ප‍්‍රාග්ධනය යනු කුමක්ද?

Oct 13th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

|දීප්ති කුමාර ගුණරත්න

ප‍්‍රාග්ධනය (capital) යනු කුමක්ද? 21 වැනි සියවසේ ජීවත් වන, අධිතාක්‍ෂණික දැනුමක් සහිත පුද්ගලයෙකුගෙන් මෙම ප‍්‍රශ්නය ඇසුවහොත් ඔහු නිරුත්තර වනු ඇත. නමුත් ඔහු මෙම ප‍්‍රශ්නය උත්තරයක් තමා සතුව නැති වීම ගැන ලැජ්ජා නොවනු ඇත. අප ජීවත් වන සමාජ ක‍්‍රමයට ‘නමක්’ නැත. ඒ ගැන කිසිවකු පුදුම වන්නේ ද නැත. නමක් නැති සමාජයක ජීවත් වීම එක්තරා අතකින් අපූර්ව අත්දැකීමකි. අප ජීවත් වන සමාජයට නමක් නැති වුවත් අපට ‘නම්’ තිබෙන නිසා බිය වන්නට හේතුවක් නැත.

‘ප‍්‍රාග්ධනය’ ගැන ඉගෙන ගන්නට අවශ්‍ය අයට ඒ සඳහා බාධාවක් නැත. මේ වන විට ‘ප‍්‍රාග්ධනය’ ගැන වඩාත්ම තීක්ෂණ සහ න්‍යායාත්මක පොත වූ මාක්ස්ගේ ‘ප‍්‍රාග්ධනය’ සිංහලෙන් ද ප‍්‍රකාශ වී ඇත. නමුත් එම පොත කිසිවකු කියවන්නේ නැත. එය කියවන්න එපා යැයි කිසිවකු අපට කියා ද නැත. මෙම පොත කියවීමට අප තුළම විරෝධයක් ඇත. එය අවිඥාණය යි. අපි එම පොත නොකියවන්නේ අප පිළිබඳ කටුක සත්‍යයක් එම පොතේ අඩංගු යැයි අප විශ්වාස කරන නිසාය. පොතක් කියවන්නටත් පෙර ඒ ගැන මෙහෙම විශ්වාසයක් අපට ඇති වී තිබෙන්නේ කොහොමද?

අනෙක් අතට බොහෝ දෙනාට අනුව ‘ප‍්‍රාග්ධනය’ නම් පොත පරණය. එය අවුරුදු සිය ගණනක් පැරණිය (බුද්ධ ධර්මය අවුරුදු දහස් ගණනක් පැරණි බව අපට අමතකය). කියවා නැති සහ කිසිදා කියවන්නට අදහස් නොකරන පොතක් පැරණි යැයි අපට සිතෙන්නේ මන්ද? බොහෝ දෙනෙක් තමන් විසින් නොකියවන පොත් වල අඩංගු කරුණු ගැන කතා කිරීම මේ කාලයේ විලාසිතාවකි. උදාහරණයක් ලෙස මේ දිනවල තෝමස් පිකටි නම් ප‍්‍රංශ ආර්ථික විශ්ලේෂකයෙකු විසින් ලියා ඇති ‘‘විසි එක් වැනි සියවසේ ප‍්‍රාග්ධනය’’ නම් පොත ගැන බටහිර මිනිසුන් බොහෝ දෙනෙකු කතා කරති. එම පොත ද විශාල වශයෙන් මිළට ගෙන ඇත. නමුත් බොහෝ දෙනා එම පොත තවම කියවා නැත.

පොත්වල නැති දේවල් එම පොත් වල ඇතැයි සිතා කතා කිරීම දාර්ශනික විලාසිතාවකි. පොත් නොකියවීම පශ්චාත්-නූතන යුගයේ මිනිසුන්ගේ පුරුද්දකි. පොත් නොකියවීමේ ආශාව ආදේශ වී ඇත්තේ අන්තර්ජාලය නැරඹීමට ය. ‘‘වචනය’’(word) වෙනුවට ‘‘ප‍්‍රතිරූපය’’ (image) ඊට ආදේශ වී ඇත.

ඇත්තටම ‘ප‍්‍රාග්ධනය’ යනු කුමක්ද? මෙම`ගින් අදහස් වන්නේ මිනිසුන්ට මුදල් සෙවීමට ඇති නොතිත් ආශාවද? ලංකාවේ මේ යුගයේ මිනිසුන් ප‍්‍රාග්ධනය ගැන දැන නොගත්තත් මුදල් (Money) ගැන හොඳින් දනිති. මුදල් සහ ප‍්‍රාග්ධනය යනු එකක් නොව දෙකකි. AIDS වෛරසය අපගේ දෘෂ්‍ය ඇසට නොපෙනේ. එපරිදිම ‘ප‍්‍රාග්ධනය’ යනු ද ඇසට හෝ මිනිසාගේ වෙනත් ඉන්ද්‍රියකට සංවේදනය වන ප‍්‍රපංචයක් නොවේ. එනම් ‘ප‍්‍රාග්ධනය’ නිවන මෙන්ම ඉන්ද්‍රීය දැනුමක් (එනම් අනුභූතික) නොවේ. එය ඊට වඩා (එනම් ඉන්ද්‍රිය දැනුම ඉක්මවා ගවේෂණය කළ යුතු) තීක්ෂණ ලෙස අවබෝධ කර ගත යුතු ක‍්‍රියාවලියකි. ‘ප‍්‍රාග්ධනය’ යනු කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට අවශ්‍ය කෙනෙක් ‘සංජානනයේ’ (Sensible) සිට ‘අධ්‍යාත්මික’ (Spiritual) ආකෘතිය දක්වා ගවේෂණය දිගු කළ යුතුය. ඉතාම සරල ලෙස කිවහොත් ‘ප‍්‍රාග්ධනය’ කුමක්ද කියා අවබෝධ කර ගැනීමට අවශ්‍ය කෙනෙක් ඉන්ද්‍රිය-ගෝචර දැනුම විචාරය කර තර්ක-ඥාණය කරා නාභිගත විය යුතු වේ. ඒ අර්ථයෙන් ගත් විට ‘ප‍්‍රාග්ධනය’ අනුභූති-උත්තරය. සරල ලෙස කිවහොත් ආගමේ සාකච්ඡා වන්නේ මුළු මහත් සමාජයම පාලනය වන පුද්ගලික මායාවන් ගැනය. මාක්ස්ගේ ‘ප‍්‍රාග්ධනය’ පොතේ සාකච්ඡා වන්නේ මුළු මහත් සමාජයම පාලනය වන උත්තර-මායාවක් ගැනය. ‘ප‍්‍රාග්ධනය’ අවබෝධ කර ගැනීමට අවශ්‍ය දෙවන සාධකය වන්නේ දයලෙක්තික චින්තනයයි. ‘දයලෙක්තික’ යන වචනයේ අර්ථය මෙලෙස නිර්වචනය කළ හැක. (1) සංකල්පය සීමිතය (2) එනිසා සංකල්පයෙන් පිට ඇති එහි නොවන දේ අවබෝධ කර ගැනීමට සංකල්පය ස්වයංව වර්ධනය විය යුතු වේ. නැතහොත් එය එහි ප‍්‍රතිවිරුද්ධ දේ බවට පරිවර්තනය විය යුතු වේ. සමපේක්ෂණය (Speculation) යනු සංකල්පයක් ඇති ඉහත දෙබිඩිභාවය කාල්පනිකව ජය ගැනීමයි. (භක්තියේ පියවර)

‘ප‍්‍රාග්ධනය’ කුමක්ද කියා වටහා ගැනීමට අවශ්‍ය නම් සංකල්පය යනු සීමිත එකක් බව වටහා ගත යුතුය. ‘ප‍්‍රාග්ධනය’ සමාජ ක‍්‍රියාවලියකි. මේ නිසා චලනය වන සංකල්පයකින් මිස එය ස්ථිතික අදහසකින් වටහා ගත නොහැක. ‘ප‍්‍රාග්ධනය’ මුළු මහත් සමාජයකටම අවශ්‍ය ‘ආශාවන්’ සඳහා නිෂ්පාදනය කරන්නේ කොහොමද යන ගැටළුවට දී ඇති පිළිතුරකි. භාණ්ඩයක් යනු මිනිස් ආශාවක් ඉලක්ක කර ගත් නිෂ්පාදනයකි. සමාජය යොදාගෙන යම් මිනිසෙකුට ‘මුදල්’ සොයාගෙන A නම් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැක. ඒ සඳහා ශ‍්‍රමය අනිවාර්යයෙන් අවශ්‍ය වේ. (සෘජු ලෙස හෝ වක‍්‍රව) ඒ අනුව මෙම පුද්ගලයා ශ‍්‍රමයට යම් මිලක් ගෙවා A නම් භාණ්ඩය නිෂ්පාදනය කරයි. නමුත් ඉන් පසු ඔහුට අළුත් ගැටළුවක් හමු වෙයි. මෙම භාණ්ඩය මිලට ගන්නා කෙනෙක්ද මෙම සමාජයේ සිටිය යුතුය.
(01 රූපය බලන්න)

dd
CAP

Recent Posts

Tags: , , , ,

Leave a Comment