සුදර්ශන,ගුවන්විදුලියේ මුල් පුටුවට

Jun 19th, 2017 | By | Category: LEAD NEWS, සුදර්ශන ගුණවර්ධන

ිිිි

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නිතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතා පත්කර තිබේ.

වෘත්තියෙන් නිතිඥයෙකු වන ඔහු රයිට්ස් නව් නමැති ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රචලිත කිරිම සදහා වන සිවිල් සමාජ සිංවිධානය පිහිටුවිමේ පුරෝගාමියෙකු සහ ඒහි විධායක අධ්‍යක්ෂවරයා ද වේ.

ඊට පෙර ඔහු ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් අාරක්ෂා කිරිමේ ව්‍යාපාරයේ ප්‍රධානත්වය දැරිය 

නිදහසේ වේදිකාව සංවිධානයේ සම කැදවුම්කරුවෙකු හා නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා වන ව්‍යාපාරයේ ලේකම්වරයා ද වේ. 

2005 දි රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් අගමැතිවරයාගේ උපදේශකයෙකු වශයෙන් පත් වු ඔහු ,2016 දි ජාතික මානව හිමිකම් ක්‍රියාකාරි සැලැස්ම සදහා විදේශ කටයුතු අැමතිවරයාගේ උපදේශකයෙකු ලෙසින් පත් විය.

සංහිදායා යාන්ත්‍රණය වෙනුවෙන් වන කාර්ය සාධක බලකායේ බස්නාහිර පළාත් සභාපතිවරයා ලෙසින් ද ඔහු කටයුතු කරයි. 

ජර්මනියේ සුලුතර ජනකොටස්වල අාරක්ෂාව අධ්‍යයනය කිරිම සදහා 2016 සැප්තැම්බර් මාසයේදි ඒරට රජයෙන් අාරාධනා ලැබිය.2014 දි ඔහු ජර්මනියේ චාරිකා කලේ සිවිල් සාමජය ශක්තිමත් කිරිම සදහා වන ජාත්‍යන්තර නායකත්ව වැඩසටහනක් සදහයි.ජගත් සංවිධානය වෙනුවෙන් ඔහු 1999 දි නැගෙනහිර තිමෝරය සහ 2000 දි කොසෝවෝ හි ස්වේච්ඡා සේවකයෙකු ලෙසින් කටයුතු කලේය .

ගත්කතුවරයෙකු හා මාධ්‍යවේදියෙකු ද වන ඔහු සමබිම කළමණාකාර සංස්කාරකවරයා ලෙසින් කටයුතු කරයි.2015 සිට ඔහු නිදහස් දේශපාලන විවේචකයෙකු හා ජාතික රූපවාහිනි සංවාද වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙසින් ද කටයුතු කරයි.

 

උපුටා ගැනිම http://srilankamirror.com/

Recent Posts

Tags: , , ,

Leave a Comment