මෛත්‍රිගේ ජැකට් එකේ රහස

Feb 5th, 2015 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS

මෛත්‍රිපාල සිරිසේන මෝඩි වගේ ඇඳුමක් ඇඳගෙන ඇවිත් මෝඩිට පණිවිඩ යැව්වා යැයි සිතන මෝඩ “බයියන්ගේ” (මහින්ද රාජපක්ෂට අනුව ) දැනගැනීම පිණිස ලියමි.

මෛත්‍රිපාල අඳින්නේ කෙව්ලර් පොලිමර් වර්ගයේ වෙඩි නොවදින ජැකට්ටුවක් වන අතර එය වැසෙන පරිදි ඔහු ‘වේස්ට් කෝට්’ එකක් අඳියි. වේස්ට් කෝට් එක යුරෝපීය ඇඳුමක් වන අතර එය ආසියාතික රටවල් දීර්ඝ කාලයක් තිස්සේ තමන්ට ගැළැපෙන අන්දමට අනුවර්තනය කරගෙන තිබේ. මෝඩි පමණක් නොව ජවහර්ලාල් නේරු, වජ්පායි, මන්මෝහන් සිං වැනි ඉන්දීය නායකයන්ද, ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක වැනි ශ්‍රී ලාංකික නායකයන්ද, වින්ස්ටන් චර්චිල් වැනි බ්‍රිතාන්‍ය නායකයන්ද, වී.අයි. ලෙනින් වැනි රුසියානු නායකයන්ද, මොහොමඩ් අලි ජින්නා වැනි පාකිස්ථානු නායකයන්ද විවිධ අවස්ථාවන්හි සිය ඇඳුම් විලාසිතා සමග ‘වේස්ට් කෝට්’ ද ඇඳ ඇති අතර එය කිසිම රටක සම්ප්‍රදායික ඇඳුමක් නොවේ.

කෙව්ලර් පොලිමර් ජැකට්ටුව නිර්මාණය කරන ලද්දේ ‘ඩියු පොයින්ට්’ නමැති සමාගම වෙනුවෙන් ස්ටෙෆනී කොව්ලෙක් විසිනි. සින්තටික් ෆයිබර් වලින් සකස් කොට ඇති මේ අඳුම නිර්මාණය කරන ලද්දේ යුද්ධයට යන සෙබළුන්ට නොව සාමාන්‍ය පුරවැසියන්ට හා ප්‍රභූන්ට වුවත් පැළඳිය හැකි ජැකට්ටුවක් ලෙසිනි. එම නිසා මේ ජැකට්ටුව වාණිජ වශයෙන් වෙළෙඳපොළේ මිලදී ගත හැක. (දැන් අහන්න එපා හමීඩියා එකෙන් හවුස් ඔෆ් ෆැෂන් එකෙන් ඕක ගන්න පුළුවන්ද කියලා)

මෛත්‍රිපාල සිරිසේන ඉකුත් ජනාධිපතිවරණ සමයේත් ඊට පසුත් මෙම ජැකට්ටුවට උඩින් වර්ණ දෙකකින් යුතු වේස්ට් කෝට් පළඳියි. ඒ සුදු සහ බේජ් වර්ණවලිනි. බේජ් වර්ණය කියන්නේ නිදහස් දිනය දවසේ මෛත්‍රී ඇඳ පැමිණි වේස්ට් කෝට් එකේ වර්ණයයි. සුදු පැහැති වේස්ට් කෝට් එකක් අඳින අවස්ථාවක එය රූපවාහිනි කැමරාවකින් කෙළින්ම හඳුනා ගැනීම අපහසුයි. එහෙත් බේජ් වර්ණයෙක් යුතු වේස්ට් කෝට් එකක් පැළඳි දවසට එය පැහැදිලිව හඳුනා ගත හැකියි.

එහෙත් සැබෑ ප්‍රශ්නය මෙය නොවේ.

සැබෑ ප්‍රශ්නය රටේ නිදහස් සමරුවට සහභාගි වෙන විට ත්‍රස්තවාදයෙන් මුදා ගත්තේ යැයි කියන රටක ජනාධිපතිවරයාට වෙඩි නොවඳින ජැකට්ටු අඳින්න සිදු වුණේ ඇයිද යන්නයි.

එයට පිළිතුරු දිය යුත්තේ යුද්ධයෙන් පසු ගෙවුණු අවුරුදු පහ තුළ මෙරට සන්නද්ධ හමුදා තම පුද්ගලික බූදලයක් ලෙස සිතා පරිහරණය කළ මහින්ද රාජපක්ෂත් ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂත් ය.

(මාධ්‍යෙව්දී රසික ජයකොඩි මහතගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදි)

gg

Recent Posts

Leave a Comment