සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්  ලංකාව කොතැනද?

Oct 10th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

ඒ හඩ ඇසෙන්නේ ජිනිවා නගරයෙනි – 3

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වශයෙන් ශ‍්‍රී ලංකාව එම සම්මුතිය බලාත්මක කර ඇති ආකාරය සමාලෝචන කෙරෙන සැසිය පසුගිය 07 සහ 08 දිනවලදී ජිනිවා නගරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ පැවැත්වීය. විශේෂඥ කමිටුවක් විසින් මෙම සමාලෝචනය සිදුකරන අතර සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වශයෙන් මෙම සමාලෝචනයට ලක්වීමට ලංකාව නීතිමය වශයෙන් බැදී සිටී. ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් සම්මුතිය බලාත්මක කිරීමට අදාළ වන රජයේ විවිධ අමාත්‍යංශ නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහභාගී වූ අතර කමිටුව විසින් රජය දක්වන කරුණු වලට අමතරව විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබාදෙන වාර්තාවන් ද සමාලෝචනයේදී සැලකිල්ලට ගනී. එසේම රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් කමිටුව හමුවේ අදහස් දැක්වීමට සිවිල් සමාජයට අවස්ථාව ලැබේ.

මෙම සමාලෝචනය අවසානයේ ඔක්තෝබර් 08 වන දින මානව හිමිකම් කමිටුව විසින් ජිනීවාහිදී මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් විය,

 ජිනිවාහි එක්සත් ජාතීන්ගේ කාර්්‍යාලයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ විසින් කරුණු දක්වමින් කියා සිටියේ 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළද තවමත් ත‍්‍රස්තවාදය පිළිබද තර්ජන ලංකාවට පවතින බවයි. එසේම මානව හිමිකම් රැුකවලූන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබදව ආණ්ඩුව සම්පුර්ණයෙන්ම කැපවී සිටින බවටද ඔහු අවධාරණය කළේය.

මානව හිමිකම් රැකවලූන්ට එල්ලවී ඇති තර්ජන, වෙනස් කොට සැළකීම, මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර, අතුරුදහන්කරවීම් සහ නිතීයට පිටින් සිදුවන මනුෂ්‍ය ඝාතන සහ හිංසනයන් පිලිබදව  මානව හිමිකම් කමිටු නියෝජිතයන් විසින් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිතයන්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කළ අතර සිංහරාසා නඩුවේදී මෙන් බලහත්කාරයෙන් පාපොච්චාරණයන් ලබාගෙන නඩු පැවරීම පිළිබ`දව කමිටුව සිය විශේෂ අවධානය යොමු කළේය. එසේම බන්ධනාගාරවල සිටින අධික සිරකරුවන් ප‍්‍රමාණය, නඩු විභාගයට පෙර රදවා තබා ගැනීම්, වරදකරුවන් දඩුවම් නොලබා නිදැල්ලේ සිටිය හැකි වීමේ වාතාවරණය, කාන්තාවන්ට වෙනස්කොට සැළකීම සහ ස්ත‍්‍රී දූෂණයකදී ගබ්සා කරගැනීමේ අයිතිය, මෙන්ම දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාවන්ට ඇතුළුව සුළුතරයට වෙනස්කොට සැළකීමේ තත්ත්වයන් කමිටුව විසින් සලකා බලන ලදී.

සමාලෝචනය අවසානයේ සමාප්ති දේශනය පවත්වමින් මානව හිමිකම් කමිටුවේ සභාපති නයිජල් රොඞ්ලි මෙසේ ප‍්‍රකාශ කළේය. ‘‘තම පරමාර්ථ සාධනය උදෙසා ත‍්‍රස්ත ක‍්‍රමවේදයන් භාවිතා කිරීමට නොපැකිළුණු සංවිධානයකට එරෙහිව පැවති ලේ වැකුණු යුද්ධයක අවසානය කරා ශ‍්‍රී ලංකාව පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව පිළිගනී. එමෙන්ම අවතැන්වූ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් නැවත පදිංචි කරනු ලැබීම යහපත් තත්ත්වයකි. කෙසේවුවද, තවමත් නොවිසඳුණු මානව හිමිකම් ප‍්‍රශ්න ගණයට පහත සඳහන් කරුණු අයත් වේ.

-බලහත්කාරයෙන් ලබා ගන්නා අපරාධෝච්චාරණ (ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ) අපරාධ නඩු ඔප්පු කිරීම සඳහා යොදා ගැනෙන විට ඒවා ස්වේච්ඡාවෙන් තොරව ලබා ගත් ඒවා බව ඔප්පු කිරීමේ භාරය සාමාන්‍යයෙන් සිදුවිය යුතු පරිදි පැමිණිල්ල මෙහෙයවන ආණ්ඩුව විසින් සිදු නොකොට එය චුදිතයා වෙත මාරු කිරීම

– වධහිංසා කිරීම උපක‍්‍රමයක් වශයෙන් යොදා ගැනීම

– බලහත්කාරයෙන් සිදුවන අතුරුදහන්කරවීම්

– වරදට දඬුවම් නොලබා සිටීමේ හැකියාව හෙවත් නිර්මුක්තිය

– මානව හිමිකම් කමිටුව වෙත රට තුළ සිටින තැනැත්තන් විසින් එවනු ලබන පුද්ගල සන්නිවේදන පැමිණිලි මානව හිමිකම් කමිටුව විසින් සළකා බැලීම වනාහි රටෙන් පරිබාහිර ආයතනයක් විසින් නඩු විභාග කිරීමකට සමාන කොට සැලකීම

රවිනාථ ආරියසිංහ අවසාන වශයෙන් ප‍්‍රකාශ කර සිටියේ වසර 30ක යුද්ධය අවසානයේ පරිවර්තනය සදහා තවත් කාලය ලංකාවට අවශ්‍ය බවත් මෙම කමිටුව එය තේරුම්ගෙන කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන අතර අතුරුදහන් වූවන් පිළිබදව සොයාබැලීමට පත්කළ කොමිසම මෙම මානව හිමිකම් කමිටුව විසින් අගය කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

මෙම සමාලෝචනයට සහභාගී වූ ආණ්ඩුවේ නියෝජිත පිරිස අතර ප‍්‍රතිසන්ධානය සදහා වූ කාර්යාංශය, නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය, කාන්තා කටයුතු සහ ළමා සංවර්ධන අමාත්‍යංශය, පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය, නිතිපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය අරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍යංශයවල නියෝජිතයන් විය.

 මෙම කමිටුව හමුවේ අදහස් දැක්වීමට ලංකාවේ සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් නීතිඥ සුදර්ශන ගුණවර්ධනද සහභාගී වූ අතර කමිටුවේදී මතු වූ අදහස් සහ යෝජනා මෙන්ම එය සිවිල් සමාජ කටයුතු වර්ධනය කරගැනීම සදහා උපයෝගී කරගන්නා අකාරය පිළිබද ඔහු සමග කෙරෙන සාකච්ඡුාවක් ලබන ‘සමබිම’ කලාපයේ පළකෙරේ.

ලංකාවේ මානව හිමිකම් පිළිබදව නව මහකොමසාරිස් සයිද් රද් අල් හුසෙන් කුමරු විසින් ඉදිරිපත් කළ වාචික තත්ත්ව වාර්තාවේ මුල් කොටස් පසුගිය සමබිම කලාපයන්වල පළ කළ අතර මෙවර එහි තෙවන කොටස පළ කෙරේ.

|ප‍්‍රබෝධ චින්තක රත්නායක

සබැදි ලිපි

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 01

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 02

ra

සබැදි ලිපි

පරීක්ෂණයේ ඒකාග‍්‍රතාවය රැකගැනීමට රහස්‍යභාවය අත්‍යවශයි – 01 වන කොටස

ආණ්ඩුව සිවිල් සමාජයට සලකන ආකාරය දැක හුසේන් කුමරු මවිත වෙයි –

02 වන කොටස

දේශීය පරීක්ෂණවල විශ්වාසනීයත්වය තහවුරු කරගත යුතුයි – 

03 වන කොටස

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 01 වන කොටස

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 02 වන කොටස

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 03 වන කොටස

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment