වින්දිතයා චුදිතයකු කිරීම

Sep 5th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

ජනමාධ්‍ය විසින් සැඟවූ ඇත්ත කථාව – 2

|සුදර්ශන ගුණවර්ධන

බල්ලෙකු විසින් මිනිසෙකු හපා කෑම ප‍්‍රවෘත්තියක් නොවුවද මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑම ප‍්‍රවෘත්තියක් වන බව ජනමාධ්‍යවේදය පිළිබඳ උගෙන ගන්නා සෑම කෙනෙකු විසින්ම අසා පුරුදු කථාවකි. මෙහි තේරුම ප‍්‍රවෘත්තිමය වටනාකමක් ඇත්තේ අපූර්ව හෙවත් පෙර නොවූ විරූ සිදුවීමකට බවයි. කිසියම් සිදුවීමක් දෙන ලද සමාජයක් තුළ කාලාන්තරයක් තිස්සේ පුනරාවර්තනය වීමෙන් එය පුරුද්දක්, ඇබ්බැහියක්, සාමාන්‍ය දෙයක් නැත්නම් සංස්කෘතිය බවට පත් වෙයි. එවිට එම තත්ත්වය ප‍්‍රශ්න නොකොට පිළිගැනීමට මිනිස්සු පුරුදු වෙති.

වැරදි දෙකක්
පසුගිය දිනයක වාරියපොළ බස් නැවතුම්පොළේදී ලංකාවේ ක‍්‍රියාත්මක වන අපරාධ නීතිය සංග‍්‍රහ කොට ඇති දණ්ඩ නීති සංග‍්‍රහයෙහි එන අපරාධ වැරදි දෙකක් සිදුවිය. පළමුවැන්න බස් නැවතුම්පළේ රස්තියාදු ගසමින් සිටි බීමත් තරුණයෙකු වන සෙල්වා විසින් තරුණ බස් මගී කාන්තාවක වන තිළිණි ඉලක්ක කරගෙන වචනයෙන් සහ අභිනයෙන් ලිංගික අතවරයක් සිදු කිරීමයි. එය ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයෙහි 345 වගන්තියෙන් කියැවෙන ආකාරයට අවුරුදු දෙකක සිර දඬුවමක් හෝ දඩයකින් හෝ මෙම දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ හැකි වරදකි.
දෙවැන්න එම ලිංගික අතවරයට ප‍්‍රතික‍්‍රියා වශයෙන් තිළිණි විසින් චූදිත තරුණයාට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමයි. තිළිණිගේ ප‍්‍රහාරයද ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ වරදක් වන අතර එම වරද දණ්ඩ නීති සංග‍්‍රහයේ සුළු තුවාල කිරීම නම් වරද වන අතර එහි 314 වගන්තියෙහි සඳහන් ආකාරයට අවුරුද්දක දක්වා කාලයක සිර දඬුවමකින් සහ/හෝ රුපියල් දහසක දඩයකින් හෝ මේ දෙකෙන්ම දඬුවම් කළ හැකි වරදක් වේ.
මෙයින් පසු කී සිදුවීම පැපරාසියෙකු නොහොත් පුරවැසි ජනමාධ්‍යවේදියෙකු විසින් පටිගත කොටගෙන සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆෙස්බුක් හරහා අන්තර්ජාලයට මුදාහැරීමෙන් අනතුරුව එය රට කළඹන ප‍්‍රවෘත්තියක් බවට පත්විය. නමුත් පෙර කී සිදුවීම හෙවත් කාන්තාවක් බස් රියක් තුළදී ලිංගික අතවරයකට ලක්වීම සාමාන්‍ය දෙයක් බැවින්දෝ ඒ පිළිබඳව යොමුවූයේ අඩු අවධානයක් සහ අඩු ප‍්‍රවෘත්තිමය අගයකි.
රොබට් දාසගේ චන්ද්‍රදාස විසින් තමාට පහර දුන් බවට චෝදනා කොට තිළිණි අමල්කාට විරුද්ධව වාරියපොළ පොලීසිය වෙත කරන ලද පැමිණිල්ල ප‍්‍රකාරව 2014 අගෝස්තු 27 උදේ 10.30ට ඇය පොලීසියට ගිය අතර, ප‍්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව පොලීසිය කළේ ඇය අත්අඩංගුවට ගත් බවට මාධ්‍යය වෙත ප‍්‍රකාශ කිරීමයි. ඉන් අනතුරුව ඇයගේ මානසික තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කිරීමට කිසිදු අධිකරණ නියමයකින් තොරව ක‍්‍රියා කළ පොලීසිය ඒ බවද මාධ්‍ය වෙත ලීක් කළේය. පොලීසිය ඉන් පසු උත්සාහ කළේ නීති ප‍්‍රකාරව තිළිණි අමල්කා මහේස්ත‍්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකොට එදින රාත‍්‍රියේ ඇය පොලීසිය තුළ රඳවා ගැනීමට කටයුතු කිරීමයි. අත්අඩංගුවට පත්වූ සැකකරුවකු පැය විසි හතරක කාලයක් තුළ අනවශ්‍ය ප‍්‍රමාදයකින් තොරව අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුවේ.

මානව හිමිකම් කොමිසම මැදිහත් වෙයි:
මේ තත්ත්වය පිළිබඳව වාර්තාවීමෙන් පසු තිළිණි අමල්කාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත්වූ රයිට්ස් නව් සාමූහිකය විසින් මේ පිළිබඳව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ ලේකම් නීතිඥ සමන්ති ජයමාන්න පරණගම මහත්මියට දැනුම්දීමට කටයුතු කළේය. එදින සන්ධ්‍යාවේදී තිළිණි වාරියපොළ අතිරේක මහේස්ත‍්‍රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කරන්නේ එම පැමිණිල්ල අනුව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ඒ පිළිබඳව වාරියපොළ පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී හැකි ඉක්මනින් තිළිණි මහේස්ත‍්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කර වාර්තා කරන ලෙස දැන්වීමෙන් පසුවය. සවස 6.05ට පමණ වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය වෙත ඉදිරිපත් කරනු ලබන තිළිණි අමල්කා මහේස්ත‍්‍රාත්වරිය විසින් රුපියල් 50,000ක ශරීර ඇප පිට නිදහස් කරනු ලබන්නීය.

නඩු විභාගය:
සෙල්වාගේ පැමිණිල්ල මත තිළිණිට එරෙහිව වාරියපොළ පොලීසිය විසින් දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 යටතේ පවරන ලද නඩුව 2014 සැප්තැම්බර් 02 වනදා වාරියපොළ අධිකරණයේදී කැඳවනු ලැබූ අතර තිළිණිගේ පැමිණිල්ල අනුව සෙල්වාට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 314 යටතේ පවරන ලද නඩුව සැප්තැම්බර් 03 වනදා වාරියපොළ අධිකරණයේදීම කැඳවනු ලැබීය. මෙම නඩු දෙකෙහිදීම තිළිණි අමල්කා වෙනුවෙන් පෙනී සිටින ලද්දේ ජේ්‍යෂ්ඨ නීතිඥ ප‍්‍රියන්ත ගමගේ මහතා සහ නීතිඥ චන්දිමා දුනුවිල මහත්මියයි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමේදී වාරියපොළ පොලීසිය සිටියේ පැමිණිලිකාර පාර්ශ්වයට පක්ෂග‍්‍රාහී ස්ථාවරයකයි. වාරියපොළ පොලිස් ස්ථානාධිපතිගේ නියෝග මත තිළිණි අමල්කා කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කළා. ‘‘මම දන්න නීතියට අනුව අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් වෙත සැකකරුවෙක් ඉදිරිපත් කළ හැක්කේ මහේස්ත‍්‍රාත්තුමාට පමණයි.” යනුවෙන් මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නීතිඥ ප‍්‍රියන්ත ගමගේ මහතා කරුණු දක්වා සිටියේය.

‘‘අගෝස්තු 16 වනදා පහර දීමට ලක්ව සිටියැයි කියන පැමිණිලිකරු අසනීප වන්නේ 24 වනදා වන අතර ඔහු රෝහල්ගත කර තිබුණේ අගෝස්තු 25 දිනයේදීය. මේ නිසා මෙම නඩුව කොපමණ දුරක් ගෙන යා හැකිද යන ප‍්‍රශ්නය මතුවේ.” නීතිඥ ප‍්‍රියන්ත ගමගේ වැඩිදුරටත් කරුණු දැක්වීය.

ආන්දෝලනාත්මක නඩුවක් : පොලිසිය කියයි
මෙහිදී වාරියපොළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් පටබැඳි මහතා මෙහිදී පොලීසියෙන් විමසා සිටියේ මේ සිද්ධියේදී විශේෂ සැලකීමක් පැමිණිලිකරුට ලබාදෙන්නේ ඇයිද? යනුවෙනි. පොලීසියේ පිළිතුර වූයේ මෙය ආන්දෝලනාත්මක නඩුවක් බැවින් මාධ්‍ය ම`ගින් විශාල කලබලයක් ඇති කොට තිබෙන බවයි.
මාධ්‍ය කලබල වූ පමණින් පොලීසිය කලබල වෙන්නේ ඇයි? යනුවෙන් විමසූ මහේස්ත‍්‍රාත්තුමා තවදුරටත් කියා සිටියේ මේ පැමිණිල්ල සාමාන්‍ය පරිදි විමර්ශනය කර සමථ මණ්ඩලයට යොමු කරන ලෙසත්, අසීරු අවස්ථාවකදී චෝදනා පිළිබ`ද නීතිපතිගෙන් හෝ ඉහළ බලධාරීන්ගෙන් උපදෙස් ගන්නා ලෙසත් තමා මේ සම්බන්ධව පොලීසියට දුරකථනයෙන් උපදෙස් ලබා දුන් බවත්, පොලීසිය ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා නැති බවත්ය.
මෙම නඩුව විභාග කිරීම සදහා මහේස්ත‍්‍රාත්තුමා දීර්ඝ දිනයක් (2015 පෙබරවාරි 11 * ලබා දුන් අතර එසේම අදාළ පැමිණිලිකරුගේ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබීය.

තිළිණිගේ නඩුව:
සැප්තැම්බර් 03 වන දින වාරියපොළ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී තිළිණිගේ පැමිණිල්ල මත සෙල්වාට එරෙහිව පොලීසිය විසින් පවරන ලද නඩුව විභාගයට ගන්නා ලදී. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සැකකරු සෙල්වා රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී පොලීසිය ප‍්‍රකාශ කළේ ඔවුන් සැකකරුට ඇපදීමට තමන් විරුද්ධ නැති බවයි. එමෙන්ම පොලිස් මූලස්ථානයට තිළිණි අමල්කා කරන ලද පැමිණිල්ල වාරියපොළ පොලීසියට ලැබී නැති බවද වාරියපොළ පොලීසිය ප‍්‍රකාශ කර සිටියේය.
නමුත් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ල කුරුණෑගල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ඕ.ඩබ්. සිල්වා මහතාට ලැබී ඇති බව මෙහිදී තිළිණි අමල්කාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප‍්‍රියන්ත ගමගේ මහතා අධිකරණය වෙත ප‍්‍රකාශ කර සිටියේය.
‘‘ඒ පැමිණිල්ල මත ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා පරීක්ෂණයක් පැවැත්වූවා. ඒ ස`දහා තිළිණි අමල්කාගෙන් ප‍්‍රකාශයක්ද ලබා ගත්තා. එහිදී ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප‍්‍රකාශ කළේ සැප්තැම්බර් 01 වන දාට පෙර ඔහු විසින් එම පරීක්ෂණය පවත්වා අවසන් කරන බවයි.

ඇප ලැබීම
පොලිස් මූලස්ථානයේ පැමිණිල්ල වාරියපොළ පොලීසියට නොලැබීම ඔවුන්ගේ අභ්‍යන්තර කාරණයක්. මෙම තරුණයාට ඇපදීමට විරුද්ධ වන්නේ හෝ එක`ගවන්නේ නැති නමුත් ඇප පනතේ 14 වන වගන්තියට මහේස්ත‍්‍රාත්තුමාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. එහි 14 වන වගන්තියේ ස`දහන් වන්නේ මහජන කැළඹිල්ල සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම කියන කාරණයයි. සැකකාර තරුණයා විසින් කරන ලද ප‍්‍රකාශ අන්තර්ජාලයේ තිබෙනවා. ඔහු වාරියපොළ බස් නැවතුමේ රැු`දී සිටින බව ඒ ප‍්‍රකාශවල කියා සිටිනවා. මගේ සේවාදායිකාවට අදාළ ප‍්‍රධාන බස් නැවතුම්පොළ වන්නේ වාරියපොළ බස්නැවතුම්පොළ බවත්, ඒ නිසා මෙ ස්ථානය ම`ගහැරයා නොහැකි බවත් එබැවින් ඔහු සෑම අවස්ථාවකම බස් නැවතුමේ රැු`දී සිටීම අපට ගැටලූවක් මෙන්ම අප‍්‍රසන්න තත්ත්වයක්. ඒ අනුව බරපතල කොන්දේසි මත ඇප ලබා දෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා” යැයි තිළිණි අමල්කා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප‍්‍රියන්ත ගමගේ මහතා අධිකරණයේදී ප‍්‍රකාශ කළේය.
ඒ අනුව වාරියපොළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා විසින් චුදිතයාට තදින් අවවාද කොට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහු නිදහස් කරනු ලැබීය. මෙම නඩුව නොවැම්බර් 10 වනදා නැවත කැ`දවීමට නියමිතය.

 

Recent Posts

Tags: , , , , , , , , , , , , , ,

One Comment to “වින්දිතයා චුදිතයකු කිරීම”

  1. Vikara says:

    මනෝරි ගේ පිස්සු වැඩ නිසා මේ කෙල්ලෙකුගෙයි කොල්ලෙකුගෙයි ගෝරියකට අත දාලා හත්පොලේ ගා ගත්තා. දැන් ඒක සාධාරණීකරණය කරගන්න බැරුව විකාර දොඩවනවා. අර නවගත්තේගම ගුරුවරිය දණගස්වපු වෙලාවෙ කොහෙද හිටියෙ.
    කුම්බලා මාලු කෑවා නම් විදවපන් බළලෝ….. කිව්වලු……

Leave a Comment