මෙන්න, කාමරේ ඇතුළෙ අලියෙක්!

Aug 8th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන, විශේෂාංග

අලියා සහ අන්ධයාගේ කථාව අප කවුරුත් අසා ඇත. ඒ අනුව අන්ධයන් පස් දෙනෙකුට අලියෙකු හමු විය. අන්ධයන්ට ඇස් නොපෙනෙන හෙයින් ඔවුන් අලියා හඳුනාගන්නට තැත් කළේ ස්පර්ශ කිරීමෙනි. අලියා විශාල හෙයින් එකිනෙකාට අසුවුණේ එක එක අවයවයන් පමණකි.

එක් අන්ධයෙකුට හසුවූයේ අලියාගේ කකුලකි. අලියා කොයි වගේදැයි ඇසූ විට ඔහු කීවේ අලියා වංගෙඩියක් වැනිය කියාය. අලියාගේ හොඬවැල හසුවූ අන්ධයා කීවේ අලියා මෝල් ගහක් වැනි බවයි. තවෙකෙකුට අලියාගේ කණක් අසුවිය. ඔහු කීවේ අලියා කුල්ලක් වැනි බවයි. අලියා වනාහි මෝල් ගසක් වැනි යැයි තවත් අන්ධයෙක් කී බවද වාර්තා වී ඇති අතර ඔහුට අසුවන්නට ඇත්තේ අලියාගේ කවර අවයවයදැයි සිතා ගැනීම පාඨිකාවියගේ පරිකල්පනයට භාර කරමු.

කාමරේ ඇතුළේ අලියෙකු සිටින බව මේ ළඟදී දවසක ප්‍රකාශ කළේ දෙමළ ජතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයාය. කාමරය තුළ දැවැන්ත අලියෙකු සිටින නමුත් සැමදෙනාම ඒ අලියා නොදැක්කා සේ සිටින බව කී ඔහු කාමරය තුළ අලියා සිටින බව පිළිගැනීමට දැන් කාලය පැමිණ ඇතැයි පැවසීය. කාමරය තුළ සිටින සියළු දෙනා ඉහත කථාවේ එන පරිදි අන්ධයන් වීම නිසාද යන ප්‍රශ්නය අපට මතුවේ.

අන්ධයා සහ අලියා යන්න දේශීය කියමනක් වන අතර කාමරය තුළ සිටින අලියා වනාහි බටහිර යෙදුමකි. කිසියම් කෙනෙකු විසින් ‘කාමරය ඇතුළේ අලියෙකු සිටින බව අනෙක් අයට කියන විට එයින් ඇඟවෙන්නේ පැහැදිලිව පෙනෙන ප්‍රශ්නයක් හෝ දුෂ්කර අවස්ථාවක් පැමිණ ඇති බව කාහටත් පෙනෙන ඇත්තක් වුවත් කවුරුත් ඒ ගැන කථා නොකරන බවය.

සුමන්දිරන් මහතා මේ උපහැරණය යොදාගත්තේ ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් හෝ දේශපාලන ප්‍රතිසංස්කරණයක් ගැන කථා කරන බොහෝ දෙනෙකු විසින් එම සාකච්ඡාවේදී මගහැර යන සුළුතර ජනකොටස්වල අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරවන්නටය.

එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ඔහු එසේ ප්‍රකාශ කළේ අගෝස්තු 4 වන සඳුදා සවස කොළඹ 7, ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපාය අධ්‍යනට පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී පැවති දැක්ම සහ යථාර්ථය (Vision and Reality) නම් ග්‍රන්ථය දොරට වඩින ලද අවස්ථාවේ දේශනයක් පවත්වමිනි.

දැක්ම සහ යථාර්ථය ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශනයක් වන අතර එය දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විෂයෙහි ලියැවුණු සාරගර්භ ලිපි එකතුවකි.

මෙම උත්සවයේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, විජයදාස රාජපක්ෂ සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරු දෙසුම් පැවැත්වූ අතර පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ප්‍රියානී විජේසේකර මහත්මිය ස්තුති කථාව කළාය.

මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය සහ රයිට්ස් නව් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමූහිකය විසින් සංවිධානය කරන ලදී.

සංස්කරණය කළ කථාව ‘රාවය’ සමග පළවන ‘සමබිම’ ඉරිදා සංග්‍රහයේ පළවිය.

එම අවස්ථාවේ ඡායාරෑප මෙතනින් බලන්න

ii

එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතාගේ කතාව මෙතනින් බලන්න

සබැදි පුවත්

දත් නැති යකා කවුද? 

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment