මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද? – 2

Nov 21st, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද? පළමු කොටස මෙතනින් බලන්න

අතුරුදහන් කිරීම්
අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමක් පත් කොට තිබුණත් එහි වරම සීමිතය. එසේම අතුරුදහන් කිරීම් සම්බන්ධ සිදුවීම් අරභයා පරීක්ෂණ සිදුවන්නේ ඉතා මන්දගාමීවය. එසේම මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන්, පැවිදි පිරිස් හා ක‍්‍රියාදරයින් අතුරුදහන් කිරීම පිළිබද වාර්තා තවමත් ලැබෙමින් තිබේ. මෙවැනි සිදුවීම් විමර්ශනය කොට ඒවාට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවටත්, අතුරුදහන් වූවන් පිළිබද ජනාධිපති කොමිෂමට අදාළ භෞතික, තාක්ෂණික හා මානව සම්පත් සපයමින් අතුරුදහන්වූවන්ගේ පවුල්වලට ඔවුන්ගේ සමීපතමයන් ගැන තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය තහවුරු කිරීමටත් රජය ක‍්‍රියා කළ යුතුය.

හිටපු සටන්කරුවන් සහ අවතැන් ජනතාව
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සටන්කාමීන් පුනරුත්ථාපනය කිරීම සදහා පියවර ගෙන තිබේ. එසේ වී නමුදු ඔවුන්ට එරෙහි වධහිංසක ක‍්‍රියා, රදවා තබා ගැනීම්, ලිංගික හිංසන ක‍්‍රියා, අතුරුදහන් කිරීම් ආදිය පිළිබද තොරතුරු පවතී. මෙම තත්ත්වයන් වැළැක්වීම ස`දහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග රජය විසින් ගත යුතුව ඇත. යුද්ධය නිසා අවතැන්වූවන් නැවත පදිංචි කිරීම ස`දහා රජය යම් යම් ක‍්‍රියාමාර්ග ගෙන ඇත. එහෙත් හමුදා අරමුණු ස`දහා ඉඩම් පවරා ගෙන තිබීම නිසා මුල් ගම්බිම්වලට යාමට නොහැකිව සිටින විශාල ජනතාවක් සිටී. එය ඔවුන්ගේ මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නකි.

වධ හිංසාව
අත්අඩංගුවට ගනු ලැබෙන හෝ රදවා ගනු ලැබෙන වැඩිහිටියන් පමණක් නොව ළමුන්ටද එරෙහිව වධ හිංසා පැමිණවීම්, ලිංගික හිංසන සිදුකිරීම් පිළිබද වාර්තා පවතී. එසේම මෙවැනි ක‍්‍රියාවන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දඩුවම් පැමිණවීම සිදුව තිබෙන්නේ සීමිත වශයෙනි.

රදවා තබා ගැනීම
නඩු විභාගයකින් තොරව රදවා තබාගෙන සිටින රැදවියන් සංඛ්‍යාව සැළකිය යුතු අගයක් ගනී. අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ නීතිඥ සහය ලබාගැනීමට සහ සිය පවුලේ අයට ඒ ගැන දැනුම් දීමට රැදවියන්ට තිබෙන අවකාශයන් සීමාසහිතය. එසේම නිල නොවන රැදවුම් ස්ථානවල රැදවියන් රදවාගෙන සිටීම සම්බන්ධයෙන්ද තොරතුරු ඉදිරිපත් වී තිබේ.

රැදවුම් ස්ථානවල තත්ත්වය
පුද්ගලයින් රදවනු ලබන බන්ධනාගාරවල තත්ත්වය පිළිබද බරපතළ ප‍්‍රශ්න ඇත. නඩු පැවැරීමට පෙර රදවා තබාගෙන සිටිනා කාල සීමා අධික ලෙස දීර්ඝ වූ අවස්ථා පවතී. සිර මැදිරිවල අධික ජනඝනත්වයක් පැවැතීම, සිර මැදිරිවල පහසුකම් ඌනතාවය, මූලික සනීපාරක්ෂක සේවාවන්ගේ හිගය, රැදවුම් ස්ථාන අධීක්ෂණය කිරීම සදහා ස්වාධීන හා ක‍්‍රමවත් යාන්ත‍්‍රණයක් නොපැවතීම මානව හිමිකම් කමිටුව ප‍්‍රශ්න සහගත අවස්ථාවන් ලෙස හදුනා ගනී.

භාෂණයේ නිදහස
මාධ්‍යවේදීන්, නීතිඥයින්, රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාදරයින්ට එරෙහිව, ඔවුන් අධෛර්යය ගැන්වීම සදහා සිදු කෙරෙන හිරිහැර කිරීම්, ශාරීරික පහරදීම්, මරණ තර්ජන, රදවා තැබිම්, දේශපාලන අරමුණු මත නඩු පැවරීම් සහ ද්වේශ සහගත ප‍්‍රචාර සිදු කිරීම් පිළිබද සිදුවීම් කෙරෙහි මානව හිමිකම් කමිටුවේ අවධානය යොමු වේ. විරුද්ධවාදී අදහස් සහිත වෙබ් අඩවි වාරණය කිරීම, මානව හිමිකම් ආරක්ෂකයින්ට අපහාස කිරීමද සිදු වේ. තවද මේ සිද්ධි සම්බන්ධයෙන් වගකිව යුතු අය නීතිය ඉදිරියට ගෙන ඒමට රජය අසමත්ව ඇත.

රැස්වීමේ සහ සමාගමයේ නිදහස
උතුරු පළාතේ දෙමළ ජනතාවට සාමකාමීව රැස්වීමට තිබෙන අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතළ සීමාවන් ඇත. යුද ගැටුම සිදුවූ කාලයේ මිය ගිය සිය ඥාතීන් සිහිපත් කිරීම ස`දහා එම ජනයා විසින් සංවිධානය කළ අනුස්මරණ උත්සව රජය මැදිහත්වී තහනම් කරන ලදී.

සුළුතර ප‍්‍රජාවන්ට අයත් ජනයාගේ අයිතීන්
මුස්ලිම්, දෙමළ හා ක‍්‍රිස්තියානි වැනි සුළුතර ආගමික කණ්ඩායම්වලට ස්වකීය සංස්කෘතික, භාෂාමය හා ආගමික අයිතීන් භුක්ති විදීමේදී මුහුණ දීමට සිදුව තිබෙන ගැටළු කෙරෙහි මානව හිමිකම් කමිටුව සිය අවධානය යොමු කොට ඇත. ආගමික පදනම මත පාසල්වලට ඇතුළු කරගැනීම ප‍්‍රතික්ෂේප කිරීම්, සුළුතර ආගමික ප‍්‍රජාවන්ගේ සිද්ධස්ථානවලට පහරදීම් ආදීය වාර්තා වී තිබේ. මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අදාළ පියවර ගන්නා ලෙසත්, වාර්තා වී ඇති එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසත් රජයට මානව හිමිකම් කමිටුව නිර්දේශ කරයි.

උක්ත කරුණුවලට අමතරව කාන්තාවන්ට වෙනස් කොට සැළකීම්, ගබ්සා අයිතිය, මිනිස් ජාවාරම ඇතුළු අංශ කිහිපයක් ගැනද වාර්තාවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුලත් වේ. මෙම වාර්තාව මගින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුතිය සහ එහි ප්‍රොටෝකෝලයත්, රජය මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කළ කාලාන්තර වාර්තාව සහ ඒ පිළිබද තමා ඉදිරිපත් කළ නිරීක්ෂණ හා නිර්දේශත් මහජනයාට දැනගැනීමට හැකිවන පරිදි ප‍්‍රසිද්ධ කළ යුතු බව මානව හිමිකම් කමිටුව ඉල්ලා ඇත. එසේම ඊළග වතාවේ කාලාන්තර වාර්තාව ඉදිරිපත් කරද්දී රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සිවිල් සමාජයේ අදහස්ද ඒ සදහා එකතු කරගත යුතු බව මානව හිමිකම් කමිටුව ලංකා රජයට ස්වකීය වාර්තාව මගින් දැනුම්දී ඇත.

මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද? පළමු කොටස මෙතනින් බලන්න

ehr

Recent Posts

Tags: , , , , , , , , , , , , ,

Leave a Comment