ආණ්ඩුව සිවිල් සමාජයට සලකන ආකාරය දැක හුසේන් කුමරු මවිත වෙයි

Oct 3rd, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම්හි අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණ සහිතව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් කුමරා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීම. (2 වන කොටස)

09. ඉහත කී සියලූම සුවිශේෂී විශේෂඥයන් පොදු මහජන යහපත සඳහා වන මෙවන් භාරදූර කාර්යයකට නොමසුරුව දායකවීම පිළිබඳ මහ කොමසාරිස්වරිය බෙහෝ සෙයින් ස්තූතිවන්ත වේ. ඔවුන් පරීක්ෂණය මෙහෙයවීම සඳහා කිසිසේත් සම්බන්ධ නොවනු ඇත. එහෙත් පරීක්ෂණ කණ්ඩායමට සිය කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විශේෂඥ මාර්ගෝපදේශනය සහ උපදෙස් ඔවුන් වෙතින් පැමිණෙනු ඇත. එසේම එකී පරීක්ෂණයේ නිරවද්‍යතාවය සහතික කිරීමේ ස්වාධීන දායකත්වයක්ද ඔවුන් වෙතින් ලැබෙනු ඇත. පරීක්ෂණය සිදුවන පිළිවෙළ සහ පරීක්ෂණයේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමේ අරමුණින් පරීක්ෂණ කණ්ඩායම සහ ඉහත නම් සඳහන් කළ විශේෂඥවරුන් අතර වූ ප‍්‍රථම හමුව සැප්තැම්බර් මස 6 සහ 7 යන දෙදින පුරා ජිනීවා හිදී පැවැත්විණි. පරීක්ෂණ කණ්ඩායම එක්සත් ජාතීන්ගේ විශේෂ වරපත‍්‍රධාරීන් පිරිසකගේ සම්බන්ධීකරණ කණ්ඩායමක් සමගද සාකච්ඡාවක් පැවැත්වීය.

10. මෙකී තීරණාත්මක මොහොතේදී ශී‍්‍ර ලංකා රජය, සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයක් සහ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සතු අයිතිය පිළිබඳ ප‍්‍රශ්න කළ මාධ්‍ය ආයතන කිහිපයක් විසින් මතු කළ කාරණා දෙකක් සම්බන්ධයෙන් සිය ප‍්‍රතිචාරය හෙළි කිරීමට මහ කොමසාරිස්වරිය බලාපොරොත්තු වේ. ඉහත කණ්ඩායම් තුන විසින් මතු කළ පළමු තර්කය වූයේ මානව හිමිකම් කවුන්සිලයේ අංක 25/1 දරන යෝජනාවලියේ කි‍්‍රයාකාරී නිර්දේශ අඩංගු 02 වැනි සහ 10 වැනි පරිච්ඡේදවල අන්තර්ගතය පිළිබඳ මතුව ඇතැයි කියන පරස්පරතාවයක් සම්බන්ධයෙනි. ශී‍්‍ර ලංකාව විසින් තමන්ට එල්ලව ඇති චෝදනා සම්බන්ධයෙන් විශ්වාස කටයුතු සහ ස්වාධීන විමර්ශනයක් දියත් කළ යුතුයැයි 02 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. එහෙත් 10 වන පරිච්ෙඡ්දයේ සඳහන්ව ඇත්තේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ශී‍්‍ර ලංකාවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කළ යුතු බවයි. කෙසේ නමුදු මෙම පරිච්ඡේද දෙක අතර කවර තරමේ හෝ පරස්පරතාවයක් නොමැත. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලියෙන් අනතුරුව ඉදිරිපත්වූ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව විසින් පැහැදිලිව සඳහන් කර ඇති පරිදි රට තුළ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අනර්ථයනට පත්වූවන් හට සහන සැලසීමෙහිලා ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර නීතියෙන් බැඳී සිටියි. කෙසේවුවත් අංක 25/1 දරණ යෝජනාවලිය ඉදිරිපත් කිරීමේදී එවැනි විමර්ශනයක් දියත් කිරීම සඳහා ශී‍්‍ර ලංකාව තුළ එතෙක් කිසිදු දේශීය යාන්ත‍්‍රණයක් නිර්මාණයව නොතිබීම සහ පැහැදිලි ප‍්‍රතිඵල පෙන්වන්නට ශී‍්‍ර ලංකා රජය මුළුමනින්ම අසමත්ව තිබීම යන කාරණා සැලකිල්ලට ගත් මානව හිමිකම් කවුන්සිලය ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පනවන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත නිර්දේශ කළාය. මහ කොමසාරිස් කාර්යාලය විසින්ද පරීක්ෂණයක් පවත්වනවාය යන්න ශී‍්‍ර ලංකාවට ස්වාධීන පරික්ෂණයක් දියත් කිරීම සඳහා ජාත්‍යන්තර මානුෂාවාදී නීතිය හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතියෙන් පැනවෙන වගකීම්වලින් ඉවත්වීම සඳහා වන නිදහසට කාරණයක් නොවේය. අනෙක් අතට එවැනි දේශීය යාන්ත‍්‍රණයක් තිබුණා වුවද (බොහෝ විට මෙවැනි දේශීය යාන්ත‍්‍රණයන් මගින් සිදුවනු ඇත්තේ අදාළ චෝදනා සහ එකී චෝදනාවලට සෘජුවම අදාළ වන කාල සීමාව පමණි.) ඒ රට සම්බන්ධයෙන් දියත්ව ඇති ජාත්‍යන්තර පරීක්ෂණයක් අතරමග නතර කිරීමට එය හේතුවක් නොවනු ඇත.

ප‍්‍රශ්නය වනු ඇත්තේ ජාත්‍යන්තර පරීක්ෂණයකින් අනාවරණය කරගන්නා කරුණු සිය දේශීය විමර්ශනයට අදාළ කරගන්නට ශී‍්‍ර ලංකාව කොතෙක් දුරට කටයුතු කරනු ඇතිද යන්නයි. නැතහොත් දේශීය විමර්ශනයකින් අනතුරුව තවදුරටත් අනුගමනය කළ යුතු අත්‍යවශ්‍ය කාරණා ඉතුරුව ඇතිද යන්නයි.

11. ශී‍්‍ර ලංකා රජය සහ සෙසු පිරිස විසින් සංකූලතා ඇති කළ අනෙක් කාරණය වූයේ වූයේ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය සඳහා වන ජනාධිපති කොමිෂම සිය අවසාන වාර්තාව ඉදිරිපත් කළ 2011 නොවැම්බර් දක්වා කාලය සම්බන්ධයෙන් සිය පරීක්ෂණය පැවැත්වීමට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ගත් තීරණයයි. උගත් පාඩම් කොමිෂම විසින් තමන් වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ලැබුණු වර පත‍්‍රය එහි උපරිමයටම කි‍්‍රයාවට නංවමින් සිද්ධීන් විශාල සංඛ්‍යාවක් කෙරෙහි අවධානය දක්වන්නට සමත්ව තිබීම මත ඉහත කී කාල සීමාව වැදගත් වේ. උගත් පාඩම් කොමිෂම විසින් අවධානය යොමු කළ සිද්ධීන් එක්කෝ 2002 වසරේ පෙබරවාරි මාසයට පෙර ඇතිවූ ඒවාය, නැතහොත් සන්නද්ධ ගැටුමේ අවසානය සනිටුහන් වූ 2009 මැයි මාසයෙන් අනතුරුවත් දක්නට ලැබුණු සිදුවීම්ය. නිදසුනක් වශයෙන් යුද්ධයේ අවසාන අදියරයන්හිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් යුද්ධය අවසන්වීත් දිගු කාලයක් පුරා රඳවා තබා ගැනීම හෝ දිගින් දිගටම මේ දක්වාත් සිදුවන අතුරුදහන්වීමේ සිදුවීම් කොමිෂමේ අවධානයට ලක්වීම දැක්විය හැක. 2011 නොවැම්බර් දක්වා කාලය සිය පරීක්ෂණයේ අවධානයට ලක්වන කාලසීමාව වශයෙන් ගැනීමට හේතුව තමන්ට එකී පරීක්ෂණයේ සීමාව වශයෙන් 2009 මැයි මාසය ගෙන දක්වන අර්ථවිරහිත කාර්යයේ නිරතවීමට ඇති නොවුමනාව සහ උගත් පාඩම් කොමිෂමේ අවධානයට ලක්වූ සමස්ත සිදුවීම් සමුච්චයම මෙම පරීක්ෂණයේදී අවධානයට ලක් කිරීමේ අවශ්‍යතාවය යැයි මහ කොමසාරිස්වරයා පැහැදිලිවම සඳහන් කර ඇත.

12. අංක 25/1 දරන යෝජනාවලිය ප‍්‍රතික්ෂේප කරන සහ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශනයන්ට සහයෝගය නොදක්වන ආස්ථානයකට යොමුවීමට ශී‍්‍ර ලංකා රජය ගෙන ඇති තීරණය පිළිබඳ සිය බලවත් කනස්සල්ල පළ කරන මහ කොමසාරිස්වරයා අදාළ කි‍්‍රයාවලිය වෙතට විවෘත ස්ථාවරයක් දක්වා ශී‍්‍ර ලංකා රජය ගෙන ඒමට උත්සාහ කළාය. ශී‍්‍ර ලංකා රජය රට තුළට පිවිසෙන ලෙස තමන්ට ආරාධනා කර ඇති බව සඳහන් කළ මහ කොමසාරිස්වරයා මෙම මස අවසානයේදී ශී‍්‍ර ලංකා විදේශ අමාත්‍යවරයා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේදී මුණගැසීමට බලාපොරොත්තු වන වගද සඳහන් කළහ.

13. යුද්ධයේ අවසාන භාගයේදී ගැටුමට සම්බන්ධ පාර්ශව දෙක විසින්ම සිදු කළා යැයි සැලකෙන මානව හිමිකම් උල්ලංඝනයන් සහ සෙසු අපරාධ කි‍්‍රයාවන් සමබන්ධයෙන් වන රටාවන් හෙළි කරන නිවැරදි තත්ත්ව වාර්තාවක් ස්ථාපිත කරගැනීමට මේ මොහොත සුවිශේෂී සහ ඓතිහාසික අවස්ථාවක් වශයෙන් සැලකිය හැක. එවැනි තත්ත්වයක් විශේෂයෙන්ම අදාළ කි‍්‍රයාවන් හමුවේ වින්දිතයන් බවට පත්වූ පාර්ශ්ව දෙකටම අයත් ශී‍්‍ර ලාංකික ජනතාවද ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් සුවිශාල පිරිසක් උදක්ම බලාපොරොත්තුවන්නකි. දෙමළ විමුක්ති කොටි සංවිධානය සහ සෙසු දෙමළ සන්නද්ධ කණ්ඩායම් විසින් වසර ගණනාවක් පුරා සිදු කළ දරුණු අපරාධ. විශේෂයෙන්ම ළමා සොල්දාදුවන් යුද්ධයට යැවීම සහ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කිරිම මෙහිලා අවධානයට ලක්විය යුතුය. ජාත්‍යන්තර පරීක්ෂණයකට සහය නොදෙමුයි රජය ගෙන ඇති තීරණයෙන් සිදුවන්නේ රජය පාර්ශ්වය අතැති අතිශය වැදගත් තොරතුරු එවැනි ජාත්‍යන්තර විමර්ශනයක අවධානයෙන් මුළුමනින්ම සැ`ගව යාමයි. පුළුල් සත්‍ය සෙවීමේ කි‍්‍රයාවලියක් අවසාන දිගුකාලීන සාමය සහ ජාතීන් අතර සහජීවනය ඇති කරගැනීමේ කි‍්‍රයාවලියකට මගහැරී යන අතිශය වැදගත් අවස්ථාවක්ද එයින්ම සනිටුහන් වනු ඇත.

img1

දින දෙසියයක් තිස්සේ ත‍්‍රස්ත විමර්ශන පනත යටතේ නඩු විභාගයකින් තොරව රැුඳවුම් භාරයේ සිටින ජයකුමාරි නිදහස් කරන ලෙස ඉල්ලා ‘උනන්දුමත් පුරවැසියන්’ පිරිසක් විසින් සැප්තැම්බර් 29 වනදා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයට එරෙහිව ආණ්ඩුවේ හෙංචයියන් පිරිසක් විසින් සංවිධානය කළ ප‍්‍රති විරෝධතාවයෙහිදී මෙම යෝධ බැනරය ප‍්‍රදර්ශනය කෙරිණි. ඡායාරූප අනුග‍්‍රහය-විකල්ප වෙබ් අඩවිය

මානව හිමිකම් යාන්ත‍්‍රණයන් සමග සම්බන්ධව කි‍්‍රයාකිරීම
14. 2014 මැයි 18 – 26 දක්වා කාලය තුළ සංක‍්‍රමණික සේවකයන්ගේ මානව හිමිකම් පිළිබඳ කටයුතු කරන එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ශී‍්‍ර ලංකාවේ නිල සංචාරයක නිරත විය. සංචාරයෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් විශේෂ වාර්තාකරු ශ‍්‍රමිකයන් වෙනත් රටවල් වෙත සංක‍්‍රමණය වීමේ කි‍්‍රයාවලිය රෙගුලාසි ගත කරන්නට සහ සිය විදේශ රැකියාවන් සොයා සංක‍්‍රමණය වන සිය පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නට ශී‍්‍ර ලංකා රජයේ වගකිවයුතු ආයතන විසින් දක්වා තිබෙන කැපවීම ප‍්‍රශංසාවට ලක් කළහ. එසේම අදාළ කාරණා සඳහා පූර්ණ මානව හිමිකම් දෘෂ්ටි කෝණයකින් අවධානය යොමුකිරීමට ශී‍්‍ර ලංකා බලධාරීන් කටයුතු කළ යුතුයැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ශී‍්‍ර ලංකාව තුළ සංක‍්‍රමණික සේවකයන්ගේ තත්ත්වය පිළිබඳවද සොයා බැලූ විශේෂ වාර්තාකරු ඔවුන්ගේ තත්ත්වය ආරක්ෂා කිරීම, ඔවුන්ගේ කටයුතු නිරීක්ෂණය කිරීම සහ සංක‍්‍රමණිකයන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්ද නව විධි විධාන ගෙන ඒමේ අවශ්‍යතාවය අවධාරණය කළ අතර සංක‍්‍රමණිකයන් අවසැලකිලිවලට භාජනය කිරීමට පසුබිම් සැපයිය හැකි ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් ව්‍යවස්ථාවන් වෙනස් කිරීමේ අවශ්‍යතාවයද අවධාරණයව කර ඇත.

15. ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවස්ථාව ඉල්ලා එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් විසින් කරන ලද ඉල්ලීම් 05ක් මෙතෙක් කිසිදු ප‍්‍රතිචාර ලැබීමකින් තොරව පවතී. එසේ ප‍්‍රතිචාර නොලබා සිටින විශේෂ වාර්තාකරුවන් අතර සුළු ජාතිකයන්ගේ ගැටලූ, සාමකාමී ලෙස රැස්වීමේ සහ සමාගමයේ නිදහස, විරුද්ධ මතවාද දැරීමේ සහ අදහස් පළකිරීමේ නිදහස, අධිකරණ ක‍්‍රියාමාර්ගයකින් තොරව මරණ දණ්ඩනය පැමිණවීම්, බලහත්කාරයෙන් හෝ සිය කැමැත්තෙන් තොරව පුද්ගලයන් අතුරුදහන්කරවීම්, මානව හිමිකම් ආරක්ෂකයන්, අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය. නීතිය සහ සමාජ කි‍්‍රයාකාරීත්වයන් හමුවේ කාන්තාවන් අවසැලකිලි ලක්වීම, සත්‍යය හෙළිකිරීම, යුක්තිය ඇතිකිරීම, වන්දි ලබා දීම සහ නැවත නැවත වින්දිතයන්බවට පත්වීම වැළැක්වීම යන විෂය කේෂ්ත‍්‍ර සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකාරි ලබා ඇති විශේෂ වාර්තාකරුවන් සිටින්නේය.

16. වගවීමේ යාන්ත‍්‍රණය සහ ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලියේ පැවැත්ම වෙත බලහත්කාරයෙන් හෝ සිය කැමැත්තෙන් තොරව පුද්ගලයන් අතුරුදහන්කරවීම් සහ සුළු ජාතිකයන්ගේ ප‍්‍රශ්න යන කේෂ්ත‍්‍ර දෙකෙහි ඇති කේන්ද්‍රීය වැදගත්කම සැලකිල්ලට ලක් කර එකී විෂය කේෂ්ත‍්‍ර දෙක සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ අධිකාරි ලත් විශේෂ වාර්තාකරුවන් දෙපළට රට තුළට පිවිසීමට අවසර දෙන ලෙසත්, එය අතිශය ගාමක වැදගත්කමකින් යුතු කාරණයක් ලෙස සලකා කටයුතු කරන ලෙසටත් සිය පූර්වගාමියා ශී‍්‍ර ලංකා රජයෙන් කළ ඉල්ලීම වර්තමාන මහ කොමසාරිස්වරයා විසින් ද නැවත සිහි කැඳවනු ලබයි. අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් පත්කර තිබෙන පරීක්ෂණ කොමිෂම එහි කටයුතු අවසාන කළ පසුව බලහත්කාරයෙන් හෝ සිය කැමැත්තෙන් තොරව පුද්ගලයන් අතුරුදහන්කරවීම් පිළිබඳ වන කෘත්‍යාධිකාරී කමිටුව (Working Group on Enforced or Involuntary Disappearances) දිවයිනට පැමිණෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන වග ශී‍්‍ර ලංකා රජය නැවතද වතාවක් සඳහන් කර ඇත.

17. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සඳහා වන ජාත්‍යන්තර සම්මුතියට අදාළව ශී‍්‍ර ලංකා රජය විසින් සපයන 05 වැනි කාලාන්තර වාර්තාව මානව හිමිකම් කමිටුව විසින් 2014 ඔක්තෝබර් මාසයේදී සලකා බලනු ඇත.

සිවිල් සමාජ කි‍්‍රයාකාරීන්ට එල්ලවී ඇති තර්ජනයන්
18. සිවිල් සමාජ කණ්ඩායම්, මානව හිමිකම් කි‍්‍රයාදරයන්, ජාත්‍යන්තර පරීක්ෂණයකට සහයෝගය දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි හෝ එවැනි පරීක්ෂණයක් සමග සෘජුවම සම්බන්ධ විය හැකි වින්දිතයන්ද ඇතුළත් කණ්ඩායම් විසින් ගොඩනගාගත් සංවිධාන ආදිය ඉලක්කක කරගෙන මේ වසරේ මාර්තු මාසය පමණ සිට රජයේ සහ රජයේ නොවන කණ්ඩායම් විසින් එල්ල කරමින් සිටින තර්ජනයන්, අඩත්තේට්ටම් කිරීම්, බියවැද්දීම් සහ පළිගැනීම් පිළිබඳ දැන ගැනීමට ලැබ මහ කොමසාරිස්වරයා විශ්මයට පත්ව ඇත. 2014 අපේ‍්‍රල් මස 07 වනදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යවරයා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශයනයක් හමුවේ කරුණු දක්වන කවරෙකු සම්බන්ධයෙන් වුවද නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි පැවසූහ. මාර්තු මාසයේ පැවති මානව හිමිකම් කවුන්සිලය සැසිවාරයට සහාභාගී වූ ඇතැම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හා විවිධ කි‍්‍රයාකාරිකයන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් විස්තර ගණනාවක්ම ලැබී ඇත.

19. මෙයට සමාන්තරව වගවීම, ප‍්‍රතිසන්ධානය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ අදහස් දැක්වූ මානව හිමිකම් කි‍්‍රයාදරයන් ගණනාවකට එරෙහිව ප‍්‍රකෝපකාරී සහ වෛරී භාවිතයන් රැුල්ලක් විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ ජාලා මාධ්‍ය හරහා පැතිරයමින් පවතී. 2014 අගෝස්තු 10 වනදා පළවු සිංහල මාධ්‍ය පුවත්පතක් වන දිවයින පුවත්පත රටේ ප‍්‍රධාන පෙළේ මානව හිමිකම් කි‍්‍රයාකාරිකයන් ඉලක්ක කරගනිමින් දැන් පැහැදිලිවම සිදුවිය යුත්තේ ඔවුනට වෙඩි තබා සිවලූන් විසින් කා දමනු පිණිස කැලයට විසිකිරීමයි. එහෙත් අප කිසිදිනෙක එවැනි පියවරකට යොමු නොවන්නේ මව්බිම පාවා දෙන්නන් සතු ගෝති‍්‍රක මානසිකත්වය අප තුළ නොමැති හෙයිනි.” යැයි සඳහන් ලිපියක් පළ කළහ.

20. අගෝස්තු මස 04 වනදා සිවිල් සමාජ කි‍්‍රයාකාරීන්, රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති පෞද්ගලික රැස්වීමක් බෞද්ධ භික්ෂූන්ගෙන්ද සමන්විත කලහකාරී කණ්ඩායමක් විසින් කඩාකප්පල් කර දමා ඇත. වාර්තා වු ආකාරය මේ පිරිස තමන් යුද්ධයෙන් අතුරුදහන් වු හමුදා සෙබළුන් නියෝජනය කරන්නන් යැයි ප‍්‍රකාශ කර ඇත. අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි සිවිල් සමාජ කි‍්‍රයාදරයන්ද අපහාස සම්පන්න දෝෂාරෝපණයන්ට බඳුන්ව ඇති අතර, විවිධ තර්ජනයන්ට ලක් කරනු ලදුව, ඔවුන් දේශද්‍රෝහීන් යැයි හඳුන්වා දෙනු ලැබ ඇත. මෙම සිද්ධිය වන අවස්ථාවේ එහි පොලිස් නිලධාරීන් රැඳී සිටියද සිදුවෙමින් පැවති කලහකාරී කි‍්‍රයා නතර කිරීමෙහිලා ඔවුන්ගේ කි‍්‍රයාකාරීත්වය අකාර්යක්ෂම විය. මේ සිද්ධියෙන් අනතුරුව ප‍්‍රකාශයක් නිකුත් කළ ශී‍්‍ර ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මෙවැනි චිත්තාවේගාත්මක වැඩසටහන් සඳහා සහභාගීවීමේදී රට තුළ වන සංවේදීතාවයන් පිළිබඳ දැඩි සේ සැලකිලිමත් වන්නයි රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රජාව වෙත සිහිකැඳවීය.

22. රජය 2014 මාර්තු මස 21 වන දාතමින් යුත් ප‍්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අංක 1373 දරන යෝජනාවලියට අනුගාමී දෙමළ සංවිධාන 16ක් සහ පුද්ගලයන් 424ක් හෙළා දකින්නට කටයුතු කළහ. මෙසේ හෙළා දක්නා ලද සංවිධාන ගණයට දෙමළ විමුක්ති කොටි සංවිධානය පමණක් නොව මානව හිමිකම් කවුන්සිලය මෙන්ම මානව හිමිකම් සඳහා වන සෙසු ජාත්‍යන්තර යාන්ත‍්‍රණයන් සමග ද කි‍්‍රයාකාරීව සම්බන්ධව සිටින දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන ගණනාවක්ද ඇතුළත් විය. ත‍්‍රස්තවාදය සහ ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් රට තුළ යළි හිස එසවීම වළක්වනු වස් අවශ්‍ය සියලූ පියවර ගැනීමට රජයට ඇති අයිතියට මහ කොමසාරිස්වරයා මුළුමනින්ම එකගවේ, එතකුදු වුව එසේ ගනු ලබන ඕනෑම පියවරක් එවැනි පියවරක් අවශ්‍යවන ආකාරයට සහ අවශ්‍යවන ප‍්‍රමාණයට අනුව පමණක් කි‍්‍රයාත්මක විය යුතුය. එසේ නොමැතිව සිදු කරන කි‍්‍රයාකාරකම් අදහස් ප‍්‍රකාශ කිරීමේත් සමාගමයේත් නිදහස මෙන්ම සංහිඳියාව අත්පත් කරගැනීමෙහිලා රටතුළ සිදුවන කි‍්‍රයාවලිය අරඹයාත් දිගුකාලීන සහ අතිශය සෘණාත්මක බලපෑම් පනවනු ඇත.

23. පූර්වයෙන් කටයුතු කළ මහකොමසාරිස්වරිය සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ දක්වා ගතවූ කාලය තුළ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීත්වයට සීමා පනවන කි‍්‍රයාකාරීත්වයන්හි ප‍්‍රමාණය ඉහළ යාමේ ප‍්‍රවණතාවයක් ඇතිව ඇත. රාජ්‍ය නොවන සංවිධානයන් පිළිබඳ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක වන ජාතික ලේකම් කාර්යාලය විසින් චක‍්‍රලේඛයක් නිකුත් කරනු ලදුව මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, වැඩමුළු සංවිධානය කිරීම, මාධ්‍යවේදීන්ට පුහුණු වැඩසටහන් සැපයීම සහ මාධ්‍ය අමතා ප‍්‍රකාශ නිකුත් කිරීම අනවසර කි‍්‍රයාකාරීත්වයන් හෙයින් රාජ්‍ය නොවන සංවිධාන අදාළ කි‍්‍රයාකාරකම්හි නියැලීමෙන් වැළකිය යුතුයැයි සඳහන් කෙරිණි. මෙකී චක‍්‍රලේඛනයට විරෝධතාවය දක්වමින් ශී‍්‍ර ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා විසින් ප‍්‍රකාශයක් නිකුත් කරන ලද අතර ඉන් අනතුරුව ඔහු වරින්වර සිදුවූ තර්ජනය කිරීම්වලට ලක්විය.

ජූනි සහ ජූලි මාසය පුරාව දෙමළ ජනමාධ්‍යවේදීන් සඳහා රාජ්‍ය නොවන සංවිධාන විසින් සංවිධානය කළ පුහුණු වැඩසටහන් ගණනාවකටම බාධා කිරීම් සිදුවූ අතර එසේ හෙයින් ඒ සියලූ වැඩසටහන් නොපවත්වා අත්හැර දමන්නට සිදුවිය.

මතු සම්බන්ධයි
පරිවර්තනය – ප‍්‍රගීත් ලියනාරච්චි

සබැදි ලිපි

පරීක්ෂණයේ ඒකාග‍්‍රතාවය රැකගැනීමට රහස්‍යභාවය අත්‍යවශයි – 01 වන කොටස

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 01 වන කොටස

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 02 වන කොටස

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment