පොලිස් වධහිංසාව සම්බන්ධ ව සාකච්ඡා කෙරෙන නවතම වීඩියෝ පටයක්

Aug 21st, 2012 | By | Category: පුවත්, වීඩියෝ

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය  හා අසියානු මානව හිමිකම් කොමිසම ඒකාබද්ධ ව ශී‍්‍ර ලංකාවේ පොලිස් වධහිංසාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන නවතම වාර්තා චිත‍්‍රපටියක් පසුගියදා නිකුත් කරන ලදී. මෙම වාර්තා චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප‍්‍රවීන චිත‍්‍රපටි අධ්‍යක්ෂකවරයකු වන සිරිමල් විජේසිංහ මහතා විසිනි.

මෙම චිත‍්‍රපටිය තුළින් ශී‍්‍ර ලංකාවේ පොලිස් වධහිංසාවත්, අපරාධ පරීක්ෂණය සම්බන්ධවත්, සාකච්ඡා කෙරෙන අතර, පොලිස් වධහිංසාව හා අපරාධ පරීක්ෂණය සම්බන්ධ ව ශී‍්‍ර ලංකාවේ පොලීසිය දරන මතවාදයන් ඉතා විවෘත ව ඉදිරිපත් කර, මානව හිමිකම් කෝණයෙන් ඊට ප‍්‍රතිචාර දැක්වීමක් ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා විසින් සිදු කරනු ලැබ තිබේ.

මෙම චිත‍්‍රපටියේ පෙනී සිටින පොලිස් නිලධාරියා  කියා සිටින්නේ හා ඔහු විශ්වාස කරන්නේ වධහිංසාවක් සිදු නොකර ශී‍්‍ර ලංකාව තුළ අපරාධ පරීක්ෂණයක් සිදුකරලීම අපහසු බවයි. එමෙන් ම ඔහු පවසා සිටින්නේ වධහිංසාව ලංකාව පමණක් නොව දියුණු රටවල පවා සිදු කෙරෙන, බහුල ව පාවිච්චි කරන ක‍්‍රමයක් බව යි. මෙම වාර්තා චිත‍්‍රපටිය තුළින් ඉදිරිපත් කෙරෙන දර්ශන පෙළෙන් ශ‍්‍රී ලංකාව තුළ පොලිස් වධහිංසාවෙහි ඇත්ත තත්ත්වයත්, පොලිස් වධහිංසාව තුරන් කිරීමේ වැදගත් කමත් පිලිබඳ ව වැදගත් පණවුඩයක් සාමාජ ගතකර තිබේ.

 

Recent Posts

Tags: , , , , ,

Leave a Comment

Close