියලා. එතකොට තමයි මරණ තර්ජන එන්න පටන් ගත්තේ.

ඔබතුමා කිසිම අවස්ථාවක කිව්වෙ නැද්ද මිය ගිය අය සරමන්න ඕනි කියල?
මම කිව්වා. දැනුත් කියනවා. ගිය මාසෙ මම කිව්වා. 2009 යුද්දෙන් මිය ගිය සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන්. අනිත් ආගම්වල බණ කියනවා වගේ අපේ ආගමේ හැටියට ඒ වතාවත් කරන්න. ඒක අපිට කරන්න අයිතිය තියෙනවා. නීතිය අනුව අපිට ඒ අයිතිය තියෙන්නෙ. නීතියට එරෙහිව නෙවෙයි.

ඒකෙ මේ සාමාන්‍ය ජනතාව කියන පදය ඇතුලෙ දෙමළ ජනතාව කියන පදය තියෙනවාද?
එහෙම කිව්වෙ නෑ. අපි කිව්වෙ නෑ කොටි කියල. යුද හමුදාවට එපා දෙමළ ජනතාවට විතරයි කියල. අපි කිව්වා යුද හමුදාවටත් තියෙනවා. JVP අයට විරු දිනේ තියෙනවා. අපි ඉල්ලූවා අපේ මිය ගිය අය වෙනුවෙන් අපේ ආගමේ ශෝක දිනයක් pray කරන්න දෙන්න කියලා.

ඇයි එතකොට වෙල්ලි මුල්ලෙවයික්කාල් විතරක්?
අවුරුදු 30ක යුද්ධයෙන් ලක්ෂ ගාණක් මිනිස්සු මිය ගියා. වෙල්ල මුල්ලෙවයික්කාල් වලදි තමයි වැඩිම ප‍්‍රමාණයක් මිය ගියෙ. ඒ නිසා අපි මැයි මාසේ හොඳයි කියල තීරණය කළේ. අපිට ඒ ගොල්ලො කිව්ව නොවැම්බර් මාසේ ගන්න කියල. නොවැම්බර් මාසේ ඕගොල්ලෝ කියනවා කොටින්ගේ මහවිරු දිනේ කියලා. ඒ නිසා ඒක එපා, මැයි මාසේ එපා කියන්නේ ඇයි කියලා ඇහුවම ඒ අය කිව්වා ඒක ප‍්‍රභාකරන් මිය ගිය දවසයි. එයාගෙ බොඩි එක හම්බවුණ දවසයි කියලා. මං කිව්වා යාපනයේ ඉන්න වැඩිදෙනා පිළිගන්නේ නැහැ ප‍්‍රභාකරන් මැරුණ කියල. ඒක හරි අපි දන්නේ නැහැ ප‍්‍රභාකරන් මැරුණද නැද්ද කියල. ඕගොල්ලො කියනවා 18 ප‍්‍රභාකරන් මැරුණ දිනය 19 එයාගෙ body එක හොයාගත්ත දිනය. ඒ නිසා ඒකත් එපා. ඒ නිසා මැයි 21 වෙනිද දෙන්න කියලා අපි ඉල්ලූවා. ඒකටත් කිව්වා ඕගොල්ලො එකතුවුණොත් P.T.A එක යටතේ අපිට පුළුවන් හමුදාව, පොලීසියට කෙලින්ම විශ්වවිද්‍යාලෙට ඇතුල් වෙන්න කියලා.

ප‍්‍රභාකරන් මැරුණ කියලා යාපනේ ද්‍රවිඩ ජනතාව සහ ඔබතුමත් පිළිගන්නේ නැහැ නේද?
අපි කව්රුත් දන්නේ නැහැ. බලනකොට අර ෆොටෝ එකේ ඉන්නෙ ප‍්‍රභාකරන්ද කියල අපිට කියන්නත් බැහැ. ප‍්‍රභාකරන්ද නැද්ද? ඒ නිසා අපිට ඒ කතා එපා. එයා මිය ගියාද? නැද්ද? ඒවා එපා. අපි ඒවා මුකුත් කතා කළේ නැහැ.

ඔබ සියලූදෙනා ඇතුළුව FUTA සියළු දෙනාම ඉන්නෙ ප‍්‍රභාකරන් සම්බන්ධයෙන් කතිකාචාර්යතුමාගේ මතයේද?
(මේ අවස්ථාවේදී මාධ්‍ය හමුවේ උණුසුම් තත්ත්වයක් ඇති වු අතර මෙහිදී මැදිහත් වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අවසාන ප‍්‍රශ්නය ඇසූ මාධවේදියාගෙන් පෙරලා මෙසේ ප‍්‍රශ්න කළේය.)
ඇයි අපි සියලූදෙනාම එහෙම ඉන්න ඕනෙ? ඔබතුමා මෙතන තව ගොඩක් ඒවා කිව්වම ඇහුවෙ නැහැ ඔක්කෝම එක මතේද ඉන්නෙ කියලා. ඒක එතුමා ඉදිරිපත් කරපු පුද්ගලික අදහසක්. ඇයි ඒක පොදු අදහසක් කරගන්නේ. ඒක අවශ්‍ය නැහැ.

රාසකුමාර් මහතා සිංහල භාෂාවෙන් ලබාදුන් පිළිතුරු සංස්කරණයකින් තොරව පළ කොට ඇත.


web3

තවදුරටත් බලාගෙන ඉන්න බැහැ

පැෆරල් සංවිධානයෙ විධායක අධ්‍යක්ෂ –
රෝහණ හෙට්ටිආරච්චි

අපි නිරීක්‍ෂණ සංවිධානයක්. අපේ මධ්‍යස්ථභාවය, අපක්ෂපාතීත්වය අපේ ක‍්‍රියාකාරීත්වය තුළ පෙන්වන්නට අවශ්‍යයි. මෙවැනි පොදු වේදිකාවලට අපි සම්බන්ධ වෙන්නේ ප‍්‍රවේශමෙන් තෝරාගෙන. එවැනි වටපිටාවක තමයි අපි තීරණය කළේ අද දවසේ මේ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡුාවට සහභාගි විය යුතුයි කියල.

අප රටේ අධ්‍යාපනයෙ කේන්ද්‍රය විශ්වවිද්‍යාල පද්ධතියයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපේ රටේ දේශපාලන,ආර්ථික,සමාජීය මේ ඕනෑම අංශයක් පිළිබඳව අපිට මග පෙන්වන ප‍්‍රධාන කණ්ඩායමක්. එවැනි පිරිසකට අපි දැක්කා පසුගිය කාලෙ දිගින් දිගටම අභියෝග, තර්ජන, මරණ තර්ජන එල්ල වුණ ආකාරය. මේ වෙලාවෙ ජනතාවට, විශ්වවිද්‍යාල ප‍්‍රජාවට ඔවුන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට අභියෝග එල්ල වෙනව නම්, ඔවුන්ගේ අදහස්, මතවාද ශිෂ්‍ය ප‍්‍රජාවට ඉදිරිපත් කරන්න යම් බලපෑමක් එල්ල වෙනව නම් එවැනි අවස්ථාවක ඔවුන් සමග අත්වැල් බැඳගැනීම අපේ යුතුකමක් හා වගකීමක්.

ඒ වගේම ඔවුන්ට යම් තාඩනයක් පීඩනයක් එල්ල වෙනව නම් ඒ වෙනුවෙන් අපි ඔවුන් සමග සිටගන්නව කියන පණිවිඩය අපිට දෙන්න අවශ්‍ය වුණා. ඒ නිසා තමයි අපි පැෆරල් සංවිධානය විදිහට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නෙ. ඒ වගේම ඉදිරියෙදිත් මේ අරගල වලදිත් අපිට අපේ පුළුවන් සීමාව තුළදී සෑම විටම ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්ක එකට සිටගන්න කැමතියි.


web4

ඒගොල්ලො කියන විදිහට නටන්න
අපි ලැහැස්ති නැහැ

නිදහසේ වේදිකාව කැදවුම්කරු
නීතීඥ සුදර්ශන ගුණවර්ධන

2009 ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කරපු අවස්ථාවේ අපි මේ රටේ භාෂණයට හඬක් – ජීවිතයට ඉඩක් කියන තේමාව යටතේ ජීවත් වීමේ අයිතිය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි නිදහසේ වේදිකාව නමින් පළල් එකතුවක් ගොඩනැගුවා. අපි අපේ ඉලක්ක ජයගෙන තියෙනවද? කියන ප‍්‍රශ්නය අපි ඇසිය යුතුයි.
2009 යුද්ධය අවසානයෙන් පස්සෙ ජයග‍්‍රහණය සමරමින් පෝද්දල ජයන්ත කියන ජනමාධ්‍යවේදියට පහර දීලා ඔහුගෙ ජීවිතය විතරක් බේරල අතපය කඩල ඔහුට පාඩමක් ඉගැන්නුවා. ඒ අපරාධකරුවන් තාමත් නිදැල්ලේ. අපි ඒ වෙලාවෙත් එකතු වෙලා පාරට බැහැලා රැස්වීමක් තියල කිව්වා මෙවැනි ක‍්‍රියා වලට අපි විරුද්ධයි කියලා. රටේ කිහිප දෙනෙක් හරි ඉස්සරහට ඇවිල්ලා මේවට විරුද්ධව හඬක් නැගුවොත් තමයි මේවා වළක්වන්න පුළුවන් වෙන්නේ. අද අවුරුදු 5කට පස්සෙ යාපනය විශ්වවිද්‍යාලයෙ ආචාර්යවරුන්ගේ සංගමයෙ සභාපතිතුමාට සලකපු ආකාරය ඔබ අසා සිටියා.
මේක තනි හුදකලා සිදුවීමක් නෙවෙයි. ආයතනගත ක‍්‍රියාවලියක්. ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට කියල හදපු නීතිය සහ ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට හදපු ආයතන පද්ධතිය පාවිච්චි කරමින් විසම්මුතිය, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස වගේම අධ්‍යයන නිදහස සීමා කිරීමක් තමයි සිදු කරමින් පවතින්නෙ. ඒක යාපනයේ සිදු වෙනවා ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලෙත් සිද්ධ වෙනවා. මේ මගින් දෙන්න හදන පණිවිඩය තමයි ‘අපි කියන විදිහට හිතන්න. අපි කියන විදිහට නටන්න’ කියන එක. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස තියෙන්නේ රජය කැමති විදිහට අදහස් ප‍්‍රකාශ කළොත් විතරයි.

අපි මේ මාධ්‍ය හමුව ඒකාබද්ධව කැඳවල සංකේතාත්මකව කරන්නෙත් පණිවිඩයක් දෙන එකයි. අපි කියනවා අපි ඒගොල්ලො කියන විදිහට ඉන්න ලැහැස්ති නැහැ කියලා. මේ රටේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් අධ්‍යයන නිදහස වෙනුවෙන් අපි ඒකාබද්ධව පෙනී සිටිනවා. අපි ඒ නිසා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙ සාමාජිකයන්ට එරෙහිව මේ අවස්ථාවේ මේ ගෙනෙන මර්දනයට විරුද්ධව ඒකාබද්ධව කතා කරන්නෙ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ සමිති සම්මේලනය කියල කියන්නෙ මේ රටේ පසුගිය කාලෙ ඉතාමත්ම වැදගත් අරගලයක් මෙහෙයවපු සංවිධානයක්. මේ අරගලයට සාමාන්‍ය මිනිස්සුන්ව සම්බන්ධ කරගත්තා ඒ නිසා මහජනයා අතරෙ තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ඉස්සරහට එන්න ඕනි කියන අදහස ඇති වුණා. යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුනුත් ඒ සටනේ ඉදිරියෙන්ම සිටියා. අපි ඔවුන් තනි කරන්නේ නැහැ.


web5

මේක අපි හැමෝගේම අරගලයක්
නීතීඥ ජේ.සී.වැලිඅමුණ

පහුගිය මාසයක පමණ කාලය තුළ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙ ක‍්‍රියාශීලි සාමාජිකයින් කිහිපදෙනෙක්ට මරණ තර්ජන එල්ලවෙමින් තිබුණා. රජය එවැනි මරණ තර්ජන හමුවේ ක‍්‍රියා කරන ආකාරයත් විශේෂයෙන් අධ්‍යාපනය සම්බන්ධව ඇති වී තිබෙන අභියෝගයන්ට රජය මුහුණදෙන ආකාරයත් විමසා බැලූ විට විශ්වවිද්‍යාලවල ප‍්‍රජාව ඒ කියන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමතරව ප‍්‍රධාන භූමිකාවක් ලෙස ගෙන අධ්‍යාපන අයිතිවාසිකම් සම්බන්ධව විශාල අරගලයක් ගෙන ගිය FUTA සංවිධානය සමග අප එක්වීම සිවිල් සංවිධානවල යුතුකමක් විදිහට අපි දැක්කා.
FUTA අරගලය මෑතකදි මුළු රටම එකතු කරගන්න පුළුවන් වෙච්ච අරගලයක්. අධ්‍යාපන ආරක්‍ෂා කිරීම සඳහා ඒ සටන යළි ආරම්භ කරන්න ඕනි කියන පණිවිඩය දෙන්න තමයි අපි මේ ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳෙව්වේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එල්ලවන තර්ජන පිළිබ`දව අපි ඉතා පරීක්‍ෂාකාරීවයි ඉන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මේ අරගලය අපි හැමතිස්සෙම කියා සිටින විදියට ඔවුන්ගේ අරගලයක් පමණක් නොවේයි, අපි හැමෝගේම අරගලයක්.

එම අවස්ථාවේ ඡායාරෑප මෙතනින් බලන්න

bnq1

Recent Posts

Tags: , , , , , , , , , , ,

Leave a Comment