නපුරට කරුණාවන්ත පැත්තක් නොමැතිද? – සමබිම Missing ජූලි කලාපය

Sep 30th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන, පුවත්

SAMABIMA-47

NGO

MISSING-47

පශ්චාත්-නූතන සමාජ ලෝකය ගැන සරල නිර්වචනයක් අපිට දැන් පහසුවෙන් ඉදිරිපත් කළ හැක. පශ්චාත්-නූතන යනු සම්ප‍්‍රදායට හෝ පැවතී යැයි අප සිතන අතීතයට ඇති නව අනුරාගයයි. සාරාංශගත කර කියන්නේ නම් පශ්චාත්-නූතන යනු නව-අතීතකාමයකි. උදාහරණයක් ලෙස මහාචාර්ය ගණනාථ ඔබේසේකර තමන්ගේ ”බුදු සමය, ජනවාර්ගිකත්වය සහ අනන්‍යතාවය: බෞද්ධ ගැටළුවක්” යන රචනාව ආරම්භ කරන්නේ මේ ආකාරයටය.

”මෙම ලිපියේදී මම වෑයම් කළේ යටත් විජිත යුගයට පෙර ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ‘ජාතිකත්වයක්’ (a “nation”, -‘ජාතියක්’) තිබුණු අයුරු නිරූපණය කිරීමටය. එම යුගයේ බොහෝ විටදී තමන් බුදුන්ගේ සාසනයට අයත්ය යන්න සිංහලයන් එකහෙළා පිළිගෙන තිබුණක් විය. (එබඳු අනන්‍යතාවයක් පනවන ස්වදේශික පදයක් නොතිබුණු නමුදු)…”

මහාචාර්ය ගණනාථ නම් උගතා මේ උත්සාහය කරන්නේ ඉංගී‍්‍රසීන් පැමිණීමට පෙර සිංහල අපට ”යම්” සභ්‍යත්වයක් තිබූ බව ඔප්පු කරන්නටය. නමුත් මේ උගතාට අවබෝධයක් නැත්තේ අතීතයේ තිබුණු සාරය යනු ඉංගී‍්‍රසි ”ආකෘතිය” (form) පසු ආවර්තිතව යොදා තනන ලද ෆැන්ටසියක් බවයි. මෙම ෆැන්ටසිය අතීතයේ සැබවින්ම පැවතියක් නොව වර්තමානයෙන් අප නිර්මාණය කරන දැක්මකි. මෙම පසු ආවර්ති දැක්ම යනු නව-අතීතකාමයකි. එය බුද්ධිමතාගේ පැත්තෙන් ගත් විට නපුරට අප තුළ ඇති නිෂ්කී‍්‍රය දෘෂ්ටියකි.

සිංහල වේවා, බෞද්ධ වේවා ඕනෑම අනන්‍යතාවයක් පූර්ණත්වයෙන් කෙළවර නොවේ. අනන්‍යතාවයට බාධාව එන්නේ ඒ තුළින්ම මිස පිටතින් නොවේ. බාහිරින් බාධාව එන්නේ දෙවනුවය. සිංහලයාගේ ”සිංහලකම” හෝ ”බෞද්ධකම” යන අනන්‍යතා අර්බුදයට ගියේ ඇතුළතින් මිස පිටතින් නොවේ. සිංහල අනන්‍යතාවයේ ස්වයං-බාධාව ඊට පළමුවෙන් හමු වන්නේ සිංහල ආත්මයේ ශුද්ධ පසමිතුරුභාවය නිසාය. තමාට සම්පූර්ණ වීමට නොහැක්කේ ප‍්‍රබල දමිළ ජාතිය නිසා යන හේතුව බාහිරින් සොයා ගත් ජාතිවාදී උත්තරයයි. උගතාගේ නපුර කරුණාවන්ත බැල්මක් ලෙස සාමාන්‍ය ජනයා වටහා ගන්නේ මෙම මංසන්ධියේය.

මෙවර අප missing අතිරේකයෙන් සාකච්ඡුා කරන්නේ ‘පොදු-යහපත’ යන සංකල්පය පුපුරුවන ස්තී‍්‍ර කි‍්‍රයාවන් විශ්ලේෂණය කිරීමටය. වෙනත් කෝණයකින් කියන්නේ නම් මෙතෙක් අප දැක සිටියේ සම්ප‍්‍රදායට, පවතින ක‍්‍රමයට, පීතෘ මූලික ආධිපත්‍යයට යටත් වන ස්තී‍්‍රන්වය. ඩෙන්මාර්ක් ජාතික සිනමාකරුවකු වන වොන්-ටි‍්‍රයර්ගේ චිත‍්‍රපට දෙකක් විශ්ලේෂණය කිරීමෙන් සහ ස්තී‍්‍ර චරිත තුනක් ආශ‍්‍රයෙන් ස්ති‍්‍රයගේ කි‍්‍රයාව පවතින දෘෂ්ටිවාදයට පසමිතුරු වන ආකාරය පෙන්වා දෙයි. ස්තී‍්‍ර ශරීරයේ සුන්දරත්වය දකිමින් සිටින අයට අප මෙවර ඉදිරිපත් කරන්නේ ස්තී‍්‍ර විග‍්‍රහයේ රැුඩිකල්භාවයයි. එය සෞන්දර්යයෙන් ස්තී‍්‍ර සදාචාර විනිශ්චයට තර්කය මාරු කිරීමයි.

උදාහරණයක් ලෙස ෙහෙඩගර් නම් ජර්මන් ජාතික දාර්ශනිකයා සම`ග විකල්ප පේ‍්‍රමයක් පවත්වා ගෙන ගිය යුදෙව් ජාතික හැනා අරෙන්ඞ් ‘නපුර’ (evil) සලකා බැලූවේ ‘හිස්’ දෙයක් ලෙසය. ‘නපුරට’ ප‍්‍රතිරූපයක් නැත. මේ නිසා අරෙන්ඞ් මෙවැනි ප‍්‍රශ්නයක් ඇසුවාය.

(A) දරුණු නපුරු කි‍්‍රයාවල යෙදෙන බොහෝ දෙනෙකු සාමාන්‍ය මිනිසුන්ය.
(B) මිනිසුන් තම දේශපාලන නිදහස එක් තනි නායකයකු වෙත පවරා ඔහු/ඇය වෙනුවෙන් තම ජීවිතය කැප කරන්නට පෙළඹෙන්නේ ඇයි?

දැන් අපිට හැනා අරෙන්ඞ්ට විසඳිය නොහැකිව තිබූ ගැටළුවට අවතීර්ණ විය හැකිය. වෙනස් ආකෘතීන් දෙකකින් ස්ටාලින් සහ හිට්ලර් විසින් කරන ලද අපරාධ ඔවුන්ගේ මනෝවිද්‍යාවට හෝ ඒ ඒ චරිතයේ විපරිත ලක්ෂණවලට එබී නොබලා ඔවුන් ඒවා කළේ උත්තරීතර මහා අනෙකුගේ තර්කනයට අනුව බව අප ඔප්පු කළ යුතුය. ගැටළුව ඇත්තේ පුද්ගලයාගේ මනෝ-ආර්ථිකය තුළ හෝ වාස්තවික දෘෂ්ටිවාදී සංකේත විශ්වය තුළ නොවේ. ඒ දෙක අතරය. එනම් ව්‍යාජ විශ්වාසය තුළය. එනම් ආත්මයයි. අප ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ ජර්මානු ආර්ථිකය නවසිය විසි ගණන්වල පරිහානියට ගියේ ඇයිද යන්න හෝ ඊට පිළිතුරක් ලෙස නිස්සාරත්වයට එරෙහිව ෙහෙඩගර් නාසිවාදයට ගමන් කිරීම නොවේ. හැනා අරෙන්ඞ් ‘ෙහෙඩගර්’ නම් දාර්ශනිකයා තුළ විශේෂ අමුත්තක් දැක්කේ ඇයි? එයට අපට කියන්න පුළුවන් ඇගේ ආත්මය කියලා. ඉහත A සහ B යන ගැටළුවලට උත්තර ඇත්තේ එතැනය. හැනා අරෙන්ඞ් පවා තමන්ගේ ‘නපුර’ තමන්ට අයත් නොවන්නක් ලෙස සලකා බලන අයුරු එවිට අපට වටහා ගත හැක. හැනාට න්‍යායගත කරගත නොහැකි වූ ‘විනෝදය’ අපට හමු වන්නේ එතැනදීය.

PAGE1

 

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment