කේවට්ටයා ජනාධිපති හමුවෙයි – වික්‍රමබාහු

Nov 13th, 2012 | By | Category: EDITOR'S CHOICE

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහින්ද රාජපක්ෂ හමුවී කරට අත දමාගෙන පින්තූර ගෙන මාධ්‍ය වල පළ කරගනිමින් දැන් ගෙනියන වැඩ පිළිවෙල කේවට්ටයා යළි රජතුමා හමුවී ඇතැයි කියමින් වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු මහතාගේ දැඩි විවේචනයට ලක්විය.

ඔහු මෙසේ විවේචනය කෙළේ ඊයේ (11) කොළඹ දී අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීම වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍යය හමුවේදීය. එහිදී වැඩිදුර අදහස් දැක්වූ ආචාර්ය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මෑතක දී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා හමුවී ඔහු සමග කතා කරමින් ඔහුගේ කරට අත දමාගෙන ගත් පින්තූර මුද්‍රිත මාධ්‍යයේ පළ වුණා අප දුටුවා. එම හමුවේදී සරත් එන්. සිල්වා මහතා උසාවියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපතිවරයාට උපදෙස් දුන්නා විය හැකියි. ආණ්ඩුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන්නේ ඒ උපදෙස් අනුව විය නොහැකිද? උතුරු – නැගෙනහිර පළාත බෙදා වෙන් කිරීම සම්බන්ධ නඩුවේ දී සහ සුනාමි සහන මණ්ඩලය සම්බන්ධ නඩුවේ දී එවකට අගවිනිසුරුවරයා ලෙස සිටි සරත් එන්. සිල්වා මහතා උසාවිය පාවිච්චි කරමින් දේශපාලන තීන්දු තීරණ දුන්නා අපට මතකයි. ඒ අනුව කේවට්ටයා නැවත රජතුමාට මේ කරුණු කාරණා සම්බන්ධයෙන් මේ හමුවේ දී උපදෙස් දුන්නා විය හැකියි.

උපුටා ගැනීම –  www.lankaenews.com

Recent Posts

Tags: , , , , ,

Leave a Comment