වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය

May 23rd, 2017 | By | Category: LEAD NEWS, Samabima Jokes

හොඳින් පැසී රිදී පැහැ ගැන්වුණු හිසකේ ඇති මැදි වයසේ අග භාගයේ සිටින පුද්ගලයෙකු සුරූපී නව යොවුන් තරුණියක සමඟ අතිනත වෙලාගෙන ස්වර්ණාභරණ අලෙවිහලට ඇතුළු විය.

“මට ඕන කරලා තියෙනවා අතිවිශේෂ මුද්දක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ්ට දෙන්න!” ඔහු කීවේ තරුණිය දෙසද මඳහසක් පාමිනි.

ස්වර්ණාභරණ වෙළෙඳසැලේ හිමිකරුවා තමා සතු මුදු එකතුව හොඳින් පරීක්ෂා කර බලා රුපියල් 50,000ක් වටින මුද්දක් ඉවතට ගෙන තම සේවාදායකයා වෙත පෑවේය.

“මං හිතන්නෙ මං කියපු දේ ඔහේට තේරුණේ නැහැ.” පැසුණු වියේ සිටි පෙම්වතා කීවේය. “මට ඕන කරන්නෙ අති විශේෂ මුද්දක්!”

මෙයින් උද්දාමයට පත් ස්වර්ණාභරණ සාප්පුවේ හිමිකරුවා සාප්පුව ඇතුළට ගොස් සේප්පුවේ තබා තිබුණු තමා සතු අතිවිශේෂ මුදු අඩංගු මංජුසාවක් ගෙන ආවේය.

1

“සමාවෙන්න සර්, මෙන්න තියෙනවා නියම මුද්දක්. හැබැයි, මේක රුපියල් ලක්ෂ පහක් වටිනවා.”

දැන් අපගේ කථා නායිකාව වන නව යොවුන් තරුණියගේ දෑස් කාන්තියෙන් බබලන්නට විය. වියපත් බඹරා මුද්ද මිලදී ගැනීමට කැමැත්ත පළ කළේය.

“මම චෙක් එකකින් ගෙවන්නම්. නමුත් මම දන්නව මේකෙ සල්ලි තියෙනවද, මේක හොඳ චෙක් එකක්ද කියල ඔයාට බැංකුවෙන් චෙක් කරගන්න ඕන කියල. ඒ හින්ද මම චෙක් එක ලියල ඔයාට දීල යන්නම්. අද බැංකු වහල නිසා ඔයා සඳුදට බැංකුවෙන් මේ ගැන චෙක් කරන්න. මම සඳුදට එන්නම් රිංග් එක ගෙනියන්න.” ඔහු වැඩිදුරටත් කීවේය.

සඳුදා උදේ අපගේ වියපත් බඹරාගේ දුරකථනයට ඇමැතුමක් ලබා ගත් ස්වර්ණාභරණ සාප්පුකරුවා ඔහුට අම්ම මෝ නැතුව බනින්නට විය.

“ඒයි වේ.. පුතා, තෝ යකෝ ටොන් පචයක්නේ කෙළල තියෙන්නේ. තමුසෙගෙ එකවුන්ට් එකේ සත පහක්වත් නැහැ ඕයි.”

“මම දන්නවා. තරහ ගන්න එපා. ඒ වුණාට ඔහේට තේරෙන්නෙ නෑ මම කොච්චර සුන්දර සති අන්තයක් ගත කළාද කියල.” වියපත් බඹරා කීවේය

Recent Posts

Leave a Comment