ජනරංජන, පරණවිතාන සහ මාලින්ද 

Feb 19th, 2015 | By | Category: LEAD NEWS, පුවත්

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘සුළඟට පසුව’ කාලීන දේශපාලන සංවාදය සඳහා පෙබරවාරි 18 වන දින සහභාගි වූයේ මාධ්‍ය කේෂත්‍රයට සම්බන්ධ ප්‍රවීනයන් තිදෙනෙකි. ඒ කරුණාරත්න පරණවිතාන, කේ ඩබ්ලිව්. ජනරංජන සහ මාලින්ද සෙනෙවිරත්නයි. ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා කලක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ අතර කැනඩාවේ ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් වරයා වශයෙන් කටයුතු කළේය.

මාධ්යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා ‘ද නේෂන්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වරයාය. ඔහු ග්‍රේෂන් සම්මනය දිනූ සාහිත්‍ය කරුවෙක්ද වේ.

නීතිඥ කේ. ඩබ්ලිව් ජනරංජන මහතා ‘රාවය’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වන අතර ‘පුරවැසි බලය’ සංවිධානයේ කැඳවුම්කරුවෙක්ද වේ.

‘සුළඟට පසුව’ මෙහෙයවන ලද්දේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසිනි.

එම වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ මෙතැනින් නැරඹිය හැකිය.

ssst

Recent Posts

Leave a Comment