ආණ්ඩුව අපි හැමෝම කුමන්ත්‍රණකාරයෝ කරලා

Feb 10th, 2013 | By | Category: දේශපාලන

මාධ්‍ය සංවිධාන එකමුතුව සහ මාධ්‍ය මර්දනයට එරෙහි ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ‘කළු ජනවාරිය’ උද්ඝෝෂණය ජනවාරි මස 30 වනදා සවස දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධානවලද දායකත්වයෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී පවත්වන ලදී. ඉන් අනතුරුව කොළඹ මහජන පුස්තකාල ශාලාව වෙත පෙළපාළියකින් පැමිණි උද්ඝෝෂකයෝ එහිදී විරෝධතා රැස්වීමක්ද පැවැත්වූහ.

එම රැස්වීම අමතා නීතිඥ එකමුතුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා,අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සමන්මලී ගුණසිංහ, සිවිල් සංවිධාන වෙනුවෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමග සංවිධායකයන් වෙනුවෙන් ධර්මසිරි ලංකාපේලි, සුනිල් ජයසේකර, චන්දන සිරිමල්වත්ත අදහස් දැක්වූහ.

එම රැස්වීමේදී නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් කථා කළ කථාව ඇතුළත් වීඩියෝ පටය මෙහි පළවේ. අනුග්‍රහය විකල්ප වෙබ් අඩවියෙනි.(www.vikalpa.org)


Recent Posts

Tags: , , , , ,

Leave a Comment