මේක හරි සිම්පල් ප්ලෑන් එකක්

Jun 3rd, 2013 | By | Category: OTHER NEWS, යාන් හෑලි

“මේ නඩුව පැරදුණොත් නම් මම ඉවරෙටම ඉවරයි”
කෝටි පහක වන්දි ඉල්ලා තමාට විරුද්ධව පවරා ඇති නඩුව ගැන සඳහන් කරමින් විත්තිකරු තම නීතිඥයාට කීය.
“දැන් ඉතින් කේස් එක තියෙන්නෙ නඩුකාරතුමාගේ අතේ තමයි.”
නීතිඥයා පිළිතුරු දුන්නේය.
“ඇත්තම කියනව නම් මේ නඩුව අපට සෑහෙන්න අවාසියි.”
“මම නඩුකාරතුමාට විස්කි බෝතල් දුසිමක පෙට්ටියක් යැව්වොත් තෑග්ගක් හැටියට ඒකෙන් වැඩක් වෙයිද?” විත්තිකරු ඇසීය.
“තමුසෙ පිස්සු කතා කරනවද? මේ නඩුකාරතුමා හරිම සාධාරණ මනුස්සයෙක්. ඒ වගේ තෑග්ගක් යැව්වොත් එතුමා තමුසෙ ගැන සෑහෙන්න අගතිගාමී වෙයි. සමහරවිට උසාවියට අපහාස කළා කියලා දඬුවම් කරන්නත් පුළුවන්. නඩුකාරතුමා එක්ක තමුසෙ අඩු ගාණෙ හිනා වෙන්නවත් ට්‍රයි කරන්න එපා.”
නඩු දිනය එළැඹුණි. නඩුවෙන් විත්තිකරු නිදහස් කරමින් විනිසුරුවරයා තම තීන්දුව ලබා දුනි. විත්තිකරු උසාවියෙන් පිටවන අතර තම නීතිඥයාට මෙසේ කීවේය.
“බොහොම ස්තූතියි එදා අර විස්කි බෝතල් තෑගි දෙන්න හදපු වෙලාවෙ මට කතන්දරේ පැහැදිලි කරලා දුන්නට.”
“එදා නඩුකාරතුමාට විස්කි බෝතල් යැව්ව නම් ෂුවර් එකටම අද නඩුව තමුසෙ පරදින්න තිබුණා.” නීතිඥයා කීවේය.
“ඒ වුණාට මම විස්කි බෝතල් පෙට්ටිය යැව්වා.” විත්තිකරු කිව්වා.
“මොනව, තමුසෙ යැව්වා?”
“ඔව්, ඒක තමයි මම නඩුව දිනුවෙ.”
“මට නම් කිසිදෙයක් තේරෙන්නෙ නැහැ.” නීතිඥයා අන්දොස් විය.
“හරිම සිම්පල්. මම ලාභෙටම ගන්න පුළුවන් විස්කි බෝතල් දුසිමක් පෙට්ටියක දාලා නඩුකාරතුමාට යැව්වා. ඒ එක්කම පැමිණිලිකාරයගේ බිස්නස් කාඩ් එකක් යැව්වා.” ∎

ft5

 

Recent Posts

Tags: , , ,

Leave a Comment