රොෂෙන් චානකගේ මව තොරතුරු අයිතියෙන් වැඩ පෙන්වයි

Jul 18th, 2017 | By | Category: LEAD NEWS

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර 2011 වසරේදී වෙඩි ප්‍රහාරයකින් රොෂේන් චානක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ මහානාම තිලකරත්න කොමිසමේ වාර්ථාවේ ඇතුලත් කරුණු ඊයේ (17) එළි දැක්විණි.

මෙම වාර්ථාව වසර06 කට පසු මිය ගිය රොෂේන් චානකගේ මවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පසුගිය 13 වැනිදා ලබා දී ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරනු ලැබූ ඉල්ලීමකට අනුවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සේවක අර්ථසාධක අරමුදල් කොල්ලකෑමේ උත්සාහයක් පවතින බවට පවසමින් නිදහස් වෙළඳ කලාප සේවකයින් පිරිසක් විරෝධතාවයේ නිරත වුයේ 2011 මැයි 30 වැනිදාය. එහිදී පොලිස් වෙඩි පහරින් රොෂේන් චානක ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පිරිසක් තුවාල ලැබුහ.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදීම හිටපු මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කළ අතර, එම වාර්තාවේ අඩංගු කරුණු ප්‍රසිද්ධ කර නොතිබිණි.

මෙම උද්ඝෝෂණයේදී පොලිසිය හා ආයෝජන මණ්ඩලය  කම්කරුවන් මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ග නීති විරෝධී බව කොමිසමේ නිගමනය වී ඇත.

පොලිස් වෙඩි තැබීමට ආණ්ඩුව වගකිවයුතු බවට එල්ල වූ චෝදනාව සනාථ කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් නොවූ බව සඳහන් කරන පරීක්ෂණ වාර්ථාව, “අඩුම තරමින් වෙඩි තැබීමෙන් අනතුරුව හෝ පොලිසිය ඔවුන්ගේ අශිෂ්ඨ හැසිරීම නැවතිය යුතුව තිබුණු” බවද එහි සඳහන් වේ.

එබැවින් “ ආණ්ඩුවේ, ජනාධිපතිවරයාගේ සහ පොලිස් සේවයේ ප්‍රතිරූපය රැකගැනීම පිණිස එහි සිටි සියලුම ඉහල පෙළේ පොලිස් නිලධාරීන්ට එරෙහිව තාතිරම නොබලා පියවර ගත යුතු බව” ද කොමිසම විසින් නිර්දේශ කර තිබේ.

 

මේ සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු දැක්විම සදහා නිදහස් වෙළද කලාප සහයෝගිතා ව්‍යාපාර විසින් ඊයේ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබු අතර ඒ සහහා  මියගිය රොෂේන් චානකගේ මවද සහභාගිවි සිටියහ 

20024012_1534643619933014_4246915933417686245_o
20117028_1534643736599669_2105400538111469848_o

20117161_1534643853266324_6173629583595274989_o

Recent Posts

Tags: , ,

Leave a Comment