වෙඩි කෑවා ඇති කියූ විපක්ෂයේ විරෝධයේ නායකයන් උසාවියෙන් හිරේ අරියිද?

Aug 19th, 2013 | By | Category: LEAD NEWS, නීතිය

පසුගිය අගෝස්තු 14 වනදා විපක්ෂයේ විරෝධය ප්‍රමුඛ සමගි බලවේගය විසින් යුද හමුදාවේ ප්‍රහාරයකින් සිදුවූ වැලිවේරිය ඝාතනයන්ට එරෙහිව සංවිධානය කළ ‘වෙඩි කෑවා ඇති’ විරෝධතාවය පැවැත්වීම තහනම් කරන ලෙස කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් ඉල්ලීමක් කළේය.

මෙම ඉල්ලීම කරන ලද්දේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වන වගන්තිය යටතේය. හදිසි අවස්ථාවලදී අධිකරණය විසින් තහනම් නියෝග ලබාදිය හැකි බව 106 වන වගන්තියේ කියැවෙයි. කෙසේ වුවද විපක්ෂයේ විරෝධය නායකයන් විසින් අධිකරණය විසින් නියෝග කළ තහනම් නියෝගය උල්ලංඝනය කොට ඇති බව පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කොට ඇත.

මෙයට වසර එක හමාරකට ඉහතදී 2012 ජනවාරි මාසයේදී මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ‘කළු ජනවාරිය’ නමින් උද්ඝෝෂණයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සංවිධානය කළ අවස්ථාවේදීද මෙවන් තහනම් නියෝගයක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වන වගන්තිය යටතේ ලබා ගැනීමට පොලිසිය කටයුතු කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය විසින් කොළඹදී පවත්වන ලද සම්මන්ත්‍රණයක දී එහි සම කැඳවුම්කරු අධිනීතිඥ චන්ද්‍රා කුමාරගේ මහතා විසින් පොලිසියේ එම ක්‍රියාව විවේචනය කරමින් එදා මේ පිළිබඳව අගනා කරුණු පැහැදිලි කිරීමක් කරන ලදී.

ඔහු ප්‍රකාශ කළේ සාමකාමී රැස්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම යනු මූලික අයිතිවාසිකමක් බවයි. මේ සම්බන්ධව විව්යන් ගුණවර්ධන නඩුව නමින් ප්‍රකට නඩු තීන්දුවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලි අර්ථකථනයක් ලබා දී ඇති අතර මහේස්ත්‍රාත්වරුන්ට නීති සෑදීමේ බලයක් නොමැති බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබීය.එම කථාවේ සිංහල පරිවර්තනයක් කාංචන බණ්ඩාර අතාවුද විසින් කරන ලදුව එය ‘සමබිම’ මාසික පුවත්පතේ පළ විය.

මෙතනින් සම්පූර්ණ කථාව කියවන්න

www.samabima.com/?p=4114

ee4

Recent Posts

Tags: , , , , , , , , , , , , ,

Leave a Comment