අහිමි කල හැකිද කිසිවෙකුට ආදරය, ඔවුන්ගේ…

Feb 14th, 2018 | By | Category: LEAD NEWS, පුවත්, මානව හිමිකම්

පෙබරවාරි 14 වන දින සංකේතාත්මක ආදරය තම ආදරවන්තයාට, ආදරවන්තියට ප්‍රකාශ කරන දිනයක් ලෙස සැලකේ.

වසර ගණනාවක සිට බලහත්කාර අතුරුදන් කරවීම නිසා තම ආදරවන්තයින් අහිමි කල, ආදරවන්තියන් විශාල සංඛ්‍යාවක් උතුර, නැගෙනහිර හා දකුණේ සිංහල, දෙමළ සහ මුස්ලිම් භේදයකින් තොරව ජීවත් වන බව අප අමතක නොකළ යුතුය. ඔවුන්ට මෙවන් දිනයකදී හෝ තම ආදරය ප‍්‍රකාශ කිරීම වසර ගණනාවක් පුරා අහිමි වුනේ ඔවුන්ගේ ආදරවන්තයින් අතුරුදන් කර ඇති නිසයි.

ආදරය සංකේතාත්මකව සමරන ආදරවන්තයින්ගේ දිනයේදී තම අහිමි කල ආදරය ගැන ගැන ප්‍රකාශ කරන්නට ආදරවන්තියන් විශාල සංඛ්‍යාවක්

කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි ලන්දේසි රෝහල අබියසට අද සවස 5ට

රැස් වන්නේ තම අතුරුදන් වූ ආදරවන්තයින්ව සිහි කරමින්, අතුරුදන්වූවන්ට යුක්තිය හා සාධාරණය ඉටු කරන ලෙස සමාජයට හා රජයට පණිවුඩයක් ද ලබා දෙමිනි.

“අතුරුදන් කල ආදරය” හෙවත් Missing Lovers Day යනුවෙන් හැදින්වෙන මෙම වැඩසටහනට ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග පැමිණ හෝ ඔබගේ සහභාගීත්වය පමණක් ලබා දෙමින් හෝ ඔවුන්ගේ අහිමි වූ ආදරයේ මතකයන් බෙදා හදා ගන්නට එක් වන මෙන් ඔබ සැමට ආරාධනා කරන්නෙමු.

ඒ සමගින් ඔබට, ඒ අහිමි වු ආදරය පිළිබදව එම ආදරවන්තියන්ගේ හැගීමකට සවන් දිය හැකිය.
ඔබගේ සහභාගීත්වයත්, සවන් දීමත් මොහොතකට හෝ ඔවුන්ගේ සුසුම සිනහවක් බවට කරනු ඇත.

Recent Posts

Leave a Comment