“යුද්ධයේ බලපෑමට පත් කාන්තාවන් සංහිඳියාව සඳහා දායක කරගනිමු” – ජාතික සංවාදය

Dec 19th, 2017 | By | Category: LEAD NEWS, පුවත්, මානව හිමිකම්

යුද්ධයේ බලපෑමට පත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ සහ ඔවුන් සංහිඳියා ක්‍රියාවලියට දායක කරගැනීමේ අරමුණින් රයිට්ස් නව් සහ ෆොකුස් විමෙන් ආයතන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවල එම කාන්තාවන් සමඟින් සංවාද සභාවන් පවත්වන ලදී. එම සංවාද සභාවන්හිදී මතුවූ අදහස්වලට අනුව යුද්ධය අවසන් වී වසර අටක් ගතවී ඇතත් යුද්ධයේ බලපෑමට ලක්වූ කාන්තාවන් සම්බන්ධයෙන් වන ගැටලු තවමත් අවසන්ව නැත. එම ගැටලු හා ඒවාට නිර්දේශ යෝජනා කරමින් සකස් කරන ලද වාර්තාව එළිදැක්වීම සහ එම කාන්තාවන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳ විමසන සංවාද මණ්ඩපයත් ඇතුළත්ව යුද්ධයේ බලපෑමට පත් කාන්තාවන් සංහිදියාව සඳහා දායක කරගනිමු මැයෙන් පැවැත්වූ ජාතික සංවාදය පසුගිය දෙසැම්බර් 13 වැනිදා ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පැවැත්වීය. 

එය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිණි ආචාර්ය දීපිකා උඩුගම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් අම්බිගා සත්කුනනාදන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර සිවිල් සමාජ ක්‍රියාධරයන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල යුද්ධයෙන් බලපෑමට පත්වූ කාන්තාවන් විශාල පිරිසක් එයට සහභාගී වුහ. 

වාර්තාව කියවීමට මෙතනින් පිවිසෙන්න. (සිංහල) (English)

DSC_3715

DSC_3607 DSC_3668 DSC_3671

Recent Posts

Tags: , , , ,

Leave a Comment