ලංකා ඊ නිවුස් තහනම-පැමිණිල්ලක් නැතිවම මානව හිමිකම් කොමිෂමෙන් විමර්ශනයක්

Jan 10th, 2018 | By | Category: LEAD NEWS, දේශපාලන, පුවත්, මානව හිමිකම්, සමබිම පුවත්

Lanka e news_CI (1)

ලංකා ඊ නිව්ස් කියැවීම ඇහිරීම බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් සේ සලකා ලංකාවේ මානව හිමිකම් කොමිසම පැමිණිල්ලක් නැතුවම විමර්ශනයක් අරඹයිසභාපතිනිය කියයි

(ලංකා ඊ නිව්ස් –2018.ජන.05, පෙ.ව‍‍‍‍‍‍‍‍.6.50) ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ පාඨකයන්ට කියැවීමේ අවස්ථාව ඇහිරීම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සේ සලකා ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ජනවාරි 04 වන දින ප්‍රකාශ කළාය.

සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම එලෙස ප්‍රකාශ කළේ 2018 ජනවාරි 04 වන දින මානව හිම්කම් කොම්සමේ පැවැති මාධ්‍ය හමුවකදීය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු සෙසු කොමසාරිස්වරුද ඊට සහභාගී වී සිටියහ.

සභාපතිනියගේ ප්‍රකාශයේ වැදගත්ම කරුණ වූයේ මානව හිම්කම් කොමිසම මෙකී විමර්ශනය ආරම්භ කරන ලද්දේ කොමිසම වෙත කිසිවෙකු විසින් හෝ කළ පැමිණිල්ලක් නොමැතිව බවත්කොමිසමට ඇති බලතල අනුව මාධ්‍ය වල එම තහනම ගැන පළ වූ ප්‍රවෘත්ති වාර්තා සැලකිල්ලට ගනිමින් විමර්ශනයක් ආරම්භ කළ බවත් දීපිකා උඩුගම මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.

මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇය කියා සිටියේ වෙබ් අඩව්ය තහනම් කළ ආකාරය ගැන හා හේතුව අදාල ආයතන වලින් ලිඛිතව ඉල්ලා ඇති බවත්එම තොරතුරු ලැබුණු පසු අවසන් තීරණයක් ගන්නා බවයි.

2015 ජනවාරි 8 ලංකා ඊ නිව්ස් ද දායක වී සිදුකළ දේදුනු විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි කොමිෂන් සභා ස්වාධීන ආයතන බවට පත් කිරීමේ අනුහසින් මෙවැනි ස්වාධීන තීන්දු ගන්නා මානව කොමිෂන් සභාවක් ශ්‍රී ලංකාවට ලැබිණ. සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන් වෙත ලංකා ඊ නිව්ස් හි මිලියන සංඛ්‍යාත පාඨකයන්ගේ ගෞරව පූර්වක ස්තූතිය පිරිනැමෙන බවද සඳහන් කළ යුතුය.

උපුටා ගැනීම –  LEN – www.lankaenews.com | SL Human Rights Commission starts a investigation about LeN blocking without a complaint

Recent Posts

Leave a Comment