ඔයාගෙ මහත්තයා මේසය යට!

Aug 17th, 2013 | By | Category: OTHER NEWS, යාන් හෑලි

ඔන්න එක මහත්තයෙක් හරිම සුන්දර නෝනා කෙනෙක් එක්ක රාත්‍රී ආහාර ගන්න ඉස්තරම්ම රෙස්ටුරන්ට් එකකට ආවා. ඔවුන් වාඩි වුණු මේසයට සංග්‍රහ කළේ වේටර්වරියක්. මේ වේටර්වරිය මේ ජෝඩුව හිටපු මේසෙට තරමක් දුරින් තිබුණු වෙනත් මේසෙක හිටපු සේවාදායකයින්ගේ ඇණැවුමක් භාරගන්න ගමන් එක පාරටම අමුතු දර්ශනයක් දැකල කලබල වුණා.

අර අපි කලින් කථා කරපු ජෝඩුවෙ මහත්තයා එක පාරටම තමන් වාඩි වෙලා හිටපු ආසනයේ ඉදිරියට හෙමින් හෙමින් ලිස්සල යන්න පටන් ගත්ත හැටි තමයි මේ වේටර්වරිය දැක්කෙ. ඒ වුණාට මහත්තයාගේ  මේසේ ඉස්සරහින් වාඩි වෙලා හිටපු ලස්සන නෝනට ඒ ගැන වගක්වත් නැති පාටයි. ඇය කිසිම කලබලයක් නැතිව වාඩි වෙලා ඉන්නව.වේටර්වරිය බලාගෙන ඉන්න අතරෙ ඇගේ ඇස් පනාපිටම අර මහත්තයා පුටුවෙන් ලිස්සල ගිහිල්ල ගිහිල්ල අන්තිමේදී මේසෙ යටටම ගියා. දැන් ඔහු සම්පූර්ණයෙන්ම මේස රෙද්දට වැහිලා. ඔහු ගැන කිසිම සලකුනක් වත් නැහැ. පුදුම වැඩේ කියන්නේ එතන හිටපු ලස්සන නෝනා කිසිම කලබලයක් නැතිව,මහත්තයාට වුණේ මොකක්ද කියල වගේවගක් නැතිව තමන්ගේ පාඩුවේ නිසොල්මනේ වාඩි වෙලා ඉන්න එකයි.

වේටර්වරියට දැන් පුදුම විදියේ කුතුහලයක් ඇතිවුණා මේ මොකක්ද වුණේ කියල දැනගන්න. හොරෙන්ම මෙසේ යටට රිංගපු මහත්තයා මොනවද කරන්නෙ? ඇයි මේ නෝනා ඒ ගැන කිසිම තැකීමක් නැතුව තමගෙ පාඩුවේ ඉන්නෙ? අපේ වේටර්වරියට තවත් නම් නිකං බලාගෙන ඉන්න බෑ. ඇගේ හිතේ දහසකුත් එකක් ප්‍රශ්න මැවෙනවා. මේ නෝනාගෙ ඇස් පේන්නෙ නැද්ද? එයා දන්නෙ නැද්ද තමන් එක්ක කෑම කන්න ආපු මනුස්සයා එක පාරටම අතුරුදහන්වුනා කියලා. එයාට හැඟීම් දැනීම් නැද්ද? නැත්නම් මෙතන වෙන මොනව හරි අශ්ලීල සිදුවීමක් වෙනවද? ඉවසගෙන ඉන්න බැරි තැන ඇය තනිවම නෝනා ළඟට ගිහින් විනීත ලෙස මෙහෙම කිව්වා.

“සමාවෙන්න මැඩම්, මං හිතන්නෙ ඔයාගෙ හස්බන්ඩ් මේසෙ යටට ලිස්සලා ගියා.”

“ආ, මම එයාගෙ වයිෆ් නෙවෙයි,” ලස්සන නෝනා ඉතාම සන්සුන් ලෙස පිළිතුරු දුන්නා. “එයාගෙ වයිෆ් මේ දැන් අර දොරෙන් රෙස්ටුරන්ට් එක ඇතුළට ආවා.”

ttaab

 

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment