යුද අපරාධ ගැන සොයන්න දේශීය කොමිසමකින් පුළුවන්: වීරමන්ත්‍රී, සරවනමුත්තු, නිමල්කා, ධර්මසිරි, නිර්මාල් වැනි අය ඒ සඳහා සුදුසුයි නව – සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

Mar 20th, 2015 | By | Category: LEAD NEWS, දේශපාලන, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන් විසින් පසුගිය යුද සමයේ උතුරේ වර්ග ඝාතනයක් සිදු වූ බවත් එයට එරෙහිව යෝජනාවලියක් ගෙන එන ලෙසත් බල කරමින් සිටිනවා. මේ නව තත්ත්වය රටේ දැන් සිදුවන සංක‍්‍රමණික දේශපාලනික වාතාවරණයට බලපාන්නේ කොහොමද?
එහි බලපෑමක් තියෙනවා. යුද අපරාධ ගැන සොයන්න අභ්‍යන්තරික කමිටුවක් පත්කරන්න කියන ස්ථාවරයේ මාත් ඉන්නවා. එල්.එල්.ආර්.සී කොමිසම හරහා එම අපරාධ ගැන කතා වෙනවා. (මුතූර්හි සහ ත‍්‍රිකුණාමලයේ) තරුණ පිරිසක් මරා දැමීම ගැන හොයන්න උදලාගම කොමිසම පත් කරලා තියෙනවා. දැනට ඉන්න හමුදා නායකයා හමුදාව තුළ කොමිසමක් පත් කරලා තියෙනවා. දේශීය වශයෙන් අපිට පිළිගන්න පුළුවන් ස්වාධීන නායකයෝ ලංකාවේ ඉන්නවා. අපේ රටේ වීරමන්ත්‍රී විනිසුරුතුමා ලෝක ප‍්‍රසිද්ධයි. අපේ රටේ නිමල්කා ප‍්‍රනාන්දු, පාක්‍යසෝති සරවනමුත්තු වගේ අය ඉන්නවා. ධර්මසිරි බණ්ඩාරනායක, ප‍්‍රසන්න විතානගේ වගේ කලාකරුවො, නිර්මාල් රංජිත් දේවසිරි වගේ පිළිගත හැකි ස්වාධීනත්වයෙන් වැඩ කරන අය ඉන්නවා. අපිට ඒ අයගෙන් සමන්විත දේශීය කොමිසමක් හදලා ඒ තුළින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණයත් අපට ගන්න පුළුවන්.

යුද අපරාධ සම්බන්ධ චෝදනාවලියක යා හැකි ඉහළම චෝදනාවක් තමයි වර්ග ඝාතනයක් කියන්නේ.
එයාගෙ (විග්නේශ්වරන්ගේ) මතයක්නෙ ඒක. ඒ වෙලාවේ විශාල වශයෙන් මිනිස් ඝාතන සිදු වුණා. වර්ඝ ඝාතනයක් කිව්වම අඩු තරමේ මිනිස් ඝාතන සිදු වුණා කියල හරි කියයිනේ.

මෙම අන්තර්වාර ආණ්ඩුවෙන් ජාතික ප‍්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙයි කියලා ඔබ විශ්වාස කරනවාද? එහි දැනට තිබෙන සාධනීය ප‍්‍රතිඵල මොනවාද?
දැනට එල්.එල්.ආර්.සී. වාර්තාවේ කරුණු ක‍්‍රියාත්මක කරලා තියෙනවා. ජාතික විධායක සභාවේ පහළොස් දෙනාගෙන් පස් දෙනෙක්ම දෙමළ අය. දෙමළ නායකයෝ ඔක්කොම ඉන්නවා. ඔවුන් කරුණු ඉදිරිපත් කරනවා. සම්බන්ධන් වගේ අය දැඩි ලෙස කරුණු ඉදිරිපත් කරනවා. එල්.එල්.ආර්.සී වාර්තාවේ කරුණු ක්‍රියාත්මක වීමට හැකියාව දැන් ලැබිලා තියෙනවා. දැන් පළාත් සභාව ක්‍රියාත්මක වෙනවා. නමුත් ඇත්තටම දැන් ප‍්‍රශ්නයක් ඇවිත් තියෙනවා. සම්බන්ධන් සහ සුමන්දිරන්ලා වගේ අය මහ ඇමැතිගෙන් අහනවා පළාත් සභාවලින් දීපු බලතල හරහා මුකුත් කරන්නෙ නැත්තෙ ඇයි කියලා. ඔවුන් මහ ඇමතිට දොස් කියනවා කතා කර කර ඉන්න අතරේ නීති සම්පාදනය කරන්න කියලා. නීති සම්පාදනය කරනකොට තමයි පේන්නේ ඒ නීත ක්‍රියාත්මක කරන්න මධ්‍යම රජයෙන් ඉඩ දෙනවද නැද්ද කියලා. නීති සම්පාදන අයිතිය පළාත් සභාවට තියෙනවා. ඉතින් පළාත් සභාව නීති ගේන්න ඕනනේ.

දෙමළ ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් දීර්ඝ කලක් සටන් කරපු නායකයෙක් ලෙස මේ වෙනකොට මෙම ආණ්ඩුව අරන් තියෙන පියවර සම්බන්ධව ඔබ අවංකවම තෘප්තිමත්ද?
අපි ජාතික ප‍්‍රශ්නය වෙනුවෙන් විශාල කැපවීම් කරපු අය. අපිට වෙන්න පුළුවන් දේවල් ඔක්කොම වෙලා තියෙන්නේ. වෙඩි වැදිලා තියෙනවා, මැරිලා තියෙනවා. මේ ආපු ගමන තුළ අපිට මේ තියෙන තත්ත්වයත් බොහොම සන්තෝස වෙන්න පුලූවන් තත්ත්වයක්. මෙය නැවත හරවන්න දෙන්නේ නැහැ කියන බලයක් සහ ස්ථාවරයක් අපිට තියෙනවා. මේ ගත්තු පියවර තහවුරු කරගැනීමේ උවමනාව තමයි අපිට දැන් තියෙන්නේ.

සාකච්ඡා කළේ මනෝරි කලූගම්පිටිය
(සම්පූර්ණ සාකච්ඡාව ‘සමබිම’ පුවත්පතේ මාර්තු කලාපයේ පළවේ. )

dd

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , ,

Leave a Comment