අපේ උරුමය රකිමු හොරෙන් sex බලමු.

Jan 16th, 2013 | By | Category: යාන් හෑලි

මේ දිනවල කරලියේ වැජඹෙන මාතෘකා අතර එකක් වනුයේ ලංකාව පිහිටුවා තිබෙන වාර්තාවක් පිළිබඳවය. එනම් google මඟින් වැඩියෙන්ම sex බලන රට බවට ලංකාව පළමු තැන හිමිකර ගැනීමයි.

මෙම සෙක්ස් බැලීම හෙවත් අනුන්ගේ සෙක්ස් හොරෙන් බැලිම පිළිබඳව ලාංකිකයාට දුරාතීතයේ පටන්ම උරුමයක් ඇත. මෙය අන්සතු කළ නොහැකි ලාංකීය අභිමානයද කියාපාන කරුණක් වන්නේය. අද google නම් ඇමරිකන් වෙබ් අඩවි හරහා එය සොයා ගැනීමට පෙර තිබූ තත්ත්වයක් බව අපි ලාංකිකයන් ලෙස අභිමානයෙන් කියනුයේ නිකමට නොවේ. අද වෙබි අඩවි තුළ තිබෙන සෙක්ස් බැලීම යනු අනුන් සෙක්ස් කිරීමක් තව අයෙකු පටිගත කර හෝ රූපරාමුකර එය පළ කරපසු බැලීමකි. නමුත් අපේ සෙක්ස් බැලීම හා අනුන්ගේ සෙක්ස් බලා ආතල් ගැනීම ගැන ජනශ්‍රැති අධ්‍යනයෙන්ද හමුවන්නකි.

වසර 2500 ක අභිමානවත් ඉතිහාසයක් ඇති අප සෙක්ස් කිරීම යනු අශෝභන වැඩකි. එය කුණු හරුපයකි. දකුණේ භාෂාවෙන් කියන්නේ නම් කුණු හප්පයකි. ඒවා අපට එතරම් කැප නැත. ඒනිසා අනුන් කරන එක බලා ආතල් ගැනීම යනු අපට ඇති ඓතිහාසික උරුමයකි. අපගේ සභ්‍යත්වය හා සිංහලයාගේ ගති ලක්ෂණ පෙන්නුම් කිරීමට අප සෑමවිටම උදාහරණ ලෙස ගන්නේ ජනශ්‍රැතිය හා ජන කවියයි. එම නිසා මේ පිළිබඳවද ජනකවියකින් අපි පැහැදිලි කරන්නෙමු. තම අසල්වාසීයාගේ නිවසේ යුවල ලිංගිකව එක්වී කම්සැප විදින විට එය එබිකම්කර බලා ඒ පිළබඳව ශෘංගාර රසකින් ඉදිරිපත් කරන්නේ මෙලෙසය.

අහස පලාගෙන යන්නේ පරෙයියා
පොළව පලාගෙන යන්නේ මොරෙයියා
අල්ලපු ගෙදර ජසයා සහ ජොරයියා
තකත තකත තක දොමිකිත හෝයියා

පසුගිය දිනවල ලංකාවේ සමාජ විද්‍යාඥයන් යැයි කියාගන්නා පිරිස් ගූගල් සෙක්ස් ගැන විවිධ විග්‍රහ ඉදිරිපත් කරනු අපට දක්නට ලැබුණකි. ඔවුන් පත්තරවල පිටු ගණන් පුරවා තිබුණේ අපේ සමාජය නරක අතට පරිවර්තනය වී ඇත යන්නත් මෙය ලෝකයා හමුවේ රටේ නමට කැළලක් බවත්ය. ඒ අතර සමහර අය කීවේ මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් විසින් කීර්ති නාමය විනාශ කිරීම සඳහා කරන ලද්දක් බවත්ය. මේ නිසා අපේ අභිමානයට, සංස්කෘතික උරුමයට බලවත් අපකීර්තිමත් තත්ත්වයක් උදාකරන බවය. නමුත් මෙය සංකේතාත්මක අන්තර් ක්‍රියාවක් ලෙස මෙය සමාජ විද්‍යාත්මකව අර්ථ ගැන්විය හැකි ජන කවියකි.

මේ නිසා අප කියන්නේ අපේ උරුමය ආරක්ෂා කරන්නට නම්, ප්‍රෞඩ අභිමානය රකින්නට නම් තව තවත් අනුන්ගේ සෙක්ස් හොරෙන් බැලිය යුතුය. එවිට අභිමානනීය මුතුන් මිත්තන්ගේ ගෞරවයද රකින්නට අපට හැකි බවයි.

Recent Posts

Tags: , , , ,

One Comment to “අපේ උරුමය රකිමු හොරෙන් sex බලමු.”

  1. nihal gunathilake says:

    ea witharak nowene kirikada redda eala madusamayenpasu lea eathi redda neadea senahurama balanneth eakane

    #

Leave a Comment