දත් නැති යකා කවුද? 

Aug 7th, 2014 | By | Category: LEAD NEWS, පුවත්

යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බව ජනවහරේ එන කියමනකි. නමුත් සමහරු නම් කියන්නේ යකා කියන තරම් කළු නැති බවයි. ඒ කෙසේ වුවත් යකාට මිනිසුන් බයවන්නේ මූලික වශයෙන්ම යකාගේ දත් නිසාය. එසේ නම් දත් නැති යකෙකුගේ ඉරණම කෙබඳු වේද?

දත් නැති යකෙකු ගැන පසුගියදා අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසිනි.

ඔහු දත් නැති යකෙකුට උපමා කළේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවය.

මානව හිමිකම් කොමිසම ගත්තම ඒක දත් නැති යකෙක් වගේ තමයි.  එහිදී විමර්ශණය කරන්නට බලතල තිබුණට ඒ සම්බන්ධයෙන් ප‍්‍රතිකර්ම ලබාදීමට ඔවුන්ට බලය නැහැ.  මම හිතන්නේ මීට වඩා සුදුසු අවස්ථාවක් නැහැ ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට ඒ ගැනත් සලකා බලල රට තුළ ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇති කරන්න. “

කබීර් හෂීම් මහතා එසේ ප්‍රකාශ කළේ ඔහු එසේ ප්‍රකාශ කළේ අගෝස්තු 4 වන සඳුදා සවස කොළඹ 7, ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපාය අධ්‍යනට පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී පැවති දැක්ම සහ යථාර්ථය නම් ග්‍රන්ථය දොරට වඩින ලද අවස්ථාවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

දැක්ම සහ යථාර්ථය ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශනයක් වන අතර එය දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විෂයෙහි ලියැවුන සාරගර්භ ලිපි එකතුවකි.

මෙම උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, කබීර් හෂීම්, විජයදාස රාජපක්ෂ සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරු දෙසුම් පැවැත්වූ අතර පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ප්‍රියානී විජේසේකර මහත්මිය ස්තුති කථාව කළාය.

මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය සහ රයිට්ස් නව් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමූහිකය විසින් සංවිධානය කරන ලදී.

එම අවස්ථාවේ ඡායාරෑප මෙතනින් බලන්න

ii

එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතාගේ කතාව මෙතනින් බලන්න

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment