ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව පැත්තක් ගැනීම

Jul 4th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

එක්දහස් නවසිය අසූ තුනේ ජූලි මාසයේදී දෙමළ ජනයාට එරෙහිව සිදු කරන ලද සංවිධානාත්මක ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හෙවත් ජනප‍්‍රිය වහරේ එන හැටියට කළු ජූලිය සිදුවීමෙන් වසර තිහකුත් මාස එකොළහකට පසු නැවත වතාවක් රට ගිනි ගැනීමට ආසන්න තත්ත්වයක් උදාවිය. ඒ මුස්ලිම් ජනතාවට එරෙහිව බේරුවල සහ අළුත්ගම ප‍්‍රදේශවල දියත් වූ ප‍්‍රචණ්ඩත්වයයි. පසුගිය කාලය මුළුල්ලෙහි මේ රටේ ජීවත්වන මුස්ලිම් ජනයාට එරෙහිව ගෙන ගියාවූ ද්වේශ සහගත මතවාදයන් කූටප‍්‍රාප්ත වූ අවස්ථාවක් ලෙස මෙම සිදුවීම් දැකිය හැකි විය.

කළු ජූලියේදී මෙන්ම කළු ජූනියේද දැකිය හැකි එක් සමානත්වයක් වූයේ රාජ්‍යයේ මතවාදී උපකරණයන් මෙන්ම මර්දන උපකරණයන්ද විපතට පත්ව සිටි වාර්ගික/ආගමික සුළුතරය බහුතරයට අයත් සංවිධානාත්මක කල්ලි විසින් හිංසනයට පත් කරද්දී පීඩකයා ආරක්ෂා කිරීමයි; එසේ නැත්නම් අඩු ගණනේ මධ්‍යස්ථව සිටීමයි.

මේ අවස්ථාවේදී සියළු බලතල සහිත රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා විසින් ගන්නා ලද්දේ ‘දෙපාර්ශ්වයේම සිටින අන්තවාදීන් මේ පිළිබඳව වගකිව යුතුය’ යන ස්ථාවරයයි. විපතට පත්වූ සියළුදෙනාටම වන්දි ලබාදෙන බව ඔහු විසින් ප‍්‍රකාශ කළත් පසුගිය කාලය මුළුල්ලේම මෙම වර්ගවාදී ආගම්වාදී ගින්න ජනමාධ්‍ය සහ ප‍්‍රසිද්ධ රැස්වීම් ඔස්සේ ඇවිලවීමට ක‍්‍රියා කළ පුද්ගලයන් සහ සංවිධාන දෙස ඇඟිල්ල දිගු කිරීමට ඔහු නිර්භීත නොවීය. ඊටත් වඩා තම ආණ්ඩුවේ මර්දන උපකරණ සහ මතවාදී උපකරණ මෙහෙයවන්නන් මෙම සිදුවීම හා සම්බන්ධව සිටින බවට වූ චෝදනා පරීක්ෂා කරන්නටද ඔහු ක‍්‍රියා නොකළේය.

සියළු විරුද්ධ පක්ෂ විසින් ආරාධනා කරන්නේ නම් ජනාධිපතිවරණයකදී වර්තමාන ජනාධිපතිවරයාට විරුද්ධව පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වීමට තමා සූදානම් බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ප‍්‍රකාශ කරන ලද්දේද මෙම පසුබිමෙහිය. නමුත් මුස්ලිම්වරුන්ට එරෙහිව දිගහැරෙමින් පැවතුන ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව උන්වහන්සේ තුෂ්ණිම්භූතව සිටින ලද්දේ මේ ගැන කථා කළහොත් බහුතරයේ ඡුන්ද අහිමිවිය හැකි බවට උපදේශකයන්ගේ උපදෙස් අනුව විය හැකිය.

මෙම තත්ත්වය යටතේ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කළ ආකාරය විශේෂයෙන් කැපී පෙනේ. රාජ්‍ය නායකයා ජාතික වශයෙන් වැදගත් කිසිම සිදුවීමක් සම්බන්ධයෙන් සිය සෘඡුුු මතයක් ප‍්‍රකාශ නොකර රට අවුලෙන් අවුලට වැටීමට ඉඩහැර ඇති තත්ත්වයක් තුළ විපක්ෂනායකවරයා එයට විපක්ෂව අනුගමනය කරන්නේ රටට අදාළ බොහෝ කරුණු සම්බන්ධයෙන් තමන්ට පුද්ගලිකව අවාසි සහගත වන අවස්ථාවලදී පවා සිය මතය ඉදිරිපත් කිරීමයි. අළුත්ගම- බේරුවල සිදුවීම් සිදු වූ වහාම ඒ පිළිබඳව සොයා බැලීමට මන්ත‍්‍රීවරුන් පිරිසක් ඒ ස්ථානයට යැවූ ඔහු පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් මෙම සිදුවීමට ‘බොදු බල සේනා’ නම් සංවිධානය වගකිව යුතු බව ප‍්‍රකාශ කළේය. එපමණක් නොව මාවනැල්ල සහ බදුල්ල ප‍්‍රදේශවලද මුස්ලිම්වරුන්ට එරෙහිව වෛර සහගත හැඟීම් ඇති කරවන ආකාරයේ මහජන රැුස්වීම් පැවැත්වීමට කිසියම් පිරිසක් විසින් ගනිමින් තිබෙන උත්සාහයන් වැළැක්වීමට කටයුතු කරන ලෙසද ඔහු පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය. එතැනින් නොනැවතී මේ පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැුස්වීමක් කැඳවන ලෙසද ඔහු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සිරිත් පරිදි ආණ්ඩුව මේ සිදුවීම තවත් එක සිදුවීමක් වශයෙන් සලකා ලිස්සා යාමට කටයුතු කරද්දී විපක්ෂනායකවරයා අළුත්ගම ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සහ ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කර නැවත එවැන්නක් සිදුවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට විශේෂ මහජන මන්ත‍්‍රණ සභාවක් පාර්ලිමේන්තු පරීශ‍්‍රයේදී පසුගිය ජූනි 26 වැනිදා කැ`දවන ලදී. විපක්ෂනායක ආරාධනය පරිදි විවිධ ආගම්වලට අයත් ආගමික නායකයින්, දේශපාලන පක්ෂ නායකයින් සිවිල් සංවිධාන ක‍්‍ර‍්‍රියාදරයින් සහ අළුත්ගම, බේරුවල, දර්ගා නගරය ආදි ප‍්‍රදේශවල විපතට පත් ජනතාව විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී විය.

එම අවස්ථාවට සහභාගීවූවන්ගේ අදහස් මෙතනින් බලන්න

uuuu

 

Recent Posts

Tags: , , , , , , , , , , , , , , ,

Leave a Comment