අසූ තුනේ අපට වැරදුනාඃ නැවත ඒ වැරැද්ද වෙන්න ඉඩ තියන්නේ නැහැ – විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

Jul 4th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

අපේ අරමුණ වන්නේ යළිත් වතාවක් මේ රටේ කළු ජූලියක් ඇතිවීම වැළැක්වීම බව කිව යුතුයි. අසූ තුනේ කළු ජූලියේදී නීතිය අතට ගත් පිරිසක් රට පුරා කල කෝලාහල ඇති කළා. ඒ කළ කෝලාහල පාලනය කිරීමේදී අපේ පැත්තෙන් අඩුපාඩු සිද්ධ වුණා. ඒ අත්දැකීම් අපට තියෙනවා. සමහර අවස්ථාවලදී නිවැරදිව සහ විධිමත්ව අප කි‍්‍රයාත්මක වුනේ නැහැ. ඒ වගේම ද්‍රවිඩ ජනතාවට ඇතිවූ කරදර සම්බන්ධයෙන් අප කණගාටුව පළ කළේ නැහැ. එම සිදුවීමෙන් පසුව අපට සිදුවුනේ ඉදිරියට යෑම වෙනුවට පසුපසට යෑමටයි. යුද්ධයෙන් මිනිස් ජීවිත ලක්ෂ ගණනක් අහිමි වී රටට විශාල විනාශයක් සිදුවුණා. යුද්ධය අවසන් වුණත් ඊට තුඩුදුන් ප‍්‍රශ්න තවමත් විස`දී නැහැ.

එවන් පසුබිමක් තුළ තවත් ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇතිකර ගැනීමට අපට කිසිදු අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. දැන් එවැනි ගැටුමක් ඇතිවුණොත් එය කෙතරම් දුරදිග යාවිදැයි අපට කියන්න බැහැ. එවැනි අවදානම් තත්ත්වයක් රටේ ඇතිවීම වළක්වා ගැනීම ස`දහා දේශපාලන පක්ෂ නායකයන් සියළුදෙනාම පාර්ලිමේන්තුවට කැදවා සාකච්ඡාවක් කරන මම අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියත් එය සිදුවුණේ නැහැ.

ඒ පළාතේ ප‍්‍රධාන පන්සල් වෙහෙර විහාරස්ථාන ගණනාවත් තියෙනවා. ඒවායේ නායක ස්වාමීන් වහන්සේවරුන්ට මේ ප‍්‍රශ්නය භාර දුන්නා නම් මේ දක්වා ප‍්‍රශ්නය ඔඩු දුවන්නේ නැතිව විසඳන්න තිබුණා. නමුත් එහෙම වුණේ නැහැ. අවස්ථාව දුන්නේ පිටින් ආපු අයට පිටින් ආපු සංඝයා වහන්සේලා සහ ගිහියන් කරපු කතා ආගමික දේශන නෙවෙයි.

ජාතිවාදී, ආගමික ප‍්‍රශ්න ගොඩ නගන්න යම් පුද්ගල කණ්ඩායම්වලට ඉඩ දෙනවා නම් ඒක රටට හොඳ නැහැ. ඒ නිසා ප‍්‍රථමයෙන්ම මේ සිද්ධිය පිළිබද විධිමත් සහ සාධාරණ පරීක්ෂණයක් කිරීම අත්‍යාවශයි.

දැනට සිදුවන පරීක්ෂණ ගැන අපට පමණක් නොවෙයි අධිකරණ ඇමැතිවරයාටවත් විශ්වාසයක් නැහැ. අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ පරීක්ෂණ වාර්තාව සැක සහිතයි කියලා අධිකරණ ඇමැතිවරයා ප‍්‍රකාශ කරලා තියෙනවා. නීතිය ගැන විශ්වාසය නැති වුණොත් මිනිස්සු නීතිය අතට ගන්නවා.

විවිධ ආගම් අතර ප‍්‍රශ්න නොමැති බව මම කියන්නේ නැහැ. විවිධ ආගම් අතර විවිධ ප‍්‍රශ්න තියෙනවා. ඒත් ඒ ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඇතිවිය හැකි උණුසුම් තත්ත්වයන් අප වළක්වා ගත යුතුයි.

මේ ක‍්‍රමය තවදුරටත් ඉදිරියට යන්න ඉඩ දිය නොහැකි බවත් ඒ සදහා පියවර ගත යුතු බවත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ද අප සමග පවසනවා. ඒත් ආණ්ඩුවෙන් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අනුගමනය නොකරන තත්ත්වයක් තුළයි මම මේ ආගමික සහ ජාතික සහජීවනය ගොඩනැගීමේ කතිකාව ඇති කිරීම වෙනුවෙන් මෙම සමුළුව කැදෙව්වේ.


බලකායවල් කියන්නේ ඇමැතිවරුන්ගේ පන්දම්කාරයෝ ටිකක්

ශි‍්‍ර ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමි

ශ‍්‍රී ලංකාවේ ජීවත්වන සෑම කෙනෙක්ටම බයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ශ‍්‍රී ලංකාව කියන්නේ සියලූ ආගම් හා ජාතීන්වල පුද්ගලයන් සහජීවනයෙන් ජීවත් වෙච්ච රටක්. මේ රටේ කිසිම කෙනෙක් තුළ තිබුණේ නැහැ ආගමික ශක්තිය වර්ධනය කරගෙන තමන්ගේ ආගමක් ප‍්‍රමුඛත්වයට ගේන්න. වර්තමානයේදී මේ රට විවිධ ක‍්‍රමවලට බෙදිල වෙන්වෙලා ගිහින් තියෙන්නේ.

ජාතීන් සහ ආගම පදනම් කරගෙන බෙදීම ඇති වන්නේ 1956 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීමත් සම`ගයි. ඊට පස්සේ එක පාසලක එකට ඉගෙන ගත්ත අය ඒ භාෂා ප‍්‍රතිපත්තිය නිසා මුස්ලිම් පාසල්, ද්‍රවිඩ පාසල්, සිංහල පාසල් ලෙස වෙන්වෙලා ගියා. එදා සිට මේ පාලකයිනුත් ජාතිවාදයත් ආගම්වාදයත් අවුස්සා එමගින් වාසි ලබාගෙන රට පාලනය කිරීමට කටයුතු කළා.

දේශපාලකයන්ගේ වුවමනා මත තමන්ගේ දේශපාලන බලය යොදවා ගන්න මහජනතාව අතකොළු බවට පත්කොටගෙන කලකෝලහලයකට ජනතාව පෙළඹුවා. ඒක අවසාන වුණේ විශාල ජීවිත හානියකුත් සමග වුන 30 අවුරුදු යුද්ධයකින්.

දැන් සිදුවන සියලූ දෙයට පාලනය කරන රජය වගකිව යුතුයි. රජයේ විවිධ මැති ඇමතිවරුන්ගේ ඕනෑ එපාකම් මත ගොඩ නැෙ`ගන ඇමතිවරුන්ට පන්දම් අල්ලන පන්දම් කාරයෝ ටිකක් තමයි මේ බොදුබල සේනා, රාවනා බලකාය, දුටුගැමුණු බලකාය කියලා විවිධ නම් වලින් එන්නේ්.

ජාතික සම`ගියෙන් ජීවත් වන මිනිස්සුන්ගේ හිත්වල වෛරය ඇති කරන මේ සංවිධාන විවිධ අවස්ථාවලදී පුද්ගලයන්ට තර්ජනය කිරීම් සිදු කළා. රජයේ ආයතනවලටත් පැන්නා. මම අහනවා මොන පොලීසියකින්ද මේ පිළිබඳව ප‍්‍රශ්න කරේ?

මම ජනතාවට කියන්නෙ සිහි බුද්ධියෙන් කටයුතු කරන්න. බලයක් නැති අය බලයක් ලබා ගන්න විවිධ ක‍්‍රියාවල නිරත වෙනවා. ඒ නිසා සියලූමදෙනා ආගමික සහජීවනයකින් අවබෝධයකින් සිටිය යුතු වෙනවා. මේ ත‍්‍රස්තවාදය කවුරුවත් අනුමත කරන්නේ නැත. මුස්ලිම් අය මෙහෙට ආවේ වෙළඳාම් කරන්න. ඒ වනවිට ආවෙ පිරිමි පාර්ශ්වයේ අය විතරයි. ස්ත‍්‍රී පක්ෂය ගෙනාවේ නැහැ. සිංහල ගැහැණුත් එක්ක පවුල් කෑවා. මේ ඇති වෙච්ච ජනතාවට අපි තම්බි කියල කිව්වා. තම්බි කියලා කිව්වේ මල්ලි කියන එක. මොකද භාගයකින් සිංහල භාගයක් මුස්ලිම්. අපි ලාංකිකයන් වශයෙන් එකට ජීවත් වෙන්න කිසිම බාධාවක් නැහැ.


බියවුණ පුද්ගලයා භයානකයි ඃ
බිය නැති කළ හැක්කේ සාධාරණ පරීක්ෂණයකින්
නිදහසේ වේදිකාවේ නියෝජිත මුසාම්මිල් කාදර්

මම ආඩම්බර වෙනවා මේ අවස්ථාවේ මුස්ලිම් පූජකවරයෙකුට වඩා සිවිල් සංවිධාන ක‍්‍රියාදරයෙක් විදියට මේ රටේ ඇති තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීමක් ලබා දුන්නාට.

අද අපට මුහුණ පාන්න වෙලා තියෙන්නේ විනිශ්චය කරගත නොහැකි දිසාවකට යන මාර්ගයක. ඒක ඉතාම අත්භූත දෙයක්. අපි කොහොමද මේ රටේ ජීවත් වුණේ. අපිට සහෝදරයන් විදියට තමයි සැලකුවේ.

අපි ජීවත්වුනා සංහිඳියාවකින්. අපි අතරේ වෙනස්කම් තියාගෙන අපට ජීවත්වෙන්න පුළුවන් නම් තමයි ඒක ලස්සන වෙන්නේ. අපි අතර විවිධ මතිමතාන්තර ඇති වෙනවා. විවිධ දේශපාලකයන් රට පාලනය කරන්න මිනිස්සු බෙදා වෙන් කරා. බලයක් පැවතිය යුත්තේ මිනිස්සු ජීවත් කිරීමට මිස පාලනය කිරීමට නොවේ.

මේ හැමදෙයක්ම පිටි පස්සේ දේශපාලන බලය වෙනුවෙන් කෙරෙන කූට උපක‍්‍රමයක් තියෙනවා. මේවා පිටිපස්සේ ඉන්නෙ කව්ද කියන එක කවුරුත් දන්න රහසක්. ඒක මේ හැම දෙනෙක්ම කතා කරනවා. අපට අවශ්‍යයි මේ සිද්ධ වෙලා තියෙන දේවල්වලට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න. මේ අසාධාරණයට සාධාරණයක් ලැබිය යුතුයි. මේ අද්භූත බලවේග හෙළි කළ යුතුයි. මේ සිද්ධියෙන් මුස්ලිම් මිනිස්සුන්ට බය වෙලා ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. බිය වෙච්ච පුද්ගලයා කියන්නෙ භයානක කෙනෙක්. මේ ඇතිවෙච්ච බය මුස්ලිම් මිනිස්සුන්ගේ හදවතින් අරන් දාන්න ඕනෙ.

මේ ආගමික සංහිඳියාව ඇති කිරීමට සියලූදෙනා නිර්භීතව අදහස් ප‍්‍රකාශ කළ යුතුයි. ඒ තාක් අපට විසඳුමක් ලබා ගන්න බැහැ. අපි සිංහල ජනතාව සමග අත්වැල් බැඳ ගන්න ඕනෙ. දෙමළ ජනතාවට වැරදුනේ තමන්ගේ ප‍්‍රශ්නය මහ ජාතියෙන් වෙන් කරල විසඳ ගන්න හදපු එකයි. ඒ තත්ත්වයට යා යුතු වෙන්නේ නැහැ. සහයෝගයෙන් විසඳුම් කරා ගෙන යා යුතුයි.


ආගම අනුගමනය කරනවා නම් ආගම වෙනුවෙන් ගහගන්න අවශ්‍ය වෙන්නේ නැහැ
තෝමස් ජොහාන් ජස්ටින් පියතුමා

අපේ කතෝලික ආගමේ නිර්මාතෘ වන ජේසුස් වහන්සේ මෙළොවට පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ එකම පුත‍්‍රයා හැටියට සියලූ ජනතාවට සහජීවනයේ මාර්ගයක යටත් කරවන්නයි.

ජේසුස් වහන්සේ අපට උපදෙස් ලබාදීලා තියෙනවා, සහෝදර ජනතාව පටලා ජීවත් වන්නේ කොහෙටද කියන එක සම්බන්ධයෙන්. ‘‘තමන්ට පේ‍්‍රම කරනවා වගේ තමන්ට අසල්වැසියන්ටත් පේ‍්‍රම කරන්නත් කියලා’’

අපිට ඒ කියාදුන් ධර්මය අපි හරිහැටි ක‍්‍රියාත්මක කරනවද කියලා නැවත හිතන්න ඕනෙ. තමන්ට වගේම අසල් වැසියන්ට ආදරය කරන්න අපට පුළුවන් කමක් තියෙනවා නං අපට පුළුවන් කමක් ලැබෙනවා සාමයෙන් සහජීවනයෙන් ජීවත් වීමට.


ආයතන බිද වැටුනම පාරේ ගහගන්න සිද්ධවෙනවා
නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන

අවුරුදු ගණනක යුද්ධයෙන් පස්සේ රට තුළ නැවතත් අවාසනාවන්ත සිදුවීම් ඇතිවීම පිළිබඳ කණගාටුදායක කරුණක්. මේ රජයේ ආයතන පිළිබඳ මිනිස්සුන් නැති වී ගොස් තිබෙනවා. මේ සියලූම රාජ්‍ය ආයතන සෑමදෙනාටම පිළිගන්න ආයතන බවට පත් කර ගන්න ඕනෙ.

අද වනවිට නීතිය ක‍්‍රියාත්මක කරන්න තියෙන ආයතන බිඳ වැටිල තියෙනවා. 17 වන සංශෝධනය ඉවත් කිරීමත් සමග පොලීසිය අධිකරණ, මානව හිමිකම් කොමිසන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතන පිළිබඳව තියෙන ස්වාධීනත්වය නැති වෙලා තියෙනවා. තවදුරටත් මේ ආයතන පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි තත්ත්වයට පත් වෙලා තිබෙනවා.

ජාතික සමගිය පිළිබඳ කටයුතු කරමින් මේ ආයතන ස්වාධීන කිරීම සඳහා ක‍්‍ර‍්‍රියාමාර්ගයන් සඳහා එළඹිය යුතුයි. මේ සඳහා ආණ්ඩුව විසින් පත් කළ එල්.එල්.ආර්.සී. කොමිසන් වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බල කළ යුතුයි.


සිංහල මිනිස්සු සියයට අනුපහක්ම ජාතිවාදීන් නෙවෙයි

මොහොමඞ් රෆිං – දර්ගා නගරය

පසුගිය දා දර්ගා නගරය අවට පොලිසිය නිවේදනයක් කරමින් කිව්වෙ නිවෙස්වල තිබෙන කඩු පැට්ට‍්‍රල් බෝම්බ හා අනෙකුත් ආයුධ ඇත්නම් ඒවා 28 වෙනිදාට පෙර බාර දෙන පොලිසියට භාරදෙන්න කියලා.

මේ කරන්නේ මුස්ලිම් අයට අපහාසයක්, නින්දාවක්.  කවදා හරි කිසියම් මුස්ලිම් ගෙදරක ආයුධයක් හෝ වෙනයම් දේවල්  තිබුණා කියලා අහලා තියෙනවද

සියයට අනූපහක්ම සිංහල ජනතාව මේ ජාතිවාදයට කැමැති නැහැ.  සියයට පහක ජාතිවාදීන් ටිකක් මුස්ලිම් ජනතාවට නින්දා කරන එක නවත්වන්න  ඕනෙ.  මම හඳුනන සිංහල පුද්ගලයෙක් මට කිව්වා අපිට ඇඳුමක් ඇඳගෙන කතා කරන්නත් ලැජ්ජයි මේක පාලනය කරන්න බැරි වෙච්ච එක ගැන කියලා.


නිමලූයි මොහොමඩුයි ගහගත්තොත්
පොලීසිය මැදිහත් වෙන්නඃ
වෙන අයට මැදිහත් වෙන්න දෙන්න එපා:
බදිර්දීන්- දර්ගා නගරය

අපේ රටේ සහජීවනයෙන් ජීවත්වීමට අවස්ථාවක් ලබා දෙන්න කියලා සහකාර පොලිස් අධිකාරිතුමා සාකච්ඡුාවට සහභාගී වුණා. අපි ඉල්ලීමක් කරා පෙළපාලිය නවත්තන්න කියලා. නමුත් පොලීසිය කිව්වේ පෙළපාළිය නවත්වන්න බැහැ ඔය ගොල්ලන්ට වැඩියෙන් ආරක්ෂාව ලබා දෙනවා කියලා. ඒත් ඒක සිද්ධ වුනේ නැහැ.

අපි ජීවත් වෙන්නේ බේරුවල ආසනයේ සිංහල මුස්ලිම් සියලූදෙනාම සහයෝගයෙන් ජීවත් වෙනවා. ඉතාම පටු අදහස් තියෙන කණ්ඩායමක් තමයි මේ සියලූ අලාභ හානි කළේ.
නිමලූයි මොහමඩුයි ගහ ගත්ත නම් ඒක විසඳගන්න ඒ දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පොලීසියයි මැදිහත් විය යුත්තේ. ඒත් ඒ ප‍්‍රශ්නවලට මැදිහත් වුණේ වෙන පිරිසක්. එමෙන්ම ඔවුන් උත්තර දුන්නෙත් වෙන විදියකට.


|සකස් කළේ – තුෂාරා සෙව්වන්දි විතාරණ

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , ,

Leave a Comment