මෙසලිනා’ මිලට ගැනීමට ක්‍රොස් සැරසෙයි – 5 වන කොටස

Feb 18th, 2013 | By | Category: FICTION, ඇතීනා, පරිවර්තන

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද 05 කොටස

මෙතෙක් කතාව

රූමත් නවක නිළියක් වන ඇතීනා ඇක්විටේන් හට තම නවතම චිත්‍රපටියේ ප්‍රධාන නිළි චරිතය ලබාදීමට සුපිරි නළු ස්ටීවන් ස්ටෝලිංග් සැරසෙයි. නමුත් එම අවස්ථාව වෙනුවෙන් ඇය ස්ටීවන්ට ආදරය කළ යුතුය. අකමැත්තෙන් වුවද මෙම යෝජනාවට කැමති වෙන ඇතීනා තම ප්‍රථම චිත්‍රපටියෙන්ම සාර්ථකත්වයක් ලබයි. මීළඟ අවුරුදු පහ තුළ ඇය ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නගින අතර ස්ටීවන් ජනප්‍රියත්වයෙන් පහතට වැටෙයි. ක්‍රමයෙන් ඇය හා ස්ටීවන් අතර සම්බන්ධයද අවසන් වී යයි. අවසානයේදී වසරේ හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලබන ඇය එම සම්මාන රාත්‍රියේදී ඇය නොසිතූ විරූ ලෙස ඇගේ හිටපු සැමියා වූ බොස් ස්කැනට්ගේ ප්‍රහාරයකට ලක්වේ. ඉන් කිසිදු හානියක් සිදු නොවූවද තමාගේ ජීවිතයට ඔහුගෙන් ඇති තර්ජනය වටහා ගන්නා ඇතීනා චිත්‍රපට ලෝකයෙන් සමුගැනීමට තීරණය කරයි. මෙම තීරණයෙන් මෙගා බජට් චිත්‍රපටයක් වන මෙසලිනා චිත්‍රපටය සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇතැයි කලබල වන චිත්‍රපටියේ තිර නාටක රචිකාවිය ක්ලෝඩියා ඇතීනාගේ තීරණය වෙනස් කරන ලෙස ආයාචනා කරයි. අවසානයේ ක්ලෝඩියා තම කඩවසම් සොහොයුරා වන ක්‍රොස් ඩි ලේනාගේ පිහිට පතයි.

ඉතාලි සම්භවයක් සහිත ඇමෙරිකානු නවකථාකරුවෙක් වන මාරියෝ ෆූසෝ ගේ නවකථා සංගීත කර්මාන්තය, හොලිවුඩ් සිනමාව, පොලීසිය, දේශපාලනය සහ රහස් ඔත්තු සේවා යන ක්ෂේත්‍රවල අපි නොදන්න පාතාල ලෝකය ගැන තිත්ත ඇත්ත හෙළිදරව් කරයි. වෙන විදියකට කිව්වොත් ඔහු තමන් පවා යෙදී සිටින කර්මාන්තය ගැන ද කතා කරමින් එහි රහස් පවා හෙළි කරනවා.

ක්ලෝඩියා, ක්‍රොස් ඩි ලේනා සහ ස්කිපි ඩියරි සමඟ ලොස් ඇන්ජලීස් වෙත නැවත පියාසර කොට ඇතීනා මුණ ගැසීමට මලිබු ජනපදයේ පිහිටි ඇතීනාගේ නිවසට පැමිණියාය. මලිබු ජනපදය ආරක්ෂිත නේවාසික ප්‍රදේශයකි. මුළු ජනපදයම ආරක්ෂක වැටකින් වටකොට ඇති අතර, එයට ඇතුළු විය හැක්කේ පෞද්ගලික ආරක්ෂක භටයන් විසින් පාලනය කරන මුර කපොල්ලක් තුළිනි. ඇතීනාගේ නිවසට විශේෂ ආරක්ෂාවක් යොදා තිබූ අතර, පැසිෆික් ඕෂන් ආරක්ෂක සමාගමේ අවි ගත් ආරක්ෂකයන් හය දෙනෙකු ඇගේ ආරක්ෂාව උදෙසා යෙදවීමට ලෝඩ් ස්ටෝන් චිත්‍රපට සමාගම පියවර ගෙන තිබිණි.
ඔවුන් එහි යනවිට ඇතීනා සිටියේ මහ සයුර පසුබිම් කොට ඇති තම නිවසේ දිගැති ටෙරසයෙහි ශාරීරික ව්‍යායාම්වල යෙදෙමිනි. ක්ලෝඩියා උණුසුම් ලෙස බදා වැළඳ ගත් ඇතීනා ක්‍රොස්ට අතට අත දෙමින් මෙසේ කීවාය.

“ක්ලෝඩියාගේ වැඩේ නිතරම එයාගේ හැන්ඩ්සම්, මිස්ටීරියස් බ්‍රදර් ගැන කියවන එකමයි. එයා කියනවා ඔයාට කරන්න බැරි දෙයක් නැහැලු. ආසාවෙන් හිටියේ අඳුනා ගන්න.”

ඇතීනා දුටු ක්‍රොස්ගේ හදවත මහත් ප්‍රහර්ෂයකින් පිරී ඉතිරී ගියේය. ඇතීනාගේ සුන්දරත්වය සෙලෝලයිඩ් තිරයේ දකිනවාට වඩා අතිශයින් ඉහළය. ඇය කෙරෙන් පළවන්නේ බුද්ධිමය ප්‍රභාවයකි. ඔහුට තම ගුරුවරයා වු ඇල්ෆ්‍රඩ් ග්‍රොන්වෙල්ට්ගේ වදන් සිහිවිය.
‛ලෝකෙ තියෙන ඕනෑම කරදරයකින් කෙනෙකුව බේරගන්න සල්ලි වලට පුළුවන්, හැබැයි ලස්සන ගැහැණියකගෙන් හැර.’
“ක්ලෝඩියා මට කියලා තියෙනවා ඔයා තමයි ලෝකෙ ඉන්න ලස්සනම ගැහැනිය කියලා.”
ක්‍රොස් සන්සුන්ව කීවේය.
“මගේ මොළය ගැන ක්ලෝඩියා මොනවද කිව්වේ?”
ඇතීනා ඇසුවාය. ඔවුහු මඳ වේලාවක් සතුටු සාමීචියේ යෙදුනහ.
“මේගොල්ලෝ කියනවා ඔයාට පුළුවන් කියලා මට උදව් කරන්න. මට තේරෙන්නේ නැහැ ඒ කොහොමද කියලා.”
ඇතීනා ක්‍රොස් දෙස බලා කීවාය.
ඇතීනා දෙස නොබලා සිටීමට තැත් කරමින් ක්‍රොස් පිළිතුරු දුන්නේය.
“මට සාමාන්‍යයෙන් පුළුවන් මිනිස්සු එක්ක ඩීල් දාගන්න. ඔයා ආපහු වැඩට නොයන්න එකම හේතුව ඔයාගේ හස්බන්ඩ් නම් මට පුළුවන් වෙයි එයා එක්ක කතා කරලා ඩීල් එකක් දාගන්න.”
“මම නම් විශ්වාස කරන්නේ නැහැ බොස් ඩීල් එකක් දැම්මට ඒක පිළිපදියි කියලා. අනෙක ස්ටුඩියෝ එකත් බොස් එක්ක ඩීල් එකක් දාගන්න කතා කළානේ.” ඇතීනා කීවාය.
මෙහිදී නිෂ්පාදක ස්කිපි ඩියරි මැදිහත් විය.
“ඇතීනා මම සහතික කරලා කියන්නම් ඔයා කිසිදේකට බය වෙන්න ඕන නැහැ.”
“ස්කිපිට පිළිගන්න බැහැ මම ෆිල්ම් වලින් අයින් වෙනවා කියන එක. මටත් ස්කිපිට වගේම එක කාලෙකදී ෆිල්ම් වැදගත් වුණා තමයි. ඒත් මම දන්නවා බොස් ගැන. මම අතුරුදහන් වෙන්න ඕන. ඊට පස්සේ මට පුළුවන් අළුත්ම ජීවිතයක් පටන් ගන්න.” ඇතීනා කීවාය.
“මට ඔය කොහේ හරි ගිය හැකි.”
“මට පුළුවන් ඔයාගේ හස්බන්ඩ් එක්ක ඇග්‍රිමන්ට් එකකට එන්න. මම වග කියන්නම් එයා ඒක පිළිපදින බවට.” ක්‍රොස් කීවේය.
“ඔයාලා දන්නෙ නැහැ බොස් ගැන. ඒත් මම දන්නවා.”
ඇතීනා කීවේ තම ව්‍යායාම දිගටම කරගෙන යන අතරය.
“ඔයා ආපහු ෆිල්ම් එකේ වැඩට නොයන්න එකම හේතුව බොස් ද?” ක්‍රොස් විමසීය.
“ඔව්, එයා කොහොම හරි මාව හොයා ගනීවි. ඔයාලට පුළුවන් ෆිල්ම් එක හදලා ඉවර වෙනකල් මාව ආරක්ෂා කරන්න. ඊට පස්සේ මොකද වෙන්නෙ?”
“මම කවදාවත් ඩීල් එකක් දාන්න ගිහින් ෆේල් වෙලා නැහැ. එයා ඉල්ලන ඕන දෙයක් දීලා ඩීල් එකක් දාගන්න මට පුළුවන්.” ක්‍රොස් කීය.
තම ව්‍යායාම නැවැත්වූ ඇතීනා ප්‍රථම වතාවට ක්‍රොස්ගේ නෙතු සඟල වෙත කෙළින්ම බලා මෙසේ කීවාය.
“මම කිසිදවසක විශ්වාස කරන්නෙ නැහැ බොස් එක්ක දාගන්න ඩීල් ගැන”
“සොරි මම ඔයාගෙ කාලය නාස්ති කළා එහෙනම්.” ක්‍රොස් කීය.
“නෑ නෑ ඔයාට ගොඩක් ස්තූතියි උත්සාහ කළාට. අර ෆිල්ම්වල වගේ බය නැහැ වගේ පෙන්නන්න හැදුවට මම පණ බයේ ඉන්නෙ. ඒක නෙමෙයි ක්ලෝඩියයි ස්කිපියි දෙන්නම නිතර කියනවා ඔයාගේ හොටෙල් එකේ තියෙන ෆේමස් විලාස් ගැන. මම වේගාස්වලට ආවොත් ඔයා මට විලා එකක් දෙනවද හැංගෙන්ඩ?”
ඇතීනා ඇසුවේ සිනමා තාරකාවක් වශයෙන් ක්‍රොස් කෙරෙහි තමා සතු බලය ක්ලෝඩියාටත් ස්කිපිටත් පෙන්වනු පිරෑණිසමය. ක්‍රොස් එකවරම එයට එකඟ වනු ඇතැයි ඇය අපේක්ෂා කළාය.
ක්‍රොස් ඇය දෙස බලා සිනාසී මෙසේ කීවේය.
“විලාස් නම් නිතරම වගේ රිසර්ව් වෙලා තියෙන්නේ”
මොහොතක් නැවතුනු ඔහු අන් සියලුදෙනා මවිතයට පත් කරවන තරම් සීරියස් බවකින් යුතුව මෙසේ කීය.
“ඒත්, ඔයා වේගාස්වලට ආවොත් මම කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ ඔයාට කරදරයක් කරන්න. ඒක සහතිකයි.”
“කාටවත් බැහැ බොස්ව නවත්වන්න. එයා පොලීසියටවත් නීතියටවත් බය නැහැ. කරන්න ඕන දෙයක් එළි පිටම කරයි හැමදෙනාටම පේන්න.”
ඇතීනා කෙළින්ම ක්‍රොස්ට කීවාය.
ඇතීනාගෙන් සමුගත් තිදෙනා මලිබු ජනපදයෙන් පිටත්ව දිවා ආහාරය සඳහා බෙවර්ලි හිල්ස් හි ආපන ශාලාවක් වෙත ගියහ. මුළු කාලය තුළම ක්‍රොස් දැඩි කල්පනාවක නිමග්නව සිටියේය. තමා මෙතෙක් කලක් පුල පුලා බලා සිටි අවස්ථාව මෙය බව ඔහු කල්පනා කළේය. එය භයානක සිහිනයකි. එහෙත් එය සාර්ථක වුවහොත් තමාට අන්තිමේදී ක්ලරි කුසියෝ පාතාල කල්ලියෙන් ගැලවී යාමට අවස්ථාවක් උදාවන බව ඔහු විශ්වාස කළේය.
“ස්කිපි, මම කැමතියි ඔයාටයි ස්ටුඩියෝ එකටයි බිස්නස් ප්‍රොපොසිෂන් එකක් ඉදිරිපත් කරන්න. මම මෙසලිනා ෆිල්ම් එක සල්ලිවලට ගන්නම්. ඔයාලා දාපු ෆිෆ්ටි මිලියන් මම ඔයාලට ගෙවන්නම්. මම ඉතුරු සල්ලි දාලා ෆිල්ම් එක කරන්නම්. අපි ඩිස්ට්‍රිබියුෂන් භාර දෙමු ස්ටුඩියෝ එකට” ක්‍රොස් කීය.
“මොනවා, ඔයා ළඟ හන්ඩ්‍රඩ් මිලියන් තියෙනවද?”
ස්කිපිත් ක්ලෝඩියාත් දෙදෙනාම විශ්මයට පත්ව ඇසූහ.
“මම දන්නවා සල්ලි හොයන හැටි.”
“ඒත් ඔයාට බැහැනේ ඇතීනාව ආපහු ගන්න. ඇතීනා නැතිව ෆිල්ම් එකක් නැහැ.”
“මම ඉස්සෙල්ලම කිව්වනෙ මට පුළුවන් කියලා මිනිස්සුන්ව නම්ම ගන්න. ඔයා මට එලායි මාරියන් එක්ක මීටින් එකක් අරගෙන දෙනවද?”
“හරි. හැබැයි ෆිල්ම් එකේ ප්‍රොඩියුසර් හැටියට මාව තියාගන්න ඕනි හරිද?”
ස්කිපි කීය ∎

ඊළග කොටස බලන්න

පෙර කොටස බැලීමට

 

Recent Posts

Tags: , , , ,

Leave a Comment