බට්ටි නැති කළේ කාගේ කන්‍යාභාවය ද ?

Oct 7th, 2014 | By | Category: LEAD NEWS, පුවත්

කක්කුස්සි වත්තේ බට්ටී සමග නුගේගොඩ නගරයේ සෙල්ෆි ගෙන ෆේස් බුක් දැමීමෙහි ඇති දේශපාලනිකය ආකෘතිගත දේශපාලනික ව්‍යුහව වල සිරගතවූවන්ට මගහැරීයාම පිළිබදව පුදුම වියයුතු නැත. ඔවුන් විසින් අපට ශික්ෂණය (discipline) වීමට හා decent (ශිෂ්ඨ/විනීත) වීමට යෝජනා කරන්නේ මේ සාම්ප්‍රදායික දේශපාලන ව්‍යුහ තුළ සිට ය.

බට්ටිලා “මිනිස් දුහුවිලි” ලෙසින් සළකා මුලු ගන්නවනු ලබන්නේ ද ඔය කියන ශික්ශිත, decent දෘෂ්ඨිවාදය විසිනි. මේ decent දෘෂ්ඨිවාදය පෙරලා අපට යෝජනා කරන්නේ
“බට්ටිලා කොළඹ ගෙනැවිත් නඩු දැම්මාට කමක් නැත. මාධ්‍ය සාකච්චා තිබ්බාට කමක් නැත. voice cut දුන්නාට කිසිම ප්‍රශ්නයක් නැත…
හැබැයි කරේ අත දාං ෆොටෝ ගැහුවාම පට්ටම පාජාතය…” කියා ය.

බට්ටීව කඩේ යැවීම, විකුණන් කෑම, නැටවීම ගැන ලොරි ටෝක් බෙදන අයිලාගේ මානසිකත්වය රත්නපුරේ ත්‍රීවීල් අයිලාගේ මානසිකත්වයට බෙහෙවින්ම සමපාත ය. උන්ට අනුව බට්ටී “බඩුවකි”. ස්වායක්ත පැවැත්මකින් තොර මේසයක්, පුටුවක් වැනි බඩුවකි. එහෙයින් අපට බට්ටීව බිම දාං පහර දිය හැකිය. කඩේ යැවිය හැක. විකුණගෙන කත හැකි ය. බට්ටීට ඒවාට එකග වීම හැර වෙන කිසිදු විකල්පයක් නැත.

අපව ශික්ෂණය කිරීමට එන හැට පැනපු බබ්බුන්ට කියන්නට ඇත්තේ බට්ටී උබලාට වඩා සිය දහස් ගුණයකින් රැඩිකල් බව පමනි.

අප සටන් වදිමින් සිටින්නේ බට්ටී නැමැති ලිංගික ශ්‍රමිකාව වෙනුවෙන් නොව බට්ටී නැමැති මනුෂ්‍යයා වෙනුවෙන් ය. අහිමි කරවනු ලැබූ සමාජීය, ආර්ථික හා දේශපාලනික අවස්ථා හේතුවෙන් පාදඩභාවය උරුම කරවනු ලැබූ ඇය වැනිම සිය දහසකුත් මිනිසුන් වෙනුවෙන් ය. පීඩිතයින් තව දුරටත් පීඩාවට පත්කරමින් ඔවුන්ව පරිපූර්ණ මනුෂ්‍යයන් ලෙස නොව මිනිස් අවශේෂයන් ලෙස හප ගසා විසි කර දමනු ලබන බල කේන්ද්‍රීය පීඩක යාන්ත්‍රනයට එරෙහිව ය.

වෛද්‍ය වෘත්තිකයන්ගේ උද්ඝෝශන වලදී බලා සිටින පොලීසිය ධීවර උද්ඝෝශන වලදී වෙඩි තබන්නේ මෙකී පදනමෙනි. දණ ගැස්සවූ ගුරුවරිය වෙනුවෙන් සටන් වදින්නවුන් බට්ටී ගැන නිවුස් යන විට චැනල් මාරු කරන්නේ මේ නිසා ය. මාලක සිල්වා වත්තම් කරගෙන රෝහලට රැගෙන යන විට අක්මීමන ගාමිණී ඇදුම් පෙන්නන්න මාදොළට රැගෙන යාම සාධාරණීකරනය කෙරෙන්නේ මෙකී යාන්ත්‍රණයට අනුව ය.

අද බට්ටිලාට එරෙහිව නැගෙන අත් හෙට දින නුඹලා ද සොයා එනු ඇත. එවිට උඹලා වෙනුවෙන් හඩ නගන්නට බට්ටිලාවත් ඉතිරි වී නොඉනු ඇත.

කසුන් පතිරණ
මිනිස් අවකාශයක් සදහා සාමූහිකය

bat1

Recent Posts

Tags: , , ,

2 Comments to “බට්ටි නැති කළේ කාගේ කන්‍යාභාවය ද ?”

  1. manju says:

    The Great idea….

  2. max says:

    අද බට්ටිලාට එරෙහිව නැගෙන අත් හෙට දින නුඹලා ද සොයා එනු ඇත. එවිට උඹලා වෙනුවෙන් හඩ නගන්නට බට්ටිලාවත් ඉතිරි වී නොඉනු ඇත. – ඇත්ත කතාව කසුන්

Leave a Comment