මේ ජීවිතවල තව නාය යන්නේ මොනවද?

Nov 7th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

ප‍්‍රබෝධ රත්නායක

හල්දුම්මුල්ල නාය යාම සුනාමියෙන් පසු ලංකාවේ සිදුවූ බලවත්ම ස්වභාවික ව්‍යසනය වන අතර රට අභ්‍යන්තරයේදී මෙපමණ ජීවිත ගණනක් හානිවූ ව්‍යසනයක් මීට පෙර සිදුව නැත.

මේ වන විට මෙම සිදුවීම සුපුරුදු පරිදිම පාර්ශ්වයන් කිහිපයක බල ව්‍යාපෘතියක් බවට පත්වෙමින් ඇත. හානියට පත්වූ බහුතරය දෙමළ ජනතාව වීම නිසා 2009දී කිරිබත් කෑ බොහෝ දෙනෙකුට සිය හෘදසාක්ෂිය මෙමගින් සුවකර ගැනීමට අවස්ථාවක් උදා වී ඇත. එම නිසා ගෙවල්වලින් කොහොමත් ඉවත දමන පරණ ඇදුම් හල්දුම්මුල්ලට යැවීම නොසලකා හැරියත් බොහෝදෙනෙකු මෙම ජනතාවට උපකාර කිරීමට ඉදිරිපත්ව ඇත. මහින්ද රාජපක්ෂ වෙනුවට වෙනත් ජාතිවාදී නායකයෙකු සොයා ගැනීම සිය මාධ්‍ය භාවිතාව කරගෙන සිටි සිරස මෙය තමන් තවත් දේ කරන බව පෙන්වීමට අවස්ථාවක් කරගත් අතර ඔවුන්ට අනුව ඇදුම් සහ කෑම ලොරි කිහිපයක් හල්දුම්මුල්ලට යැවීමෙන් ප‍්‍රශ්නය විසෙ`ද්. මේ අතර යුද හමුදාව නිළ ඇදුම් පිටින්ම පස් ඉවත් කිරීමේ කාර්යයට යොදවා ඇති අතර දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම එයින් මනාව පෙන්විය හැක.

ආපදා කළමණාකරන ඇමැති මහින්ද අමරවීරට අනුව මෙම ගැටළුවේ මුල මෙවැනි ජනාවාස සහ වතු සමාගම් ඇති කළ ‘සුද්දා’ය. තවත් අවශ්‍ය නම් මෙවැනි නායයාම්වලට හේතුව දෙමළ ඩයස්පොරාව, එන්ජී ඕ, බටහිර කුමන්ත‍්‍රණ ලෙසද හැදින්විය හැක.

මේ සම්බන්ධ විද්වත් කතිකාව යොමු වී ඇත්තේ රජයේ පිළිවෙළක් නැති සංවර්ධන උපාය මාර්ග, ජලය බැසයාමට විධිමත් ක‍්‍රම නැතිවීම, නාය යෑම්වලට විද්‍යාත්මක හේතු සහ ආපදාවන් කල්තියා හදුනාගෙන වළක්වා ගැනීමට නිසි ක‍්‍රමවේදයන් ඇති කිරීම සහ ඒවාට අදාළ නීතිරීති සම්පාදනය කිරීම වැනි කාරණා ඔස්සේ බව පෙනේ.

මේ සියළු දේ අතර නැවතත් මග හැරෙන්නේ වතු කම්කරුවන්ගේ ජිවිතයි. මනෝ ගනේෂන් මහතා නිවැරදිව පෙන්වා දෙන පරිදි මෙම සිදුවීම පාදක කොටගෙන ජාතික සහ ජාත්‍යන්තර අවධානය වතු කම්කරු ජීවිත දෙසට යොමු කිරීම කළ යුතුව ඇති අතර වතුු කම්කරුවන්ගේ ජීවත්වීමේ අයිතියේ සිට සොඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, ඉඩම්, රැකියා සදහා ඔවුන්ට ඇති අයිතිය පිළිබද සාකච්ඡාව ප‍්‍රධාන ධාරාවට ගෙනඒම කළ යුතුය. එසේ නොවුනහොත් මෙම සිදුවීමද රජය සහ වතු සමාගම අතර කඹ ඇදීමකින් පසු නිමවීමට නියමිතය.

ලංකාවේ දෙවන පෙළ වැසියන් කොටසක් ලෙසින් ජීවත්වන මෙම වතු ආශ‍්‍රිතව ජීවත්වන ජන ජීවිතවල තවදුරටත් නාය යෑමට දෙයක් තිබේද යන ගැටළුව මතුවන්නේ ඔවුන්ගේ සැබෑ ජීවන තත්ත්වය පරීක්ෂා කර බැලූ විටය. රටට වන සැබෑ ආපදාව වන්නේ මොවුන්ට තවදුරටත් මෙසේ ජිවත්වීමට බල කර සිටියහොත් ඇතිවිය හැකි තත්ත්වයයි.

Recent Posts

Tags: , , , , , , , , , , , , , , ,

Leave a Comment