දේශීය පරීක්ෂණවල විශ්වාසනීයත්වය තහවුරු කරගත යුතුයි

Oct 10th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීම හා  මානව හිමිකම්හි අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණ සහිතව  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් කුමරා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීම. (3 වන කොටස)

වින්දිතයන් සහ සාක්ෂ්‍යකරුවන් ආරක්ෂාකිරීමේ අවශ්‍යතාවය

24. බියගැන්වීම් සහ තර්ජනය කිරීම් වලින් සමන්විත මෙකී තත්ත්වයෙහි අවසාන ප‍්‍රතිඵලය මානව හිමිකම් කවුන්සිලය විසින් කි‍්‍රයාත්මක කළා වූ ජාත්‍යන්තර විමර්ශනය තවදුරටත් අසීරු සහ අභියෝගකාරී එකක් බවට පත්කරන ලදී. එහි අර්ථය එකී විමර්ශනය වෙනුවෙන් සාක්ෂි සැපයිය හැකි පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳ වගබලාගනු වස් මහකොමසාරිස් කාර්යාලය වෙනුවෙන් අදාළ විමර්ශනය පවත්වාගෙන යන කණ්ඩායමට ගතයුතු සහ ගතහැකි සෑම පියවරක්ම ගන්නට සිදුව ඇත යන්නයි.

25. සාක්ෂිකරුවන්ගේ සහ වින්දිතයන් බවට පත්වූවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගබලා ගැනීම දිගු කාලයක් තිස්සේ හඬ නැගෙන්නා වූ අවශ්‍යතාවයක්ව ඇති ශී‍්‍ර ලංකාව තුළ මේ තත්ත්වය රටේ දේශීය පරීක්ෂණයන්ගේ අනාගතය කෙරෙහිද බලපානු ඇත. මේ කාරණය හා අදාළව අපරාධ කි‍්‍රයාවන්හි වින්දිතයන් සහ සාක්ෂ්‍යකරුවන්ට සහයෝගය සහ ආරක්ෂාව සැපයීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන්නට රජය පසුගිය අගෝස්තු 14 වනදා කටයුතු කළ වග මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කර සිටී.  මෙකී පනත් කෙටුම්පත ගෙනඒමේ කි‍්‍රයවලිය 2006 වසරේ සිටම සිදුවෙමින් පැවති අතර රජය වරින් වර අවස්ථා ගණනාවකදීම මෙම පනත සම්මත කරගැනීමෙහිලා සිය සූදානම පිළිබඳ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ සඳහන් කරන්නටද යෙදුණි. ජාත්‍යන්තර ප‍්‍රමිතීන් සහ ඉහත කී පනත් කෙටුම්පත එකිනෙක සංසන්දනය කරමින් සියුම් අධ්‍යයනයට ලක් කරන්නට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ඉදිරියේදී කටයුතු කරනු ඇත. කෙසේ නමුත් දැනට සිදුකර ඇති මූලික අධ්‍යයනයන් තුළින් මතුකර ඇති අන්දමට අදාළ පනත් කෙටුම්පතෙන් යෝජිතව ඇති අපරාධ කි‍්‍රයාවන්හි වින්දිතයන් සහ සාක්ෂ්‍යකරුවන්ගේ ආරක්ෂාව සඳහා වන ජාතික අධිකාරිය, අපරාධ කි‍්‍රයාවන්හි වින්දිතයන් හෝ සාක්ෂිකරුවන් බවට පත්වන්නන් සඳහා සහයෝගය සපයන ස්ථානය සහ පොලිස් දෙපාර්තමේන්තුව අනුබද්ධිතව එවැනි පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා වන ඒකක පිහිටුවීම, මෙන්ම එකී වින්දිතයන් හෝ සාක්ෂ්‍යකරුවන් වෙත විදේශයන්ගෙන් ලැබිය හැකි සහයෝගීතාවයන් ප‍්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම යන ප‍්‍රතිපාදන සම්බන්ධයෙන් මතභේද ගණනාවක්ම පැනනැගී ඇත. කිසියම් දුරස්ථ ප‍්‍රදේශයක සිට සාක්ෂ්‍යකරුවෙකු විසින් සාක්ෂ්‍ය සපයන අවස්ථාවක නීතිය කි‍්‍රයාත්මක කරන නිලධාරීන්ද එම සාක්ෂ්‍යකරු සමග සිටිය යුතුය යනුවෙන් කෙටුම්පතෙහි එන එක් වගන්තියක් කෙරෙහි සිය අවධානය යොමු කරවන මහ කොමසාරිස්වරයා, මෙම ප‍්‍රතිපාදනය නිසාවෙන් විදේශයන්හි සිටින සාක්ෂ්‍යකරුවන්ගෙන් වීඩියෝ මාධ්‍යයෙන් සාක්ෂ්‍ය ලබා ගැනීම අතිශය දුෂ්කර වනු ඇතැයි පෙන්වාදීමට අපේක්ෂා කරයි. පනත් කෙටුම්පතේ මෙම කේෂ්ත‍්‍රයට අදාළව තාක්ෂණික සහයෝගය සැපයීමට පූර්වයෙන් කටයුතු කළ මහ කොමසාරිස්වරිය කළ කැමැත්ත පළ කිරීම් මෙහිලා සැලකිල්ලට ලක් කර නොමැත.

උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව කි‍්‍රයාවට නැංවීම

උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසන් සභාවේ අවසාන වාර්තාවේ දක්වා ඇති ප‍්‍රතිසංස්කරණ නිර්දේශ නිසි පරිදි කි‍්‍රයාවට නංවන ලෙස ශී‍්‍ර ලංකා රජය වෙත කලින් කර තිබූ දැනුම්දීම යළි මතුකරන්නට අංක 25/1 දරන යෝජනාවලිය කටයුතු කළහ. උගත් පාඩම් කොමිසමේ සියලූ නිර්දේශ ආවරණය නොකළා සේම ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සහ මානුෂවාදී නීතිය කඩකළා යැයි එල්ලව ඇති බරපතල චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් අවධානයක්ද නොදැක්වුවා වුවද ඉහත කරුණ සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කළ ජාතික මානව හිමිකම් කි‍්‍රයාකාරී සැලැස්ම කවුන්සිලයේ අවධානයට පාත‍්‍රවිය.

27. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා 2014 මැයි මාසයේ කළ සඳහනකට අනුව උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අතුරින් 30%කට වඩා දැනටමත් කි‍්‍රයාත්මක කර අවසන්ය. කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා පනවනු ලැබූ ජාතික කි‍්‍රයාකාරී සැලැස්මේ අන්තර්ගතයන් කි‍්‍රයාත්මක කිරීමෙහිලා විවිධ රේඛීය අමාත්‍යාංශයන් සමග කටයුතු කරනු වස් ප‍්‍රතිසන්ධානය සඳහා වන විශේෂ කාර්ය සාධන ඒකකයක්ද ස්ථාපිත කර ඇත.  2014 ජූලි මාසයේදී රජය විසින් කි‍්‍රයාකාරි සැලසුමෙහි අන්තර්ගතය කි‍්‍රයාවට නැංවීම සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර ඇති අවසාන දැනුම්වත් කිරීම සිදුකළහ.

28. ජාතික ත්‍රෛභාෂා ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාවට නැංවීම සඳහා මේ වනවිට ඉදිරි පියවරයන් ගනිමින් පවතී. ඒ හා සම`ගම පළාත් දෙකක රාජ්‍ය භාෂා කොමිසන් සභා පිහිටුවීම කෙරෙහිද උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා දෙමළ කතා කරන පොලිස් නිලධාරීන් බඳවා ගැනීම සඳහාද ප‍්‍රතිපාදන සම්පාදනය වෙමින් පවතී. ජාතීන් අතර ඒකාබද්ධතාවය ප‍්‍රචලිත කිරීම අරමුණු කරගත් ජාතික සමගියේ මහ සමුළුව යන මැයෙන් මේ වසරේ අපේ‍්‍රල් මාසයේදී සම්මේලනයක් පැවැත්වුණු අතර ජූලි මාසයේදී ජාතික ඒකාබද්ධතා සතිය පැවැත්විණ. පසුගිය මැයි මාසයේදී ලෝක තරුණ සම්මේලනයේ සත්කාරකත්වය දරන්නටද ශී‍්‍ර ලංකාව කටයුතු කර තිබුණි.

29. උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල නැවත පදිංචි කිරීම්, යළි ගොඩනැංවීමේ කි‍්‍රයාවලීන් සහ සංවර්ධන කි‍්‍රයාකාරකම් යුහුසුළු සිදුවෙමින් පවතී. රජයද වාර්තා කර ඇති අන්දමට 2014 අගෝස්තු මාසය වනවිට දිවයිනේ අභ්‍යන්තර අවතැන්වූවන්ගෙන් නැවත පදිංචි කිරීම සඳහා ඉතිරිව සිටින ප‍්‍රමාණය 26,056ක් (පවුල් 7,840ක්* පමණි. මෙම ප‍්‍රගතිය යුද්ධයෙන් හානි වූ ප‍්‍රදේශවල අධ්‍යාපන පහසුකම් ප‍්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන්ද යහපත්ව පවතී. අදාළ ප‍්‍රදේශවල ප‍්‍රාථමික පාසල් 1105 වැඩිදියුණු කර ඇති අතර එම පාසල්වල සිසුන්ගෙන් පෙරට වඩා යහපත් ප‍්‍රතිඵල බලාපොරොත්තු වේ. වන්දි සහ හානිපූරක සැපයීම සඳහා තමන් 2014 වසරේදී රුපියල් මිලියන 475ක් වැය කර ඇතැයි රජය සඳහන් කරයි. කෙසේ නමුත් යුක්තිය ඇති කිරීමෙහිලා පුළුල් කි‍්‍රයාකාරීත්වයක් ඇති කිරීම සඳහා ජාතික වන්දි ප‍්‍රතිපත්තියක් ගොඩනගාගන්නැයි පූර්වයෙන් කටයුතු කළ මහ කොමසාරිස්වරිය සහ මානව හිමිකම් කවුන්සිලය විසින් කළ නිර්දේශ මෙතෙක් කි‍්‍රයාවට නංවා නොමැත. මහජන ඡන්දයෙන් පත්ව ඇති උතුරු පළාත් සභාව ඉහත කී ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයන් සැලසුම් කිරීමේදී සහ කි‍්‍රයාත්මක කිරීමේදී සෘජුව සහ පූර්ණ වශයෙන් සම්බන්ධ කරගන්නා ලෙස මහ කොමසාරිස්වරයා රජයේ පාර්ශ්වයෙන් ඉල්ලා සිටී.

30. උගත් පාඩම් කොමිෂමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමෙහිලා රජයේ කි‍්‍රයාකාරීත්වය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ පූර්ණ නිරීක්ෂණයට ලක්වනු ඇති අතර කොමසාරිස්වරයා මානව හිමිකම් කවුන්සිලය වෙත සිය මීළග වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත 2015 මාර්තු මසයේදී ඒ සම්බන්ධයෙන් වාර්තාවක්ද ඉදිරිපත් කෙරෙනු ඇත.

වගවීමේ දේශීය කි‍්‍රයාවලිය

31. 1983 ජනවාරි මස සිට 2009 වසරේ මැයි මාසය දක්වා උතුරු සහ නැගෙනහිර පළාත්වල වාසය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුවූ අපහරණ සහ අතුරුදහන්වීම සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කරනු වස් ජනාධිපති පර්යේෂණ කොමිසමක් පත්කිරීම උගත් පාඩම් කොමිසම සිය අවසාන වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිදුවූ ඉතාම වැදගත් සිදුවීමකි. 2014 අගෝස්තු මාසය වනවිට මෙම කොමිසම කිලිනොච්චි, යාපනය, මඩකලපුව, මුලතිව් සහ මන්නාරම යන ප‍්‍රදේශවල මහජන සැසිවාර 06ක් පවත්වා ඇත.  දැනට දැනගන්නට ඇති ආකාරයට මෙම කොමිසම වෙත පැමිණිලි 12995ක් ලැබී ඇති අතර කොමිසම එයින් පැමිණිලි 1215 ක් විමර්ෂණ සඳහා කැඳවනු ලදුව එයිනුදු සිද්ධින් 930 ක් විභාග කර අවසන් කර ඇත. වැඩිදුරටත් අනාවරණයව ඇති පරිදි කොමිසම වෙත එහි මහජන සැසිවාර අතුරතුරද පැමිණිලි ඉදිරිපත්ව ඇති අතර එසේ ඉදිරිපත්වූ පැමිණිලි සංඛ්‍යාවෙන් 3241කි.  මෙම 3241ක ප‍්‍රමාණය ඉහත කී සමස්ත පැමිණිලි ප‍්‍රමාණයටම අයත්ද යන්න මෙතෙක් පැහැදිලි කර නොමැත.  දළ වශයෙන් පැමිණිලි 374ක් පමණ ලැබී ඇත්තේ කොමිසමේ කාර්ය පටිපාටිය යටතට ගැනෙන ප‍්‍රදේශවලින් පරිබාහිරවය. එයට අමතරව ලැබී ඇති පැමිණිලිවලින් 5000ක් පමණ අතුරුදහන්වූ හමුදා සෙබළුන්ගේ පවුල්වලින් ලැබුණු ඒවාය.

32. මෙකී කි‍්‍රයාවලිය නිරීක්ෂණයෙහිලා මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය සෘජුව මැදිහත් නොවුණද වෙනත් ස්වාධීන ආයතන විසින් මෙම කොමිසමේ පර්යේෂණ කටයුතු සම්බන්ධව ඉදිරිපත් කළ වාර්තාවලින් අවධානයට ලක්කර තිබූ පරිදි පරීක්ෂණ කමිටුව සහ එහි කොමසාරිස්වරුන් සාක්ෂ්‍යකරුවන්ගෙන් ප‍්‍රශ්න විමසා තිබූ ආකාරය, ප‍්‍රශ්න විමසීම් අතරතුර සපයා තිබූ පරිවර්තන සේවාවන්හි ගුණාත්මකභාවය, වින්දිතයන් වෙත සපයා තිබූ උපදේශනාත්මක සේවාවන්හි මද බව, සහ සාක්ෂ්‍ය විමසීම්හි ඇතැම් අවස්ථාවන් අතරතුර හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඒ ආසන්නයේ ගැවසීම යනාදී කරුණු පිළිබඳ බරපතල තත්ත්වයන් මතුව ඇත. සිය ඥාතීන් අතුරුදහන්වීම පිළිබඳ සාක්ෂිදීමට පැමිණ සිටි ඇතැම් සාක්ෂිකරුවන් පොලිස්, හමුදා සහ රජයේ බුද්ධි අංශ වෙතින් පෙර වරින් වර අවස්ථාවල තමන්ට ඇතිවූ හිරිහැර කිරීම් ගැනද සඳහන් කර සිටි අතර සාක්ෂිදීමට පැමිණි අවස්ථාවේ එවැනි ඇතැමෙකුට සිදුවූ බලපෑම් හේතුවෙන් ඔවුන් කොමිසම හමුවේ සාක්ෂිදීමෙන් මුළුමනින්ම වැලකී සිට ඇත. ජූලි මාසයේදී මුලතිව්හි පැවති සාක්ෂි විමසීමේ අවස්ථාවේ ඉදිරිපත්වූ ඇතැම් ප‍්‍රකාශවලට අනුව අතුරුදහන්වූ ඔවුන්ගේ ඥාතීන් මියගිය අයවලූනැයි සලකා ඔවුන් වෙනුවෙන් මරණ සහතික ලබා ගන්නා ලෙස ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඇතැම් අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සෘජුවම බලපෑම් කර ඇත.  කතෝලික සභාවේ මන්නාරම අගරදගුරුවරයාද 2014 අගෝස්තු මාසයේ කොමිසම වෙත යවන ලද ලිපියකින් කොමිසමේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් බරපතල ලෙස අවධානය යොමුකර ඇත. සිවිල් සමාජ සංවිධාන විසින් මෙකී ගැටලූ සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමුකරවා ඇත. එසේද වුව පසුව පැවති සාක්ෂි විමසීම්වලදී පවා මේ තත්ත්වය කවරහෝ වෙනසකින් තොරව එලෙසම ඇතිව ඇත. මේ අතර අතුරුදහන්වූවායැයි සැලකෙන පුද්ගලයන්ගේ ඥාතීන් වෙනුවෙන් ‘මානසික-සමාජයීය සහයෝගීතා සහ උපදේශනාත්මක සේවා’ වැඩසටහනක් සැලසුම් කරමින් සිටින්නේයැයි රජය ප‍්‍රකාශ කර ඇත.

33. ඉහත කොමිෂමේ කි‍්‍රයාකාරීත්වය සඳහා වන අධිකාරි පත‍්‍රය ජනාධිපතිවරයා විසින් දෙවරක්ම පුළුල් කරනු ලැබ ඇත.  ඒ අනුව එහි කටයුතු අවසන් කළ යුතු දිනය ලෙස මේ වනවිට සඳහන් වනුයේ 2015 පෙබරවාරි මස 25 වනදාය.  යුද්ධයේ අවසන් අදියර තුළ සිදුවූ මිනිස් ජීවිත අහිමිවීම් සඳහා හේතුවූ කාරණා හා සිදුවීම් පිළිබඳව, අදාළ සිදුවීම් සඳහා කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කණ්ඩායමක් විශේෂයෙන් වගකීම දැරිය යුතුද යන වග ජාත්‍යන්තර මානව හිමිකම් නීති මූලධර්ම විෂයෙහි අනුකූලව කටයුතු කරන්නට පාර්ශව දෙකම – එනම් රජයේ හමුදා සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය කොතරම් දුරට කටයුතු කළේද යන වග සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින් සිවිල් වැසියන් මිනිස් පළිහක් වශයෙන් භාවිතයට ගැනීම සහ ඔවුන් විසින් සිදු කර ඇති වෙනත් අපරාධ කි‍්‍රයා යනාදිය පිළිබඳවද විභාග කළ හැකි පරිද්දෙන් ඉහත කොමිෂමේ විෂය පථය පුළුල් කරන්නේ යැයි ජනාධිපතිවරයා නිවේදනය කර ඇත.

34. මෙම කොමිසම විෂයෙහි උපදේශනාත්මක භූමිකාවක් ඉටු කරන්නැයි ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයන් 06 දෙනෙකුට ද ආරාධනා කර ඇත. කෙසේ නමුත්, ඉහත කී විශේෂඥයන් 06 දෙනාගේ කාර්යභාරය, කොමිසමේ කටයුතු සඳහා ඔවුන් සහභාගීවන ආකාර, එකී විශේෂඥයන් 06 දෙනාට සහයෝගය දැක්වීම සඳහා ස්වාධීන කාර්ය මණ්ඩලයක් පත් කරන්නේද සහ මෙම විශේෂඥයන්ට කොමිසමේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු නිරීක්ෂණය කරන්නට පහසුකම් සපයන්නේද යන කිසිවක් මෙම වාචික ඉදිරිපත් කිරීම සිදුවන මේ මොහොත වන තුරුත් පැහැදිලි කර නොමැත. එසේම මහජන කරුණු විමසීම් කොමිසම විසින් දැනටමත් අවසන් කර ඇති තත්ත්වයක් තුළ කොමිසමේ විෂය පථය පුළුල් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කළා වුවද එකී පුළුල් කරනු ලැබූ විෂය පථය ආවරණය කිරීම සඳහා කොමිසම අනුගමනය කරන කි‍්‍රයාපටිපාටිය හෝ නව විමර්ශන පවත්වාගෙන යාම සඳහා කොමිසම වෙත සපයනු ඇත්තේ කවරාකාර සම්පත් සහ පහසුකම්ද යන්න පවා මෙතෙක් පැහැදිලි කර නොමැත.

35. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා ස්ථාපිත කළ අනෙක් දේශීය යාන්ත‍්‍රණය වනුයේ හමුදා විනිශ්චය සභාවන්ය.  යුද්ධයේදී සිවිල් වැසියන් ඝාතනය වීම පිළබඳ මෙකී විනිශ්චය සභාව විසින් සිය ප‍්‍රථම අදියර විමර්ශන පසුගිය වසරේදී අවසන් කළහ. එහෙත් මේ මොහොත වන තුරුත් විනිශ්චය සභාවේ වාර්තාව ප‍්‍රසිද්ධ කර නොමැති ඇතර එකී විනිශ්චය සභාව විසින් ලබා ගත් සාක්ෂි සහ සොයා ගත් කරුණු විමසා බලන්නට අවස්ථාවක් දෙන්නැයි මානව හිමිකම් කවුන්සිලය විසින් ඉල්ලීමක්ද සිදුකර ඇත. චැනල් 04 නාලිකාව විසින් විකාශනය කළ ඝාතන කි‍්‍රයා සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳ වන වීඩියෝ පටවල අන්තර්ගතයන් පිළිබඳ හමුදා විනිශ්චය සභාව විසින් සිදුකළ යුතු දෙවැනි අදියර පරීක්ෂණ පිළිබඳව මෙතෙක් කිසිදු සඳහනක් නොමැත.

36. පූර්වයෙන් කටයුතු කළ මහ කොමසාරිස්වරිය විසින් අවධානය දක්වා තිබූ සෙසු සුවිශේෂී සිද්ධීන් සම්බන්ධයෙන්ද මේ වනතෙක් පැහැදිලි ප‍්‍රගතියක් ඇතිව නොමැත.  2006 වසරේ ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ සිදුවූ ශිෂ්‍යයන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා පැවති දීර්ඝ කි‍්‍රයාවලිය අවසන්ව වසරක් ගතව ඇතද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයක් දක්වා නොමැති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ හමුදා නිලධාරීන් තවදුරටත් ඇප පදනම මත නිදහසේ සිටියි. 2006 වසරේදී මූතුර් නගරයේදී සිදුවූ Action against Hunger (Action Contre la Faim – ACF) සංවිධානයේ සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය පැවසූයේ මේ වනවිට විදේශගතව ඇති සාක්ෂ්‍යකරුවන්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි රැස්කර ගැනීමෙහිලා ලබාගත හැකි සහයෝගයන් ගනු ලබනු වස් තමන් ප‍්‍රංශ රජය සමග සාකච්ඡා කරමින් සිිටින බවයි. එතෙකදු වුව ශී‍්‍ර ලංකා රජය පාර්ශවය සමග ප‍්‍රංශ රජය එවැනි එක`ගතාවයකට මෙතෙක් එළැඹ නොමැති යැයි ප‍්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

නම් සඳහන් කර නොමැති විශේෂඥ පිරිසක් වෙතින් ලබා ගත් වාර්තාවක් ශී‍්‍ර ලංකා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප‍්‍රසිද්ධ කර ඇති අතර එයින් සිද්ධියට අදාළව ්ක්‍ත්‍ සංවිධානයේ සේවකයන්ගේ හැසිරීම විවේචනය කරන්නටත් ඔවුන් ප‍්‍රවේශම් වූයේ නම් මෙකී ඝාතන සිදු නොවන තැනට කටයුතු සලසාගත හැකිව තිබුණ වග සඳහන් කරන්නටත් කටයුතු කර ඇත. ආරක්ෂක අමාත්‍යංශය විසින් ප‍්‍රසිද්ධ කරන ලද මෙම වාර්තාව සහ ශී‍්‍ර ලංකා රජය විසින් පවත්වාගෙන යන නිල විමර්ශනය අතර සම්බන්ධය කවරාකාරද යන්න පැහැදිලි නැත. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහත කි‍්‍රයාකාරීත්වය සිද්ධිය සම්බන්ධයෙන් වන අධිකරණමය කෘත්‍යයන් විෂයෙහි අනුචිත බලපෑමක් ඇති කරන බව පැහැදිලි අතර අදාළ සිද්ධියේ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් තුළ ඇති පීඩනය සහ සිත් තැවුල් වැඩි කරන්නටද අමාත්‍යාංශයේ මේ කි‍්‍රයාකාරීත්වය හේතුවනු ඇත.

37. ශී‍්‍ර ලංකාවේ වැලිවේරිය ප‍්‍රදේශයේදී 2013 වසරේ අගෝස්තු මාසයේ ඇති වූ සිදුවූ ඝාතනයන් පිළිබඳ ශී‍්‍ර ලංකා යුද හමුදාවේ වාර්තාව ප‍්‍රසිද්ධ කරන්නැයි මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටි නමුදු මෙතෙක් එවැන්නක් සිදුව නොමැත. එලෙසම වව්නියාව සහ වැලිකඩ බන්ධනදිාර තුළ 2012 වසරේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන්ද මෙතෙක් නිල වාර්තාවක් ඉදිරිපත්ව නොමැත.

38. පසුගිය වසරේ මෙම කාලයේදී ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් යෝජනා කර සැලසුම් කළ වධහිංසාව පිළිබඳ ජාතික විමර්ශනය මෙතෙක් කිසිදු හෝ ආකාරයකින් දියත්ව නොමැත.

මතු සම්බන්ධයි

පරිවර්තනය – ප‍්‍රගීත් ලියනාරච්චි

camලංකාව වෙනුවෙන් ජිනිවාවල ප‍්‍රචාරය වූ ඡායාරූප කිහිපයක්…

 

සබැදි ලිපි

පරීක්ෂණයේ ඒකාග‍්‍රතාවය රැකගැනීමට රහස්‍යභාවය අත්‍යවශයි – 01 වන කොටස

ආණ්ඩුව සිවිල් සමාජයට සලකන ආකාරය දැක හුසේන් කුමරු මවිත වෙයි –

02 වන කොටස

දේශීය පරීක්ෂණවල විශ්වාසනීයත්වය තහවුරු කරගත යුතුයි – 

03 වන කොටස

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 01 වන කොටස

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 02 වන කොටස

එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි – 03 වන කොටස

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment