දහ අට එපා – දහ හත ඕනෑ මහා උද්ඝෝෂණයක් කොළඹින් ඇරඹේ

Sep 10th, 2011 | By | Category: මුල් පිටුව

දහ අට එපා – දහ හත ඕනෑ මහා උද්ඝෝෂණයක් කොළඹින් ඇරඹේ
ඒකාධිපති දහ අට වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන ලෙසත්, දහ හත් වෙනි සංශෝධනය මගින් ගොඩනගා තිබූ පොලිස්, මැතිවරණ, මානව හිමිකම් ඇතුළු ස්වාධීන කොමිසන් සභා යළි පිහිටුවන ලෙසත් ඉල්ලා ඒකාබද්ධ උද්ඝෝෂණයක් දහ අට සංශෝධනය සම්මත කරගෙන වසරක් ගත වෙන සැප්තැම්බර් 8 වනදා ආරම්භ කොට රට පුරා ගෙන යාමට ‛නිදහසේ වේදිකාව’ සංවිධානය සූදානම් වේ.

මේ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජ සංවිධානවලට ආරාධනා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ‛නිදහසේ වේදිකාව’ සම කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ‛සමබිම’ට පැවසීය.
රටේ පොදුවේ සිදුවන ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම්වලට විරෝධය පාන අතරම, ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලෙස බලය බෙදා හැරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස ද, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම කඩිනම් කරන ලෙස ද, මානව හිමිකම් කඩවීම් පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස ද ආණ්ඩුවට බල කිරීමට කටයුතු කළ යුතු බව මේ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

Recent Posts

Leave a Comment


Hit Counter provided by Curio cabinets
Close

Social Widget powered by Conseils-relationnel.com.