පරීක්ෂණයේ ඒකාග‍්‍රතාවය රැකගැනීමට රහස්‍යභාවය අත්‍යවශයි

Sep 26th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම්හි අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණ සහිතව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් කුමරා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීම.

01. ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීමේ කි‍්‍රයාවලිය සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිරිපත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අංක A/HRC/25/1 දරණ යොජනාවලියට අදාළව මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස්වරිය වෙනුවෙන් මෙකී වාචික කරුණු දැක්වීම සිදුකීරීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙමි. 2014 වර්ෂය තුළ සිදුවූ සිදුවීම් සහ එහිලා ඇතිවූ වාතාවරණය පිළිබඳව මෙම ඉදිරිපත් කිරීමේ අවධානය යොමුවනු ඇත. එමෙන්ම අංක 25/1 දරණ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලිය සහ හිටපු මහ කොමසාරිස්වරිය විසින් 2014 මාර්තු මාසයේදී මෙම සභාව හමුවේ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ එන නිර්දේශවලට සුවිශේෂිතව මෙම වාචික ඉදිරිපත් කිරීම සිදුකිරීමට මම බලාපොරොත්තු වෙමි.

02. ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය නිරීක්ෂණය කිිරීමේ සහ මානව හිමිකම් පිළිබඳ රට තුළ තත්ත්වය දියුණු කිරීම සඳහා ශී‍්‍ර ලංකාව විසින් අනුගමනය කරන දේශීය කි‍්‍රයාකාරකම්හි සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ අවබෝධයකින් පසුවීමේ කාර්යය මානව හිමිකම් කවුන්සිලයේ ඉහත කී යෝජනාවලිය විසින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට වෙත පවරන ලදී.
ඉහත කී දේශීය කි‍්‍රයාකාරකම් යටතට

අ) උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ අවධානයට ලක්වූ කාලසීමාව තුළ ශී‍්‍ර ලංකාවේ යුද්ධයට සම්බන්ධව සිටි පාර්ශ්ව දෙක විසින්ම සිදුකළා යැයි චෝදනා එල්ලව තිබෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් හා වෙනත් එවැනි අපරාධ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් හා ස්වාධීන පර්යේෂණයක් සිදුකිරීම,

ආ) එවැනි අපරාධ කි‍්‍රයාවන්ට සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධවූවන් නීතිය ඉදිරියේ දඬුවම් නොලබා සිටීමේ තත්ත්වය අවසන් කරන සහ අදාළ අපරාධයන් සම්බන්ධයෙන් ඔවුන් වගවන බව සහතික කරන වාතාවරණයක් ඇතිකිරීම,

ඇ) අදාළ විශේෂඥයන්ගේ සහාය සහ එක්සත් ජාතීන්ගේ විශේෂ කාර්ය සාධන නියෝජිතයන්ගේ දායකත්වය එකී වගවීමේ සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ කි‍්‍රයාවලිය පවත්වාගෙන යාම සඳහා ලබාදීම සහ අදාළ කි‍්‍රයාවලියේ තත්ත්වය පිළිබඳ ප‍්‍රථමයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 27 වන සැසිවාරයට වාචිකව කරුණු දැක්වීමද,

ඈ)දෙවැනුව කවුන්සිලයේ 28 වන සැසිවාරයට මානව හිමිකම් කවුන්සිලයේ ජාතීන්ගේ ඉහත යෝජනාවලියෙන් ලබා දුන් නිර්දේශ කි‍්‍රයාවට නැංවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව අත් කරගෙන ඇති ප‍්‍රගතිය පැහැදිලි කරන පුළුල් වාර්තාවක් ඉදිරිපත්කර කරුණු දක්වා ඉන් අනතුරුව ඒ පිළිබඳ සංවාදයක නිරතවීමද යන කරුණු ඇතුළත් වේ.

03. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් මේ වනවිට ශී‍්‍ර ලංකාව පිළිබඳ පුළුල් පරීක්ෂණයක නිරතවීමට ප‍්‍රමාණවත් පහසුකම්වලින් සමන්විත කණ්ඩායමක් ස්ථාපිත කර ඇත. එකී කණ්ඩායම විසින් සිය කාර්යයන් කරගෙනයාමේදී අනුගමනය කළ යුතු කරුණුද සකස් කර ප‍්‍රසිද්ධියට පත් කර ඇත. එසේම එකී කණ්ඩායම වෙත ශී‍්‍ර ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස ප‍්‍රසිද්ධ කර දැනුම්දී ඇත. එම කණ්ඩායම මේ වනවිට වඩාත් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය විය හැකි සාධනීය තොරතුරු එක්රැස් කිරීම සහ ඒවායේ නිරවද්‍යතාවය සහතික කරගැනීම කෙරෙහි සිය ප‍්‍රමුඛ අවධානය දක්වමින් සිටියි. මෙකී කාර්යය සම්පූර්ණ කරලීම සඳහා අප සතුව ඇති කාලය සහ පරීක්ෂණයේ අවධානයට ලක්විය යුතු බොහෝ සිද්ධි හා කි‍්‍රයාවන්ගේ ඇති බරපතලභාවය නිසාවෙන්ම මෙම කාර්ය බොහෝ සේ සංකීර්ණ එකක්ව ඇත.

04. ඉහත කී පරීක්ෂණ කණ්ඩායමේ තොරතුරු හෝ ඔවුන් සිය පර්යේෂණය සඳහා යොදාගන්නා මූලාශ‍්‍රයන්හි ස්වභාවය පිළිබඳ විනිවි`දභාවයකින් යුතුව කරුණු හෙළි නොකරන්නේ යැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය ශී‍්‍ර ලංකාවේ මාධ්‍යයන්හි චෝදනාවට ලක්ව ඇත. එහෙත් එකී පරීක්ෂණයට තොරතුරු සපයන ඕනෑම අයෙකුගේ ආරක්ෂාව මෙන්ම පරීක්ෂණයේ අඛණ්ඩ ඒකාග‍්‍රතාවය ආරක්ෂා කරගැනීමෙහිලාත් එවැනි රහස්‍යභාවයක් නියත වශයෙන්ම අවශ්‍යව ඇත.

05. ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් පරීක්ෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව පැහැදිලි කර එකී පරීක්ෂණයට සහයෝගය ලබා ගැනීමේ අරමුණෙන් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු මේ වසරේ මැයි මාසයේ 30 වනදා ජිනීවාහි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිතවරයා මුණගැසී සාකච්ඡුා කළහ. ඉන් අනතුරුව එළැඹුනු ජුනි 05 වනදා එවකට මහ කොමසාරිස්වරිය ශී‍්‍ර ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු ජී.එල්. පීරිස් මහතා අමතා ලියන ලද ලිපියකින් ඉහත කී පරීක්ෂණයෙන් වපසරිය පැහැදිලි කර, පරීක්ෂණය සහ පරීක්ෂණ කණ්ඩායම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විස්තර කර අදාළ පරීක්ෂණය සඳහා ශී‍්‍ර ලංකා රජයේ සම්පූර්ණ සහයෝගයද උදක්ම බලාපොරොත්තු වන බව දන්වා යැවීය. එතෙකුදු වුව ජූනි මස 10 වනදා ජිනීවාහි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිතවරයා ප‍්‍රකාශයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයේ ඉහත කී යෝජනාවලිය ප‍්‍රතික්ෂේප කරන බව සහ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණයට ශී‍්‍ර ලංකා රජයේ සහයෝගය හිමි නොවන බව දැනුම් දුන්නේය.

06. මේ වසරේ ජුනි 18 වනදා ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ඉහත කී පරීක්ෂණයට සිය විරෝධත්වය පළ කරමින් යෝජනාවක් සම්මත කරගන්නා ලදී. අදාළ යෝජනාව සම්මත කරගැනීම සඳහා ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවට හේතු වූ කරුණු අතරින් ‘ශී‍්‍ර ලංකාවේ ස්වාධිපත්‍යයට එකී පරීක්ෂණයෙන් සිදුවන හානිය’ යන්න විශේෂයෙන් සඳහන් විය. අදාළ යෝජනාවට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ එක් පක්ෂයක් විරුද්ධව ඡන්දය භාවිතා කළ අතර සෙසු පක්ෂ ඡන්දය දීමෙන් වැළකී සිටීමේ හෝ ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයෙන් බැහැර ගොස් ඡන්දය නොදී සිටීමේ පියවරක් අනුගමනය කළහ. ඉන් පෙර, අපේ‍්‍රල් මස 28 වනදා උතුරු පළාත් සභාව විසින් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණයට සහාය පළ කරන යෝජනා 03ක් සම්මත කරගන්නා ලදී.

07. හිටපු මහ කොමසාරිස්වරිය විසින් ජූනි මස 05 වන දාතමින් තමා වෙත යොමු කර තිබූ ලිපියට මෙම වසරේ ජූලි මාසයේ 05 වනදා පිළිතුරු ගොනු කළ ශී‍්‍ර ලංකාවේ විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේ අංක 25/1 දරණ යෝජනාවලිය පිළිබඳ ශී‍්‍ර ලංකා රජයේ ස්ථාවරය දැනුම් දුන්නේය. තම රජය ”ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය විසින් ගෙන ආ අංක 25/1 දරණ යෝජනාවලිය සෘජුව සහ එකහෙළා ප‍්‍රතික්ෂේප කරන අතර එකී යෝජනාවලිය අදාළ කරගෙන ඇතිවිය හැකි කිසිඳු වෙනත් කි‍්‍රයාවලියකට ශී‍්‍ර ලංකාව සම්බන්ධ නොවනු ඇත” යයි නැවත නැවතත් සඳහන් කරමින් කියා සිටියහ. එසේද සඳහන් කළ මුත් නැවතත් විදේශ අමාත්‍යවරයා ”මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ මානව හිමිකම් කවුන්සිලය සම`ග ශී‍්‍ර ලංකාව දක්වන සබඳතාවය තවදුරටත් එලෙසම පවත්වනු ඇත.” යැයිද සඳහන් කර ඇත. මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ස්ථාපනය කළ පරීක්ෂණ කණ්ඩායමේ සම්බන්ධීකාරකවරයා ජිනීවාහී ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිතවරයාගේ කාර්යාලය වෙත හඳුන්වාදීමට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ගත් උත්සාහය මෙන්ම මහ කොමසාරිස්වරිය විසින් ඉහත කී කණ්ඩායමට උපදේශනය සැපයීම සඳහා පත්කර සිටි විශේෂඥයන් තිදෙනා ජිනීවාහි ශී‍්‍ර ලංකා නියෝජිත කාර්යාලය වෙත හඳුන්වාදීමට ඉන් අනතුරුව ගත් උත්සාහයත් ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. ජනාධිපති මහින්ද රාජපක්ෂද ශී‍්‍ර ලංකාවේදී අවස්ථා කිහිපයකදීම මෙකී පරීක්ෂණය පිළිබඳ ප‍්‍රසිද්ධියේ කරුණු දක්වා ඇති අතර එයින් ඉතාම මෑත කාලීන සිද්ධිය සිදුවූ අගෝස්තු 19 වනදා ඔහු කියා සිටියේ මහ කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණ කණ්ඩායමට ශී‍්‍ර ලංකාවට ඇතුළුවීමට අවසර නොදෙන බවයි.

08. මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ අංක 25/1 දරණ යෝජනාවලිය මගින් දක්වා ඇති කරුණු අනුගමනය කරමින් මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස්වරිය මින් පෙර අවස්ථා ගණනාවකදීම මානව හිමිකම් කවුන්සිලයේ වරපත‍්‍ර යටතේ විශේෂ සේවාවන් සිදු කර ඇති ෆින්ලන්තයේ හිටපු ජනාධිපති සහ නොබෙල් සාම ත්‍යාගලාභී අතිගරු මාර්ත්ති අහිතසාරී මහතා, නවසීලන්තයේ හිටපු අග‍්‍රාණ්ඩුකාර, නවසීලන්ත මහාධිකරණ විනිශ්චයකාරිණී, කාම්බෝජියාවේ අධිකරණයේ අතිවිශේෂ විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයකාරිණී සිල්වියා කාර්ට්රයිට් මහත්මිය සහ පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමය සහ එරට මානව හිමිකම් කොමිෂන් සභාව යන ආයතනවල සභාපතිනිය ලෙස කටයුතු කර ඇති අස්මා ජහන්ගීර් මහත්මිය යන පිරිස ඉහත කී පරීක්ෂණ කණ්ඩායමට සහයෝගී සහ උපදේශනාත්මක සේවය සපයමින් කේෂ්ත‍්‍ර විශේෂඥවරුන් ලෙස කටයුතු කරන ලෙස ආරාධනා කළාය’ මීට අමරතව එක්සත් ජාතීන්ගේ විශේෂ කාර්ය සාධනයන් සඳහා පත් කර ඇති නියෝජිතයන්ද තමන්ට ලැබී ඇති වරපත‍්‍රයන්හි ස්වාධීනත්වය සහ පැවැත්ම පිළිබඳ සැලකිලිමත්වන අතරතුරම ඉහත කී පරීක්ෂණ කමිටුව සඳහා සහයෝගය ලබා දිය හැකි මාර්ග පිළිබඳ අවධානයෙන් පසුවෙති.

මතු සම්බන්ධයි

පරිවර්තනය – ප‍්‍රගීත් ලියනාරච්චි

hc

Recent Posts

Tags: , , , , , , , ,

Leave a Comment