චම්පික රණවක දේශීය කුමන්ත‍්‍රණයක බළල් අතක් – පුරවැසි බලය

May 1st, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

පුරවැසි බලය නියෝජනය කරමින් පසුගියදා රැුස්වූ ගාමිණී වියන්ගොඩ, ධර්මසිරි බණ්ඩාරනායක, කෞෂල්්‍යා ප‍්‍රනාන්දු, ඩබ්ලිව්.ජයසිරි, ජයතිලක කම්මැල්ලවීර, දීපානි සිල්වා, සමන් රත්නප‍්‍රිය,ජෝශප් ස්ටාලින් ඇතුළු කලා, වෘත්තීය සමිති, සිවිල් සමාජය නියෝජනය කරන විශාල පිරිසක් ප‍්‍රකාශ කර සිටියේ රටේ ජාතිවාදයට නැවත හිස එසවීමට ඉඩ නොදීමට තමන් දිගින් දිගටම ක‍්‍රියාත්මක වන බවයි. මෙවර ‘සමබිමේ’ එහිදී පළවූ අදහස් කිහිපයක් සංගෘහිත කර දක්වයි.

පසුගිය මැතිවරණයේදී සටන් පාඨ ගණනාවක් ඉදිරිපත් වූ බව අපි දන්නවා. ඒ අතරින් ප‍්‍රමුඛස්ථානයක් ගත් ප‍්‍රධාන ඉල්ලීම තමයි ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම. මේ ජනාධිපති ක‍්‍රමය තමයි අනිත් සියළුම අවගුණ රටේ දේශපාලන සංස්කෘතිය තුළ ඇතිවීමට බලපෑවේ. ඒ නිසා පොදුවේ මේ මුළු රටම අපේක්ෂා කළ දෙය වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම. ඒ ස`දහා තමයි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වය යටතේ අළුතින් පත් කරගත් යහපාලන ආණ්ඩුව විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට ගෙනැවිත් තිබෙන්නේ.

හැබැයි මේ 19 වන සංශෝධනය පරාජය කරන්න කටයුතු කරනවා කියලා මේ වෙනකොට ජාතික හෙළ උරුමයේ චම්පික රණවක ඇතුළු පිරිසක් ප‍්‍රසිද්ධියේ පාරට බැහැලා තියෙනවා. මොකක්ද මේ කතාවේ තේරුම? 19 වන සංශෝධනය පරාජය කරන්න කටයුතු කරනවා කියලා චම්පික රණවක කියද්දී ඒක පිටිපස්සේ තියෙන දේශපාලන අරමුණ මොකක්ද? රටේ පවතින තත්වයේ හැටියට, ඔවුන් කියන විදිහට බෙදුම්වාදී තර්ජනයක් ඉදිරියේ තිබෙන රටක් විදිහට ජනාධිපති ක‍්‍රමය තරම් සුදුසු ක‍්‍රමයක් ලංකාවට තවත් නැහැ. ඒක තමයි ඔවුන්ගේ තර්කය. යුද්ධය පරාජය කරන්න පුළුවන්කම ලැබුණේ මේ ජනාධිපති ක‍්‍රමය තිබුණ නිසා කියලා ඔවුන් කියනවා. මේවා නොම්මර එකේ මිථ්‍යාවන්. බෙදුම්වාදයක් පරාජය කරන්නට ජනාධිපති ක‍්‍රමයක්ම අවශ්‍ය නැහැ. ජනාධිපති ක‍්‍රමය යටතේ 2007 වෙනකම් මේ රට පාලනය කළා අවුරුදු තිහක්. ජනාධිපති ක‍්‍රමයකින් නම් බෙදුම්වාදය පරාජය කළේ, ඇයි දශක තුනක කාලයක් ඒකට ගත කළේ? ඒකෙන් පේනවා මේක පරාජය වුණේ ජනාධිපති ක‍්‍රමය හන්දා නෙමෙයි, දේශපාලන හා සමාජයීය කාරණා මුල් කරගෙනයි මේ පරාජය ඇති වුණේ කියලා. එල්.ටී.ටී.ඊ. වගේ සංවිධානයක් හමුදාමය වශයෙන් පරාජය කරන්න පුළුවන්කම ලැබුණ කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. ඒ ගැන දීර්ඝව විස්තර කරන්න මෙතැනදි මං බලාපොරොත්තු වෙන්නෙ නෑ. කොහොම වුණත් ඒ කරුණු අතරට කොහෙත්ම මේ ජනාධිපති ක‍්‍රමය කියන එක එන්නෙ නැහැ. අපි කියන්නේ ඒකයි. ඒකට හේතු හොයන්න ඕනෙ වෙනත් තැන්වල. හමුදා සැලසුම් තුළ ‘ජාතික වශයෙන් ඇති වූ යම් යම් පෙලගැසීම් තුළ’ සුළු ජාතික අපේක්ෂා නියෝජනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ තිබූ විවිධ දුර්වලතා තුළ ආදී වශයෙන්. මොන විදිහකින්වත් විධායක ජනාධිපති ක‍්‍රමය ඒකට ඉවහල් වුනා කියලා අපි විශ්වාස කරන්නෙ නැහැ.

අනිත් බොරුව තමයි රටක් ස්ථාවර වෙන්න විධායක ජනාධිපති ක‍්‍රමය අවශ්‍ය යැයි කියන එක. රටක් ස්ථාවර වෙනවා කියල අදහස් වෙන්නේ රටක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ස්ථාවර විය යුතුයි කියන එක මිස අධිකාරිවාදී බලයක් එහෙම නැතිනම් ඒකාධිපති ක‍්‍රමයක් යටතේ ස්ථාවර විය යුතුයි කියන එක නෙමෙයි. ඒකාධිපති රටවල් ස්ථාවරයි තමයි. හැබැයි ඒ ස්ථාවරත්වය ඇති කරගන්න දස දහස් ගණන් ඝාතනය කළා. තව දස දහස් ගණන් සිරගෙවල්වල දානවා. අපිට ඕනෙ එහෙම ස්ථාවරකමක් නෙමේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උඩ වැඩ කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතීන්ට අනුව ඇති කරගත් ස්ථාවරත්වයක්. මෑතකදී එක්තරා සමීක්ෂණයක් කරලා තිබුණා ඒ සමීක්ෂණයෙන් පරීක්ෂා කළේ 1950 ඉදලා මේ වෙනකම් ලෝකයේ අඛණ්ඩව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් රැකගැනීමට සමත් වු රටවල් කීයක් තියෙනවාද කියන එක. ඔවුන් සොයා ගත්තා එහෙම රටවල් 23ක් තිබෙන බව. ලෝකයේ රටවල් දෙසිය ගණනක් තියෙනවා ඒ අතරින් 23යි තියෙන්නේ 1950 ඉදලා අඛණ්ඩව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ආරක්ෂා කරගත්ත. මේ රටවල් විසි තුනෙන් රටවල් දෙකක් විතරයි තියෙන්නෙ ජනාධිපති ක‍්‍රමයක් තියෙන රටවල්. අනිත් රටවල් විසි එකේම තියෙන්නේ පාර්ලිමේන්තුවාදී ක‍්‍රමයක්. මේකෙන් පේන්නෙ මොකක්ද? රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරනවා නම් ඒකට වඩා යෝග්‍ය ජනාධිපති ක‍්‍රමයට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තු ක‍්‍රමයක් කියන එක.

චම්පික රණවකලා මේ කතාව කියන එකේ දේශපාලනිකව වෙනම පැත්තක් තිබෙනවා. ඒ වගේම පුද්ගලිකව තව කතන්දරයක් තිබෙනවා. යම්කිසි ජ්‍යෝතිෂඥයෙක් මහින්ද රාජපක්ෂට කීවාම සුබ නැකතක් තියෙන්නේ අහවල් දවසේ කියලා ඔහු ඒක ගිල්ලා. ගිලලා අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණයක් තිබ්බා. ඒකෙ ප‍්‍රතිඵල ඔහු භුක්ති වින්දා. දැන් ඔහු කියනවා ඒ ජ්‍යෝතිෂ්‍යය ඔහු පිළිගන්නෙ නැහැ කියලා. ජ්‍යෝතිෂ්‍යය කරේ තියාගෙන රට පාලනය කරපු මහින්ද රාජපක්ෂ කියද්දී ජ්‍යෝතිෂ්‍ය පිළිගන්නේ නැහැ කියලා, ජ්‍යෝතිෂඥයෙක් කියපු අනාවැකියක් හන්දා චම්පික රණවක හිතාගෙන ඉන්නවා 2020දී තමන් ජනාධිපති වෙනවා ඒ හන්දා ජනාධිපතිධූරය තියාගන්න ඕනෙ කියලා. මේ චම්පික රණවක තමයි මේ රටේ හැත්තෑ අටේ ව්‍යවස්ථාව ඇති කරගත්ත දවසේ ඉදලා අද වෙනකම් ඒ ව්‍යවස්ථාවේ තිබුණ නපුරු ලක්ෂණ අවසන් කිරීම සදහා යම් හෝ ප‍්‍රයත්නයක් ගත්ත නම් ඒකට විරුද්ධ වෙච්ච එකම පුද්ගලයා. 2001දී 17 වන ව්‍යවස්ථා සංශෝධනය කියලා එකක් ගෙනාවා. ඒකෙන් බලාපොරොත්තු වුණේ ‘78 ව්‍යවස්ථාවේ තිබුණ අර නපුරු ලක්ෂණ ඉවත් කිරීම, රාජ්‍ය සේවය නිර්දේශපාලනිකකරණය කිරීම, උසස් තනතුරුවලට දේශපාලකයින් ඇ`ගිලි ගහන එක නතර කිරීම, කොටින්ම කියනවා නම් සමාජය ශිෂ්ට සම්පන්න කිරීම’ මේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සියළුම මන්ත‍්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වුණා. ඒකට විරුද්ධව හිටපු එකම කෙනා මේ චම්පික රණවක. ඔහු තමයි අපට බණ කියන්නේ ලංකාවට වඩාත් සුදුසු වෙන්නේ ජනාධිපති ක‍්‍රමයයි කියලා.

අපිට තේරුම් ගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ අරගෙන යන ව්‍යාපාරය. ඒක පැහැදිලිව පේන්න තියෙනවා. ඒත් අපිට නොපෙනෙන දේ තමයි මහින්ද රාජපක්ෂව පරාජය කිරීම සදහා ඉදිරිපත් වූ මිනිස්සුම අද මේ කතාව තමන්ගේ වේදිකාවල කියන එක. ඒකයි අපිට තේරුම් ගන්න බැරි දේ. ඒක නිසා මේක පිටිපස්සේ විශාල කුමන්ත‍්‍රණයක් තියෙනවා. හැබැයි අපි කියන්නේ නැහැ මේක බටහිර කුමන්ත‍්‍රණයක් කියලා ඔවුන් කියන විදිහට. මේ කුමන්ත‍්‍රණය තිබුණේ බටහිර නෙමෙයි. මේක තිබ්බේ අපේ රටේමයි. අපේ ඇතුලෙමයි. අපේ රටේම කුමන්ත‍්‍රණකරුවෝ කුමන්ත‍්‍රණය කරලා ඒක බටහිරට ආරෝපණය කරපු එකයි කරලා තියෙන්නෙ. ඒ හන්දා අපි කියන්නේ නැහැ චම්පික රණවක බටහිර කුමන්ත‍්‍රණයක බළල් අතක් කියලා. ඔහු දේශීය කුමන්ත‍්‍රණයක බළල් අතක් කියලයි අපි කියන්නේ.

මේවාට විරුද්ධව සිවිල් ව්‍යාපාර විදිහට අපි නැගී සිටිය යුතුයි. පුරවැසි බලය විදිහට අපි බලාපොරොත්තු වුණේ ඒකාධිපති ක‍්‍රමයකට පහසුවෙන් නැමෙන්න පුළුවන් මේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරලා පාර්ලිමේන්තු ක‍්‍රමයකට යන්න. ඒකෙදි අපිට ප‍්‍රශ්නයක් නෑ, ජනාධිපති ගාව තිබෙන බලතල ඊළගට මාරු කරන අගමැතිවරයා රනිල් වික‍්‍රමසිංහද, වෙන කෙනෙක්ද කියලා. අපිට ඒක අදාළ නැහැ. චම්පික රණවක දැන් හැමතැනම කිය කියා යනවා මේක රනිල් වික‍්‍රමසිංහව බලගන්වලා මෛත‍්‍රීපාල සිරිසේනව පඹයෙක් කරන්න දරන වෑයමක් කියලා. රනිල් වික‍්‍රමසිංහ අවුරුදු සීයක් බලයේ ඉන්න හදනවා කියලද මෙයාලා හිතාගෙන ඉන්නෙ? එතකොට රනිල් වික‍්‍රමසිංහට පස්සෙ එන අය? මේ විරෝධය පුද්ගලික විරෝධයක්. රනිල් වික‍්‍රමසිංහට බලය යයි කියලා මේකට විරුද්ධ වෙනවා. කොච්චර ළාමක බොළද තර්කයක්ද මේක? පුද්ගලයො අනුව නම් අපේ දේශපාලන ස්ථාවර අපි හදාගන්නේ එතැනදී වළ කැපෙන්නේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටමයි. ඒක නිසා මේ දේවල් දැන් අපි ප‍්‍රසිද්ධියේ ජනතාව එක්ක සාකච්ඡා කළ යුතුව තිබෙනවා. මෙන්න මේ සාකච්ඡාව සදහා තමයි පුරවැසි බලය ලෙස අපි තීරණය කරලා තියෙන්නේ මේ මිනිසුන්ව ප‍්‍රසිද්ධියේ හෙළිදරවු කළ යුතුයි කියලා. මේක දැන් මාසයක් පමණ තිස්සේ දිග හැරෙන ක‍්‍රියාවලියක්. 19 වන සංශෝධනය ඉදිරිපත් කරපු අවස්ථාවේ චම්පික රණවක ඇතුළු පිරිස මේක වෙනස් කළා නැවත ජනාධිපතිවරයා බලගැන්වෙන ආකාරයට. දැන් වාසනාවකට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත්, රනිල් වික‍්‍රමසිංහ මහත්මයාත් මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයත් තේරුම් ගත්තා මේ ජනාධිපති ක‍්‍රමය වෙනස් නොකර රටට මුහුණ දෙන්න බැහැ, ඒක වෙනස් කළ යුතුයි කියලා. ඒ නිසා ඔවුන් ඒක නැවතත් වෙනස් කළා. දැනට අධිකරණය ඉදිරියේ තිබෙන, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපේක්ෂා කරන ව්‍යවස්ථා සංශෝධනය අපි අර කලින් බලාපොරොත්තු වෙච්ච එක. හැබැයි මේ ගැන අපි අවධානයෙන් ඉන්න ඕනෙ. මොකද මේක ආපස්සට හරවන්න රටේ ඉන්න ප‍්‍රතිගාමී,ජාතිවාදී සහ ආගම්වාදී කොටස් වෑයම් කරන්න පුළුවන්කම තිබෙන නිසා. මේ ගැන ජනතාව දැනුවත් කරන්න පුරවැසි බලය විදිහට, සිවිල් සමාජය විදිහට මේ ව්‍යාපාරය දිගින් දිගටම අපි ඉදිරියට ගෙනියනවා.

3561

Recent Posts

Tags: , , ,

Leave a Comment